Sunday, May 24, 2015

හිරු සඳු සහ ග්‍රහයෝ

ජ්‍යොතිෂ්ශාස්ත්‍රය හැදෑරීමට හෝ ඒ පිළිබඳව වැඩිදුර විමසීමට පෙර අප වෙසෙන ග්‍රහ ලොව සහ අපේ ලෝකය සමග සම්බන්ධතා පවත්වන සෙසු ග්‍රහයන් සහ උප ග්‍රහයන් පිළිබඳව යම් වැටහීමක් ලබා තිබීම අත්‍යාවශ්‍ය කරුණකි. මන්ද, ජ්‍යොතිෂ්ශාස්ත්‍රය ගොඩ නැගී ඇත්තේ හිරු සඳු සහ ග්‍රහයන් විසින් ලෝකවාසීන්ට ඇතිකරනු ලබන බලයක් නැතහොත් ශක්තියක් හේතු කොට ගෙනය. මෙය විශ්ව ශක්තිය යනුවෙන් හැඳින්විය හැකිය.

අපි වෙසෙන ලෝකය හුදෙකලා එකක් නොවේ. පෘථිවිය ලෙස නම් කර ඇති අප ලොව හිරු සඳු සහ තවත් ග්‍රහ ලෝකයන්ගෙන් සමන්විතය. එය සෞරග්‍රහ මණ්ඩලය ලෙස හැඳින්වේ. මේ ගැන හැදෑරිමට බොහෝ කරුණු ඇති අතර එහි සීමාවන් පිළිබඳව මෙතෙක් නිශ්චිත නිගමනයන්ට නොඑළඹුනු සහ මෙතෙක් සොයා නොගත් කරුණුද බොහෝ වෙති.

ඉන් අපගේ විෂය පථයට රුකුළක් වන වැදගත් කරුණු  අළලා සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳව කෙටියෙන් සළකා බැලීම වටී.

සූර්යයා
අප සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානතම ග්‍රහ තාරකාව සූර්යයා හෙවත් හිරුය. හිරු ගිනි ගනිමින් දිලිසෙන වායු ගෝලයකි. සූර්යයා මත ඇති හයිඩ්‍රජන් පරමානු හීලියම් බවට පත්වීමේ ක්‍රියාවලිය නිසා පැරන්හයිට් අංශක දෙසීය හැත්තෑ ලක්ෂයක (270 00000) තාප ශක්තියක් පිට කරයි. තත්පරයට හතරැස් අඟලකින් පිටවන රශ්මිය අශ්ව බල 20 කට සමකල හැකි බව පැවසේ. එසේම සූර්යයාගෙන් තත්පරයකදී පිටවන සියුම් ද්‍රව්‍ය කොටස් ටොන් හතළිස් ලක්ෂයක් (40 00000 ක්) පමණ බර යැයි නවීන විද්‍යාඥයින් විසින් ගණන් බලා ඇත.
සූර්යයා පෘථිවිය මෙන් 3 30 000 කට වඩා විශාලත්වයෙන් වැඩි අතර, එහි විශ්කම්භය සැතපුම් 8 65 000 ක් පමණ වෙතැයි ගණන් බලා ඇත. සූර්යයාගේ සිට සැතපුම් නවසිය තිස් ලක්ෂයක් (930 00000 ක්) දුරින් පෘථිවිය පිහිටා ඇති අතර, හිරු රැස් පොළොවට පතිත වීමට මින්ත්තු 8 ක කාලයක් ගත වේ.

සෞරග්‍රහ මණ්ඩලයේ ඇති සියලුම ග්‍රහ වස්තුන් සූර්යයා වටා භ්‍රමණය වේ. එනම් සූර්යයාගේ ගුරුත්වයට මෙම සෙසු සියලුම ග්‍රහ වස්තූන් යටත්ය. සූර්යයා තමා වටා වේගයෙන් පරිභ්‍රමණය වෙන ගමන්ම  සිය කක්ෂය වටා යමින් තම වටය සම්පූර්ණ කිරීම සඳහා වර්ෂ 2250 00000 ක් ගත වේ. එනම්, අවුරුදු කෝටි 22 ක් ගත වේ. ඒ අනුව මේ වන විටත් සූර්යයා ඉතා වේගවත්ව පරිභ්‍රමණය වෙමින් සිය ගුරුත්වයට අවනත කරගත් අප පෘථිවිය ඇතුලු සියලුම ග්‍රහයන් සහ උප ග්‍රහයන් ද රැගෙන තත්පරයට හැතැප්ම 170 ක වේගයෙන් ක්ෂීරපථය ඔස්සේ සිය කක්ෂය වටා භ්‍රමණය වෙමින් පවතී.
චන්ද්‍රයා
චන්ද්‍රයා හෙවත් සඳු අපගේ ග්‍රහලොව වන පෘථිවියේ උප ග්‍රහයෙකි. සඳුගේ ගමන් මාර්ගය අපගේ පෘථිවිය වටාය. පෘථිවියේ ගමන් මාර්ගයට අංශක පහක ඇලයකින් චන්ද්‍ර කක්ෂය පිහිටා ඇත. හිරුගේ කිරණ සඳු මතට වැටීමෙන් සඳු දිප්තිමත්ව බබලයි. අනතුරුව හිරුගේ කිරණින් පරාවර්ථනය වන සඳුගේ කිරණ අපගේ පොළොවට පතිත වේ. ඊට තත්පර එකහමාරක කාලයක් ගත වේ.

සඳු ප්‍රමාණයෙන් පෘථිවියෙන් හතරෙන් එකක් පමණ වේ. සඳුගේ විශ්කම්භය සැතපුම් 2163 කි. (කිලෝ මිටර් 3,476). සඳු පෘථිවියෙන් සැතපුම් 240000 ක සාමාන්‍ය දුරකින් පිහිටයි. (කිලෝ මිටර් 384,400). පෘථිවියට සමීපව ගමන් කරනා විට දුර සැතපුම් 221610 ක් වන අතර පෘථිවියෙන් ඈත්ව ගමන් කරනා විට සැතපුම් 252790 කි. සඳුගේ පරිභ්‍රමණ කාලය පොළෝ දින 27.3 කි. කක්ෂ ඇලය අංශක 5.1 කි.
බුධ
ග්‍රහ වස්තූන් අතරින් කුඩාම ග්‍රහයා බුධයි. ප්‍රමාණයෙන් සඳුගෙන් භාගයක් පමණ වේ. බර පොළෝ ස්කන්ධයෙන් 0.06 ක් පමණ වේ. බුධ සූර්යයාට ආසන්නයෙන්ම ගමන් කරන ග්‍රහයා වේ. සූර්යාගේ සිට සැතපුම් 3598700 ක් සාමාන්‍ය දුරකින් පිහිටා ඇත. එනම් කිලෝ මීටර් දශලක්ෂ 57.9 කි. සූර්යයාට ආසන්න වන විට සැතපුම් 285 00000 දුරකින්ද අෑත් වන විට සැතපුම් 430 0000 දුරකින්ද ගමන් කරයි. බුධගේ විශ්කම්භය සැතපුම් 20705 කි. එනම් කිලෝ මීටර් 4878 කි. අක්ෂ ඇලය අංශක 2ක් වන අතර අක්ෂ භ්‍රමණ කාලය පොළෝ කාලයෙන් 58.65 කි. තත්පරයට කිලෝ මීටර් 47.89 ක් කක්ෂීය වේගයක් හිමි බුධ සූර්යයා වටා යාමට දින 87.97ක් ගත වේ.

බුධ චන්ද්‍රයන් නොමැත. පරිභ්‍රමණයක් නොමැති බැවින් රෑ දහවල් වීමක්ද නැත. බුධ කක්ෂය වටා යන විට හැමවිටම එක් පැත්තක් සූර්යයා දෙසට හැරී පවතින බැවින් එම පැත්ත අධික රශ්මියෙන් යුක්ත වන අතර සුර්යයාට පිටුපා ඇති අනෙක් පස අධික ශීතලකින් යුක්තය.
සිකුරු
සූර්යයාගේ සිට සැතපුම් 67245000 මධ්‍යස්ථ දුරකින් පිහිටන සිකුරු ග්‍රහයා සූර්යයාට ළංව ගමන් කරන විට සැතපුම් 66787000 ක් දුරින්ද සැතපුම් 67705000 ක් දුරින් අෑත්ව ගමන් කරයි. සාපේක්ෂව 0.86 ක් වේ. සිකුරුගේ විශ්කම්භය සැතපුම් 7600 කි. කි. එනම් කිලෝ මීටර් 12103 කි. සිකුරුගේ කක්ෂීය වේගය තත්පරයට කිලෝ මීටර් 35.03 ක් වේ. සිකුරුගේ අක්ෂ ඇලයත් බුධගේ මෙන් අංශක 2ක් වන අතර, සිකුරුගේ බර පොළොවට සූර්යයා වටා ගමන් කිරීමට දින 224.70 ක කාලයක් ගනී.

ග්‍රහ ලෝක අතරින් දීප්තිමත් ග්‍රහයා සිකුරුය. බැබලීමෙන් චන්ද්‍රයාට පමණක් දෙවෙනි වන සිකුරු එක් එක් කාලවලදී විශාලව සහ කුඩාවට පොළොවට දර්ශනය වේ. සිකුරු ප්‍රමාණයෙන් පෘථිවියේ ප්‍රමාණයට දළවශයෙන් සමානය.
පෘථිවිය
පෘථිවිය නම් අප වෙසෙන ලෝකය සූර්යයාගේ සිට සැතපුම් නවසිය තිස් ලක්ෂයක් පමණ දුරකින් පිහිටා ඇති අතර පෘථිවයේ සිය චන්ද්‍රයාට සැතපුම් දෙලක්ෂ හතළිස් දහසක් තිබෙන බව කලින් පවසා ඇත. පෘථිවියේ සමක විශ්කම්භය කිලෝ මීටර් 12756 කි. පෘථිවියේ කක්ෂීය වේගය තත්පරයට කිලෝ මීටර් 29.79 ක් වේ. පෘථිවිය අංශක 23.4 ඇල වී ඇති අතර සූර්යයා වටා ගමන් කිරීමට දින 365.26 ක කාලයක් ගනී.
අඟහරු
පෘථිවියට සූර්යයා පැත්තෙන් සිකුරු ඇති අතර අනෙක් පසින් අඟහරු සිටී. පෘථිවියට සමාන ලක්ෂණ ඇති එකම ග්‍රහයා සහ ළඟම ග්‍රහයාද අගහරුය. අඟහරුට රෑ දහවල් වීමද පැය 24 කි. අඟහරුගේ එක එක පැත්ත රතු දුඹුරු නිල් කොළ ආදී පැහැයන් ගනී.

සූර්යයාගේ සිට සැතපුම් 340 00000 ක සිට 630 00000 ක් දුරකින් සූර්යයා වටා ගමන් ගනී. පෘථිවියේ බාගයක ප්‍රමාණයෙන් පෙනෙන අඟහරුගේ සමක විශ්කම්භය කිලෝ මීටර් 6786 කි.අඟහරුගේ කක්ෂීය වේගය තත්පරයට කිලෝ මීටර් 24.13 ක් වේ. පෘථිවිය අංශක 24 ඇල වී ඇති අතර සූර්යයා වටා ගමන් කිරීමට අවුරුදු 1.88 ක කාලයක් ගනී.
බ්‍රහස්පති
සූර්යයාගේ සිට සැතපුම් 4830 00000 ක සාමානය්‍ය දුරකින් (කිලෝ මීටර් දශලක්ෂ 778.3) ඇති බ්‍රහස්පති සූර්යයාට ලංව ගමන් කරන විට සැතපුම් 4600 00000 ක දුරක්ද ඈතින් ගමන් කරන විට සැතපුම් 5060 00000 ක් පමණ වේ. සූර්යයාට පමණක් දෙවෙනි වූ විශාලත්වයකින් යුතු බ්‍රහස්පති ග්‍රහ ලොව සැතපුම් 90000 ක පමණ විශ්කම්භයකින් යුක්තය. එනම් කිලෝ මීටර් 142984 ක් පමණ විශාලය. පෘථිවිය මෙන් 1300 ක් පමණ විශාලත්වයකින් සහ පෘථිවිය මෙන් 318 ක පොළෝ ස්කන්ධයකින් (බරකින්) යුක්තය. එහෙත් අක්ෂ භ්‍රමණ කාලය ඉතා වේගවත්ය. එය පොළෝ පැය 23.93 හා සාපේක්ෂව පැය 9.92 කි.  බ්‍රහස්පතිගේ අක්ෂ ඇලය අංශක 3.1 කි. කක්ෂීය වේගය තත්පරයට කිලෝ මීටර් 13.06 ක් වන අතර සූර්යයා වටා වර්ෂ 11.86 ක් ගත කරයි.

පෘථිවිය මැදින් නැතහොත් බඳින් පිටතට නෙරා ඇති අතර එම නෙරුම සැතපුම් 26 ක් වුවත් බ්‍රහස්පතිගේ බඳෙහි නෙරුම සැතපුම් 5000 කි. ඒ අනුව බ්‍රහස්පති උසට වඩා මහත ස්වරූපයක් ගනී. අප ග්‍රහ ලෝක අතර වැඩිම පොළෝ ගුරුත්වය බ්‍රහස්පතිට හිමි වන අතර එය පෘථිවිය මෙන් දෙකහමාරකි (2.5) .  එබැවින් අවට වූ සහ පෘථිවිය කරා ඇදී එන ග්‍රහක සියල්ලම බ්‍රහස්පතී විසින් තම ගුරුත්වයේ මහිමයේ ඇද ගන්නා බැවින් පෘථිවියේ ආරක්ෂාව තහවුරු වී ඇත. පෘථිවියට ආසන්න වන විට සැතපුම් 365816000 ක සහ ඈත්වන විට සැතපුම් 601540000 දුරින් සිටිමින් අප ලොවට ආරක්ෂාව සැපයීමට තරම් බ්‍රහස්පතිගේ පොළෝ ගුරුත්වය තියුණු  සහ විශේෂිත එකකි.
සෙනසුරු
සෙනසුරු අප සෞර ග්‍රහ මණ්ඩලයේ සිටින කුණු දුහුවිලිවලින් පිරුණු එකම ග්‍රහයාය. වටේට අලංකාරත්වයකින් යුතුව දුහුවිලි වළල්ලක්ද ඇති සෙනසුරු පෙළෝ ස්කන්ධයට සාපේක්ෂව 95.2 ක් වන අතර ප්‍රමාණයෙන්, බරින් හා විශාලත්වයෙන් යුතු බ්‍රහස්පතිට පමණක් දෙවෙනි වේ. එනම් සෙනසුරුගේ සමක විශ්කම්භය සැතපුම් 76500කි. (කිලෝ මීටර් 1427 කි.) සූර්යයාට ඇති මධ්‍යස්ථ දුර කිලෝ මීටර් දශලක්ෂ 120536 කි. එනම් සැතපුම් 886779900 කි. සූර්යයාට ලංව ගමන් කරන විට සැතපුම් 837170000 වන සෙනසුරු සූර්යයාගෙන් ඈත්ව ගමන් කරන විට සැතපුම් 936388000 කි. සෙනසුරුගේ අක්ෂ භ්‍රමණ කාලය පොළෝ කාලයෙන් 10.67 කි. එනම් පෘථිවි පැය 10 යි විනාඩි 14 යි තත්පර 24 කින් සෙනසුරු තමා වටා කරකැවෙයි. ඒ අංශක 26.7 අක්ෂ ඇලයකින් යුතුවය. කක්ෂීය වේගය තත්පරයට කිලෝ මීටර් 9.64 ක වේගයකින් ගමනේ යෙදෙන සෙනසුරු සූර්යයා වටා යෑමට වසර 29.46 ක් ගත කරයි. සෙනසුරු සූර්යයාගෙන් බොහෝ ඈතින් ගමන් කරන බැවින් සීතලෙන් වෙලී සිටින දුහුවිලිවලින් පිරි තෙතමනය අඩු ග්‍රහයෙකි.

 සටහන…..
ජ්‍යොතිෂ්ශාස්ත්‍රය යන අප විෂය පථය හැදෑරිමට තරම් වූ ප්‍රමාණවත් තොරතුරු  සහිතව අපි අපේ සෞරග්‍රහ මණ්ඩලය ගැන විමසා බැලුවෙමු. මෙමගින් ඔබට තහවුරු වූ කරුණු අතර මේවාද වේ.

හිරු සඳු ඇතුලු සියලුම ග්‍රහ වස්තූන් එක්තරා ක්‍රමයකට නැතහොත් රිද්මයකට අනුව විවිධ වූ කක්ෂයන් ඔස්සේ චලනය වේ. මෙම ග්‍රහ වස්තූන් මත සූර්යයාට කෝණගත වන අයුරින් සූර්යයාගේ කිරණ පතිතවන අතර ඒවා පෙරළා පරාවර්ථනය වේ. මෙවන් පරාවර්තිත කිරන අප පෘථිවියේ ඇති සෑම සජීවී සහ අජීවී වස්තුන් මත පතිත වී කිසියම් බලපෑමක් ඇති කරනු ලබයි.

එසේම විවිධ ප්‍රමාණයේ සහ ගුණයෙන් යුතු වූ ග්‍රහ වස්තු විවිධ වේගයකින් කරකැවෙමින් ගමන් කරනා විට ඉන් මුදාහරින ශක්තිය සුළුපටු නොවන බවත්, මේ සෞරග්‍රහ මණ්ඩලයේ ඉතා සුළු ප්‍රමාණයක් හිමිව ඇති අපේ ලොව වෙසෙන ජීවීන්ට සහ වස්තූන්ටත් ඒවායෙහි බලපෑම්වලට හසු නොවී සිටීමට නොහැකි බවත්ය.
මතු පිටින් නොපෙනුනත් ආකර්ශනය, විකර්ශනය, තරංග ක්‍රියාකාරීත්වය, වේගවත්ව චලනය වන වස්තූන් විසින් උපදවන ලද ශක්තිය ආදී මෙතෙක් විද්‍යාවෙන් සොයාගත් දේට වඩා වැඩි යමක් සොයා නොගත් දේවල් අතර තිබිය හැකිය යන්නයි.

එබැවින් නොදන්නා දෙයක් පිළිබඳව කිසියම් සොයා බැලීමකට හෝ අධ්‍යයනයට නොගොස් නොදන්නාකමින් හෝ ද්වේශයෙන් යුතුව හෙළාදකිනවාට වඩා කළයුතු දේ කුමක්දැයි සිතා බැලීම ඔබට භාරයි.

0 comments :

Post a Comment

Labels

2015 accurate horoscope analyze aquarius Aquarius monthly horoscope Aries astrology astrology news birth horoscope Cancer Capricorn Capricorn Jupiter transit daily-horoscope December false Future horoscope Gemini Gemini monthly- horoscope history horoscope horoscope yourself July 2015 jupite jupiter jupiter in leo jupiter transit Jupiter transit for you jupiter transit in leo lagna palapla Leo libra Libra monthly horoscope monthly monthly horoscope monthly horoscope 2015 monthly- horoscope moon October October 2015 personalized horoscope Pisces Pisces monthly horoscope planets Sagittarius Sagittarius monthly horoscope Scorpio solar system sun Sun - Jupiter exchange sun and mars conjunction sun mars conjunction horoscope Taurus Taurus monthly horoscope transit transit Horoscope true ubhayachari yoga virgo Virgo monthly horoscope your අනාගත ලග්න පලාපල ඉර උභයචාරී යෝග ඔක්තෝබර් ඔක්තෝබර් 2015 ඔබට කොහොමද ඔබම බලාගන්න ඔබේ පලාපල ඔබේ ලග්නයට කටක ලග්න පලාපල - ඔක්තෝබර් 2015 කටක ලග්න පලාපල - ජූලි 2015 කටක ලග්නය කන්‍යා ලග්න පලාපල කුම්භ ලග්න පලාපල කුම්භ ලග්නය ගුරු මාරුව ගුරු මාරුව ඔබේ ලග්නයට ගුරු මාරුව ඔබේ ලග්නයට - කන්‍යා ලග්නය ගෝචර පලාපල ජන්ම පත්‍රය ජන්ම පලාපල ජූලි 2015 ජූලි මාසයට තුලා ලග්න පලාපල තුලා ලග්නය දවසේ ලග්න පලාපල දෙසැම්බර් ධනු ලග්න පලාපල ධනු ලග්නය නිවැරදි පලාපල පලාපල විස්තර පෞද්ගලික ලග්න පලාපල මකර ලග්න පලාපල මකර ලග්නය මිථුන ලග්න පලාපල මිථුන ලග්නය මීන මීන ලග්න පලාපල මීන ලග්නය මේෂ ලග්නය යෝග රවි - ගුරු පරිවර්ථනය රවි කුජ සංයෝගය රවි ගුරු පරිවර්ථනය ලග්න ලග්න පලාපල වාර්ෂික ලග්න පලාපල වෘශ්චික ලග්න පලාපල වෘශ්චික ලග්නය වෘෂභ ලග්න පලාපල වෙශී වොශී සිංහ සිංහ ලග්න පලාපල සිංහ ලග්නය හඳ