.

ඔබට අවශ්‍ය වේලාවක සේවාවන් සක්‍රීය කර ගැනීම සඳහා ඔබේ පලාපල ගිණුමට ටොප් අප් කරන මුදලට දෙගුණයක වටිනාකමක්! මෙම දීමනාව සීමිත කාලයකට පමණයි.

...

2015 ඔක්තෝබර් ඔබේ ලග්නයට කොහොමද?

පවතින ග්‍රහචාරය අනුව 2015 ඔක්තෝබර් මාසය ලග්න රැසකට වාසි රැසක් උදාකර දෙයි. විශේෂයෙන්ම ජීවිතයේ අමතක නොවන සිහිවටන එක් කිරීමට සමත් වෙයි. ඒ අනුව මෙම වසරේ ඔක්තෝම්බරය එක් එක් ලග්නයට බලපාන්නේ කෙසේද යන්න බලමු.

ගුරු මාරුව ඔබේ ලග්නයට කෙසේද?

රවි හිමි සිංහ රාශිය ගුරුට මිත්‍ර රාශියකි. එබැවින් මෙම ග්‍රහ මාරුව බොහෝ දෙනෙකුට සුබඵල ගෙන දීමට සමත්ය.

නිවැරදි ජ්‍යොතිෂය වෙනුවෙන් ඔබේ දායකත්වය

මෙම ලිපිය කියවන ඔබ ‍‍ ජ්‍යොතිෂ පළිබඳ විශ්වාස කරන, නොකරන ‍හෝ මධ්‍යස්ථ මත දරන්නනෙක් විය හැක. තවත් සමහර විටක ඔබේ ජන්ම පත්‍රය ජ්‍යොතිෂඥයෙකු ලවා විග්‍රහ කර නොගත් අයෙක් විය හැක. ...

මේ වසරේ සිදු වෙන සුවිශේෂී ග්‍රහ මාරුව

ග්‍රහ මණ්ඩලයේ බලවත්ම සුභ ග්‍රහයා වන බ්‍රහස්පති හෙවත් ගුරු රවි හිමි සිංහ රාශිගත වීම මේ වසරේ සිදු වෙන සුවිශේෂී ග්‍රහ මාරුවයි.

Showing posts with label planets. Show all posts
Showing posts with label planets. Show all posts

Friday, May 24, 2019

හිරු පොළොව වටා යන ගමන ඇරඹුන දා


අප සෞරග්‍රහ මණ්ඩලයේ ඇති සියලුම ග්‍රහයන් සූර්යයා වටා ගමන් කරන බව ඔබට නොරහසකි. එම ග්‍රහ වස්තූන් විවිධ ප්‍රමාණයෙන් සහ විවිධ ගුණාංගයෙන්ද යුක්තයි. එපමණක් නොව විවිධ වූ කක්ෂීය වේගයකින්ද සමන්විතයි.

මෙසේ වේගවත්ව බ්‍රමනය වන ග්‍රහ වස්තූන්ගේ චලිතයන්ගෙන් විවිධ වූ ශක්තීන් ජනිත වන අතර ඒවා නිරන්තරව විශ්වයට මුදා හරි. එවිට ඒවා පෘථිවිය හෙවත් පොළොවටත් එහි වෙසෙන අපටත් බලපානු ලබයි.
සෞරග්‍රහ මන්ඩලය ගැන මීට පෙර ලිපියෙන් කරුණු දැනගත හැකි අතර හිරු වටා ග්‍රහයන් ගමන් කරන අයුරු මෙහි පළමුවෙනි රූපය මගින් දැක්වේ. (රූප සටහන් විශාලනය කර බැලීමට ඒ මතට ක්ලික් කරන්න.)

නමුත් ජ්‍යොතිෂ්ශ්‍රාස්ත්‍රයේදී හිරු වටා පෘථිවිය ගමන් කරනවා වෙනුවට පොළොව වටා හිරු ඇතුලු ග්‍රහයන් ගමන් කරන අයුරින් සැළකේ. පොළොව මත උපදින සහ ජීවත්වන මිනිසාට ග්‍රහ වස්තූන්ගෙන් නික්මෙන තරංග සහ ශක්තීන්ගෙන් ඇති වෙන බලපෑම් නිශ්චය කර ගැනීම ජ්‍යොතිෂ්ශ්‍රාස්ත්‍රයේ කාර්යභාර්යය වේ.
එම හේතුවෙන් ජ්‍යොතිෂ්ශ්‍රාස්ත්‍රයේදී කේන්ද්‍රය ලෙස ගණන් ගැනෙන්නේ පොළොවයි. එබැවින් පෘථිවිය මධ්‍ය ලක්ෂය කරගෙන ඊට සාපේක්ෂව ග්‍රහ ගමන ජ්‍යොතිෂ්ශ්‍රාස්ත්‍රයේදී නිර්මාණය කරගනු ලබයි. එවිට හිරු ඇතුලු ග්‍රහයන් පොළොව වටා ගමන් කරන අයුරින් දර්ශනය වේ. මෙහි ඉදිරිපත් කර ඇති දෙවැනි රූපයේ ඇති සටහන් දෙක ඊට උදාහරණයකි.

මෙම රූප සටහන්වල පෘථිවිය කේන්ද්‍ර කර ගෙන සරල රේඛා මගින් කොටස් එය කොටස් දොළහකට බෙදා ඇති අතර ඒවා රාශී ලෙස නම් කර ඇත. (ඒ ගැන විස්තර ඉදිරි ලිපියකින් විස්තර කරනු ඇත.) ඊට අමතරව හිරු වටා ග්‍රහයන් අයුරු දැක්වෙන ගමන් මාර්ග වෘත්ත මගින් දැක්වේ. මෙහි හිරුට ආසන්නව ගමන් මාර්ගය බුද ග්‍රහයාගේ කක්ෂයයි. දෙවැන්න සිකුරුගේ වන අතර තුන්වැන්න පෘථිවියේ ගමන් මගයි. මේ අනුව පෘථීවියට ඇතුලතින් සිකුරුගේ සහ බුදගේ ගමන් මාර්ග ඇති බව ඔපට වටහා ගත හැකියි. එසේම පෘථිවියට පිටින් අඟහරු, බ්‍රහස්පති සහ සෙනසුරු ගමන් කරන අයුරු ඔබට පැහැදිලි වෙනවා ඇති. එසේනම් පෘථිවිය කේන්ද්‍ර කර ගෙන හිරු ග්‍රහයන් ගමන් කරන සේ සැළකුවහොත් හැමවිටම හිරුට ආසන්නයේ බුද සහ සිකුරු පිහිටන අතර සෙසු ග්‍රහයන් පෘථිවියෙන් ඕනෑම දිසාවක සිටිය හැකියි.

එපමනක් නොව බුද ග්‍රහයාත් සූර්යයා අතරත් දුර ප්‍රමාණය අංශක 28කි.  එබැවින් බුදට හිරුගෙන් අංශක 28 කට වඩා ඈත්විය නොහැක. එසේම සිකුරු ගමන් කරන්නේ අංශක 48 ක දුරකිනි. එබැවින් සිකුරුටද හිරුගෙන් අංශක 48 කට වඩා ඈත්විය නොහැක. මේ අනුව බුදත් සිකුරුත් අතර තිබිය හැකි උපරිම දුර ප්‍රමාණය අංශක 76 කි. එසේ වන්නේ බුදත් සිකුරුත් හිරුගෙන් දෙපැත්තේ පිහිටන විටදීය.

මේ අනුව පෘථිවිය කේන්ද්‍ර කොට ඇති රාශීන් අතරදී බුද හිරුගේ රාශියේ හෝ ඊට ආසන්න රාශියේ සිටිය හැක. බුදට කිසිවිටෙකත් තුන්වන රාශියට පිවිසිය නොහැක. එසේම සිකුරුට හිරුගෙන් හතරවන රාශියේ සිටිය නොහැක. සිකුරුගේ ගමන් මග අනුව හිරු සිටින රාශියේ හෝ හිරුගෙන් දෙවැන්නේ හෝ තෙවැන්නේ පමණක් සිටිය හැකි බව දැන් ඔබට පැහැදිලි වනවා ඇත.

ජ්‍යොතිෂ්ශ්‍රාස්ත්‍රයට අනුව හිරු සහ පෘථිවිය වටා ගමන් කරන චන්ද්‍රයා ෙහවත් සඳු ද ග්‍රහයෙක් ලෙස සළකනු ලබයි.

එමනිසා ජ්‍යොතිෂ්ශ්‍රාස්ත්‍රයට අනුව සාදන ලද ඕනෑම කේන්ද්‍ර පිටපතක හිරු, බුද සහ සිකුරු යන ග්‍රහයන් ත්‍රිත්වය හැමවිටම එකට සිටින අයුරුත් සඳු, අඟහරු, බ්‍රහස්පති සහ සෙනසුරු කේන්ද්‍ර යේ විවිධ රාශින්වල සිටින අයුරුත් ඔබට දැකගත හැකිය. එසේම සමහර කේන්ද්‍ර සටහන්වල පසුව සොයා ගන්නා ලද යුරේනස් නැප්චූන් සහ ප්ලූටෝද දැකගත හැක. (මේ වන විට ප්ලූටෝ ග්‍රහයන්ගේ ලැයිස්තුවෙන් ඉවත් කර වාමන ග්‍රහයෙකු ලෙස නම්කර ඇත)

මෙම ග්‍රහයන්ට අමතරව අප සෞරග්‍රහ මණ්ඩලයේ දැකගත නොහැකි තවත් ග්‍රහයන් දෙදෙනෙක් කේන්ද්‍ර සටහන්වලදී ඔබට දැකගත හැක. ඒ රාහු සහ කේතු යි. මෙලෙස ජ්‍යොතිෂයේදී පමණක් රාහු සහ කේතු නම් කර ඇති මෙම ග්‍රහයන් කවුරුන්ද?

හිරු සඳු සහ ග්‍රහයෝ

ජ්‍යොතිෂ්ශාස්ත්‍රය හැදෑරීමට හෝ ඒ පිළිබඳව වැඩිදුර විමසීමට පෙර අප වෙසෙන ග්‍රහ ලොව සහ අපේ ලෝකය සමග සම්බන්ධතා පවත්වන සෙසු ග්‍රහයන් සහ උප ග්‍රහයන් පිළිබඳව යම් වැටහීමක් ලබා තිබීම අත්‍යාවශ්‍ය කරුණකි. මන්ද, ජ්‍යොතිෂ්ශාස්ත්‍රය ගොඩ නැගී ඇත්තේ හිරු සඳු සහ ග්‍රහයන් විසින් ලෝකවාසීන්ට ඇතිකරනු ලබන බලයක් නැතහොත් ශක්තියක් හේතු කොට ගෙනය. මෙය විශ්ව ශක්තිය යනුවෙන් හැඳින්විය හැකිය.

අපි වෙසෙන ලෝකය හුදෙකලා එකක් නොවේ. පෘථිවිය ලෙස නම් කර ඇති අප ලොව හිරු සඳු සහ තවත් ග්‍රහ ලෝකයන්ගෙන් සමන්විතය. එය සෞරග්‍රහ මණ්ඩලය ලෙස හැඳින්වේ. මේ ගැන හැදෑරිමට බොහෝ කරුණු ඇති අතර එහි සීමාවන් පිළිබඳව මෙතෙක් නිශ්චිත නිගමනයන්ට නොඑළඹුනු සහ මෙතෙක් සොයා නොගත් කරුණුද බොහෝ වෙති.

ඉන් අපගේ විෂය පථයට රුකුළක් වන වැදගත් කරුණු  අළලා සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳව කෙටියෙන් සළකා බැලීම වටී.

සූර්යයා
අප සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානතම ග්‍රහ තාරකාව සූර්යයා හෙවත් හිරුය. හිරු ගිනි ගනිමින් දිලිසෙන වායු ගෝලයකි. සූර්යයා මත ඇති හයිඩ්‍රජන් පරමානු හීලියම් බවට පත්වීමේ ක්‍රියාවලිය නිසා පැරන්හයිට් අංශක දෙසීය හැත්තෑ ලක්ෂයක (270 00000) තාප ශක්තියක් පිට කරයි. තත්පරයට හතරැස් අඟලකින් පිටවන රශ්මිය අශ්ව බල 20 කට සමකල හැකි බව පැවසේ. එසේම සූර්යයාගෙන් තත්පරයකදී පිටවන සියුම් ද්‍රව්‍ය කොටස් ටොන් හතළිස් ලක්ෂයක් (40 00000 ක්) පමණ බර යැයි නවීන විද්‍යාඥයින් විසින් ගණන් බලා ඇත.
සූර්යයා පෘථිවිය මෙන් 3 30 000 කට වඩා විශාලත්වයෙන් වැඩි අතර, එහි විශ්කම්භය සැතපුම් 8 65 000 ක් පමණ වෙතැයි ගණන් බලා ඇත. සූර්යයාගේ සිට සැතපුම් නවසිය තිස් ලක්ෂයක් (930 00000 ක්) දුරින් පෘථිවිය පිහිටා ඇති අතර, හිරු රැස් පොළොවට පතිත වීමට මින්ත්තු 8 ක කාලයක් ගත වේ.

සෞරග්‍රහ මණ්ඩලයේ ඇති සියලුම ග්‍රහ වස්තුන් සූර්යයා වටා භ්‍රමණය වේ. එනම් සූර්යයාගේ ගුරුත්වයට මෙම සෙසු සියලුම ග්‍රහ වස්තූන් යටත්ය. සූර්යයා තමා වටා වේගයෙන් පරිභ්‍රමණය වෙන ගමන්ම  සිය කක්ෂය වටා යමින් තම වටය සම්පූර්ණ කිරීම සඳහා වර්ෂ 2250 00000 ක් ගත වේ. එනම්, අවුරුදු කෝටි 22 ක් ගත වේ. ඒ අනුව මේ වන විටත් සූර්යයා ඉතා වේගවත්ව පරිභ්‍රමණය වෙමින් සිය ගුරුත්වයට අවනත කරගත් අප පෘථිවිය ඇතුලු සියලුම ග්‍රහයන් සහ උප ග්‍රහයන් ද රැගෙන තත්පරයට හැතැප්ම 170 ක වේගයෙන් ක්ෂීරපථය ඔස්සේ සිය කක්ෂය වටා භ්‍රමණය වෙමින් පවතී.
චන්ද්‍රයා
චන්ද්‍රයා හෙවත් සඳු අපගේ ග්‍රහලොව වන පෘථිවියේ උප ග්‍රහයෙකි. සඳුගේ ගමන් මාර්ගය අපගේ පෘථිවිය වටාය. පෘථිවියේ ගමන් මාර්ගයට අංශක පහක ඇලයකින් චන්ද්‍ර කක්ෂය පිහිටා ඇත. හිරුගේ කිරණ සඳු මතට වැටීමෙන් සඳු දිප්තිමත්ව බබලයි. අනතුරුව හිරුගේ කිරණින් පරාවර්ථනය වන සඳුගේ කිරණ අපගේ පොළොවට පතිත වේ. ඊට තත්පර එකහමාරක කාලයක් ගත වේ.

සඳු ප්‍රමාණයෙන් පෘථිවියෙන් හතරෙන් එකක් පමණ වේ. සඳුගේ විශ්කම්භය සැතපුම් 2163 කි. (කිලෝ මිටර් 3,476). සඳු පෘථිවියෙන් සැතපුම් 240000 ක සාමාන්‍ය දුරකින් පිහිටයි. (කිලෝ මිටර් 384,400). පෘථිවියට සමීපව ගමන් කරනා විට දුර සැතපුම් 221610 ක් වන අතර පෘථිවියෙන් ඈත්ව ගමන් කරනා විට සැතපුම් 252790 කි. සඳුගේ පරිභ්‍රමණ කාලය පොළෝ දින 27.3 කි. කක්ෂ ඇලය අංශක 5.1 කි.
බුධ
ග්‍රහ වස්තූන් අතරින් කුඩාම ග්‍රහයා බුධයි. ප්‍රමාණයෙන් සඳුගෙන් භාගයක් පමණ වේ. බර පොළෝ ස්කන්ධයෙන් 0.06 ක් පමණ වේ. බුධ සූර්යයාට ආසන්නයෙන්ම ගමන් කරන ග්‍රහයා වේ. සූර්යාගේ සිට සැතපුම් 3598700 ක් සාමාන්‍ය දුරකින් පිහිටා ඇත. එනම් කිලෝ මීටර් දශලක්ෂ 57.9 කි. සූර්යයාට ආසන්න වන විට සැතපුම් 285 00000 දුරකින්ද අෑත් වන විට සැතපුම් 430 0000 දුරකින්ද ගමන් කරයි. බුධගේ විශ්කම්භය සැතපුම් 20705 කි. එනම් කිලෝ මීටර් 4878 කි. අක්ෂ ඇලය අංශක 2ක් වන අතර අක්ෂ භ්‍රමණ කාලය පොළෝ කාලයෙන් 58.65 කි. තත්පරයට කිලෝ මීටර් 47.89 ක් කක්ෂීය වේගයක් හිමි බුධ සූර්යයා වටා යාමට දින 87.97ක් ගත වේ.

බුධ චන්ද්‍රයන් නොමැත. පරිභ්‍රමණයක් නොමැති බැවින් රෑ දහවල් වීමක්ද නැත. බුධ කක්ෂය වටා යන විට හැමවිටම එක් පැත්තක් සූර්යයා දෙසට හැරී පවතින බැවින් එම පැත්ත අධික රශ්මියෙන් යුක්ත වන අතර සුර්යයාට පිටුපා ඇති අනෙක් පස අධික ශීතලකින් යුක්තය.
සිකුරු
සූර්යයාගේ සිට සැතපුම් 67245000 මධ්‍යස්ථ දුරකින් පිහිටන සිකුරු ග්‍රහයා සූර්යයාට ළංව ගමන් කරන විට සැතපුම් 66787000 ක් දුරින්ද සැතපුම් 67705000 ක් දුරින් අෑත්ව ගමන් කරයි. සාපේක්ෂව 0.86 ක් වේ. සිකුරුගේ විශ්කම්භය සැතපුම් 7600 කි. කි. එනම් කිලෝ මීටර් 12103 කි. සිකුරුගේ කක්ෂීය වේගය තත්පරයට කිලෝ මීටර් 35.03 ක් වේ. සිකුරුගේ අක්ෂ ඇලයත් බුධගේ මෙන් අංශක 2ක් වන අතර, සිකුරුගේ බර පොළොවට සූර්යයා වටා ගමන් කිරීමට දින 224.70 ක කාලයක් ගනී.

ග්‍රහ ලෝක අතරින් දීප්තිමත් ග්‍රහයා සිකුරුය. බැබලීමෙන් චන්ද්‍රයාට පමණක් දෙවෙනි වන සිකුරු එක් එක් කාලවලදී විශාලව සහ කුඩාවට පොළොවට දර්ශනය වේ. සිකුරු ප්‍රමාණයෙන් පෘථිවියේ ප්‍රමාණයට දළවශයෙන් සමානය.
පෘථිවිය
පෘථිවිය නම් අප වෙසෙන ලෝකය සූර්යයාගේ සිට සැතපුම් නවසිය තිස් ලක්ෂයක් පමණ දුරකින් පිහිටා ඇති අතර පෘථිවයේ සිය චන්ද්‍රයාට සැතපුම් දෙලක්ෂ හතළිස් දහසක් තිබෙන බව කලින් පවසා ඇත. පෘථිවියේ සමක විශ්කම්භය කිලෝ මීටර් 12756 කි. පෘථිවියේ කක්ෂීය වේගය තත්පරයට කිලෝ මීටර් 29.79 ක් වේ. පෘථිවිය අංශක 23.4 ඇල වී ඇති අතර සූර්යයා වටා ගමන් කිරීමට දින 365.26 ක කාලයක් ගනී.
අඟහරු
පෘථිවියට සූර්යයා පැත්තෙන් සිකුරු ඇති අතර අනෙක් පසින් අඟහරු සිටී. පෘථිවියට සමාන ලක්ෂණ ඇති එකම ග්‍රහයා සහ ළඟම ග්‍රහයාද අගහරුය. අඟහරුට රෑ දහවල් වීමද පැය 24 කි. අඟහරුගේ එක එක පැත්ත රතු දුඹුරු නිල් කොළ ආදී පැහැයන් ගනී.

සූර්යයාගේ සිට සැතපුම් 340 00000 ක සිට 630 00000 ක් දුරකින් සූර්යයා වටා ගමන් ගනී. පෘථිවියේ බාගයක ප්‍රමාණයෙන් පෙනෙන අඟහරුගේ සමක විශ්කම්භය කිලෝ මීටර් 6786 කි.අඟහරුගේ කක්ෂීය වේගය තත්පරයට කිලෝ මීටර් 24.13 ක් වේ. පෘථිවිය අංශක 24 ඇල වී ඇති අතර සූර්යයා වටා ගමන් කිරීමට අවුරුදු 1.88 ක කාලයක් ගනී.
බ්‍රහස්පති
සූර්යයාගේ සිට සැතපුම් 4830 00000 ක සාමානය්‍ය දුරකින් (කිලෝ මීටර් දශලක්ෂ 778.3) ඇති බ්‍රහස්පති සූර්යයාට ලංව ගමන් කරන විට සැතපුම් 4600 00000 ක දුරක්ද ඈතින් ගමන් කරන විට සැතපුම් 5060 00000 ක් පමණ වේ. සූර්යයාට පමණක් දෙවෙනි වූ විශාලත්වයකින් යුතු බ්‍රහස්පති ග්‍රහ ලොව සැතපුම් 90000 ක පමණ විශ්කම්භයකින් යුක්තය. එනම් කිලෝ මීටර් 142984 ක් පමණ විශාලය. පෘථිවිය මෙන් 1300 ක් පමණ විශාලත්වයකින් සහ පෘථිවිය මෙන් 318 ක පොළෝ ස්කන්ධයකින් (බරකින්) යුක්තය. එහෙත් අක්ෂ භ්‍රමණ කාලය ඉතා වේගවත්ය. එය පොළෝ පැය 23.93 හා සාපේක්ෂව පැය 9.92 කි.  බ්‍රහස්පතිගේ අක්ෂ ඇලය අංශක 3.1 කි. කක්ෂීය වේගය තත්පරයට කිලෝ මීටර් 13.06 ක් වන අතර සූර්යයා වටා වර්ෂ 11.86 ක් ගත කරයි.

පෘථිවිය මැදින් නැතහොත් බඳින් පිටතට නෙරා ඇති අතර එම නෙරුම සැතපුම් 26 ක් වුවත් බ්‍රහස්පතිගේ බඳෙහි නෙරුම සැතපුම් 5000 කි. ඒ අනුව බ්‍රහස්පති උසට වඩා මහත ස්වරූපයක් ගනී. අප ග්‍රහ ලෝක අතර වැඩිම පොළෝ ගුරුත්වය බ්‍රහස්පතිට හිමි වන අතර එය පෘථිවිය මෙන් දෙකහමාරකි (2.5) .  එබැවින් අවට වූ සහ පෘථිවිය කරා ඇදී එන ග්‍රහක සියල්ලම බ්‍රහස්පතී විසින් තම ගුරුත්වයේ මහිමයේ ඇද ගන්නා බැවින් පෘථිවියේ ආරක්ෂාව තහවුරු වී ඇත. පෘථිවියට ආසන්න වන විට සැතපුම් 365816000 ක සහ ඈත්වන විට සැතපුම් 601540000 දුරින් සිටිමින් අප ලොවට ආරක්ෂාව සැපයීමට තරම් බ්‍රහස්පතිගේ පොළෝ ගුරුත්වය තියුණු  සහ විශේෂිත එකකි.
සෙනසුරු
සෙනසුරු අප සෞර ග්‍රහ මණ්ඩලයේ සිටින කුණු දුහුවිලිවලින් පිරුණු එකම ග්‍රහයාය. වටේට අලංකාරත්වයකින් යුතුව දුහුවිලි වළල්ලක්ද ඇති සෙනසුරු පෙළෝ ස්කන්ධයට සාපේක්ෂව 95.2 ක් වන අතර ප්‍රමාණයෙන්, බරින් හා විශාලත්වයෙන් යුතු බ්‍රහස්පතිට පමණක් දෙවෙනි වේ. එනම් සෙනසුරුගේ සමක විශ්කම්භය සැතපුම් 76500කි. (කිලෝ මීටර් 1427 කි.) සූර්යයාට ඇති මධ්‍යස්ථ දුර කිලෝ මීටර් දශලක්ෂ 120536 කි. එනම් සැතපුම් 886779900 කි. සූර්යයාට ලංව ගමන් කරන විට සැතපුම් 837170000 වන සෙනසුරු සූර්යයාගෙන් ඈත්ව ගමන් කරන විට සැතපුම් 936388000 කි. සෙනසුරුගේ අක්ෂ භ්‍රමණ කාලය පොළෝ කාලයෙන් 10.67 කි. එනම් පෘථිවි පැය 10 යි විනාඩි 14 යි තත්පර 24 කින් සෙනසුරු තමා වටා කරකැවෙයි. ඒ අංශක 26.7 අක්ෂ ඇලයකින් යුතුවය. කක්ෂීය වේගය තත්පරයට කිලෝ මීටර් 9.64 ක වේගයකින් ගමනේ යෙදෙන සෙනසුරු සූර්යයා වටා යෑමට වසර 29.46 ක් ගත කරයි. සෙනසුරු සූර්යයාගෙන් බොහෝ ඈතින් ගමන් කරන බැවින් සීතලෙන් වෙලී සිටින දුහුවිලිවලින් පිරි තෙතමනය අඩු ග්‍රහයෙකි.

 සටහන…..
ජ්‍යොතිෂ්ශාස්ත්‍රය යන අප විෂය පථය හැදෑරිමට තරම් වූ ප්‍රමාණවත් තොරතුරු  සහිතව අපි අපේ සෞරග්‍රහ මණ්ඩලය ගැන විමසා බැලුවෙමු. මෙමගින් ඔබට තහවුරු වූ කරුණු අතර මේවාද වේ.

හිරු සඳු ඇතුලු සියලුම ග්‍රහ වස්තූන් එක්තරා ක්‍රමයකට නැතහොත් රිද්මයකට අනුව විවිධ වූ කක්ෂයන් ඔස්සේ චලනය වේ. මෙම ග්‍රහ වස්තූන් මත සූර්යයාට කෝණගත වන අයුරින් සූර්යයාගේ කිරණ පතිතවන අතර ඒවා පෙරළා පරාවර්ථනය වේ. මෙවන් පරාවර්තිත කිරන අප පෘථිවියේ ඇති සෑම සජීවී සහ අජීවී වස්තුන් මත පතිත වී කිසියම් බලපෑමක් ඇති කරනු ලබයි.

එසේම විවිධ ප්‍රමාණයේ සහ ගුණයෙන් යුතු වූ ග්‍රහ වස්තු විවිධ වේගයකින් කරකැවෙමින් ගමන් කරනා විට ඉන් මුදාහරින ශක්තිය සුළුපටු නොවන බවත්, මේ සෞරග්‍රහ මණ්ඩලයේ ඉතා සුළු ප්‍රමාණයක් හිමිව ඇති අපේ ලොව වෙසෙන ජීවීන්ට සහ වස්තූන්ටත් ඒවායෙහි බලපෑම්වලට හසු නොවී සිටීමට නොහැකි බවත්ය.
මතු පිටින් නොපෙනුනත් ආකර්ශනය, විකර්ශනය, තරංග ක්‍රියාකාරීත්වය, වේගවත්ව චලනය වන වස්තූන් විසින් උපදවන ලද ශක්තිය ආදී මෙතෙක් විද්‍යාවෙන් සොයාගත් දේට වඩා වැඩි යමක් සොයා නොගත් දේවල් අතර තිබිය හැකිය යන්නයි.

එබැවින් නොදන්නා දෙයක් පිළිබඳව කිසියම් සොයා බැලීමකට හෝ අධ්‍යයනයට නොගොස් නොදන්නාකමින් හෝ ද්වේශයෙන් යුතුව හෙළාදකිනවාට වඩා කළයුතු දේ කුමක්දැයි සිතා බැලීම ඔබට භාරයි.