ජ්‍යොතිෂය කොහේ කොතැනක කවුරු විසින් කවදා පටන් ගත්තාදැයි නිශ්චිතව
පැවසීමට කිසිවෙක් නොදනී. එනමුත් මිනිස් ශිෂ්ඨාචාරයේ ආරම්භයත් සමගම ලොවට
දායාද වූ මෙම විෂය පථය ලොව සියළු ආගම් සහ දර්ශනයන්ට වඩා ඉපැරණි බව නම්
අතිශයෝක්තියක් නොවේ.
වනචාරී යුගය පසුකරන ලද මිනිසා
ක්‍රමයෙන් කෘෂිකර්මාන්ත දිවිය පෙරදැරි කරගත් ශිස්ඨාචාරයට අනුගත විය. එහිදී
තම බව භෝග නිෂ්පාදනයට වර්ෂාව සහ සෙසු කාලගුණික තත්වයන් හමුවේ සූර්යයාගෙන්
සහ චන්ද්‍රයාගෙන් වන බලපෑම් මොනවාද යන්න අත්දැකීම් තුලින් තේරුම් බේරුම්
කර ගැනීමට සමත් විය. ඉන්පසුව සිකුරු සහ අඟහරුගෙන් වන බලපෑම්ද, සුළං වැසි
වියලි ආදී කාලද, සෘතු විපර්යාසයන්ද සාමාන්‍ය මිනිස්සු ද අවභෝධ කර ගත්හ.
ඉන් අනතුරුව විඩාවට හුදෙකලාවට ජන කවි ගායන කළ පුරාණ මිනිස්තු ඉර හඳ තාරකාවන් මිනිසුන්ට බද්ධ වන බව දැන ඒවා ඇතුළත්ව සිය බස්වහර ගොඩ නගන්නට විය. ඒවායෙහි ඇති වැදගත්කම නිසාම ග්‍රහ වස්තූන්ට පුද පූජා පවත්වන්නටත් සහ වන්දනාමාන කරන්නට පෙළඹීය. තම ජීවන චෛර්යාවන් ඊට අනුව ගෙවෙන බව තේරුම් ගත්තේය.
දිනපතා පහන්වෙත්ම නැගෙන හිරුගේ ප්‍රභාෂ්වරයෙන් ගහ කොළ සතා සීපාවන් මෙන්ම මිනිසාද නව ජීවයක් ලද්දා සේ තම අරමුණු හා අවශ්‍යතාවයන් සපුරා ගැනීම පිණිස දිවාකල ගත වෙහෙස කරවීය. එසේම ගහ කොළ දළුලෑමට මල් ඵල හට ගැනීමට මෙන්ම මිනිසා ඇතුලු සියළු සත්වයන්ගේ පැවැත්මට හිරුගේ ශක්තිය කෙතරම් අගනේද සහ අවශ්‍ය වේද යන්න කල් යල් යත්ම මිනිස්සු හොඳින් වටහා ගත්හ.
හිරු අවරට යත්ම සියොතුන් රෑන් පිටින් තම කැදලි කරා පියාඹන තෙක්ම වෙහෙස මහන්සි වූ මිනිස්සු තම දවසේ නටයුතු හමාර කරමින් සිය කුටුම්භ තුල ලැගුම් ගත්හ.
ඈත ක්ෂිතිජයෙන් චන්ද්‍රයා සිනාසෙන කුමරියක් විලසින් නැගී එනවාත් සමගම මිනිසාගේ ගතට නැගුනු විඩාව ක්‍රමයෙන් යටපත්ව හදවත් අවදි වී සිතුවිලි ක්‍රියාත්මක වෙන්නට විය. අඹුදරුවන් සමග අල්ලාප සල්ලාපයේ යෙදෙමින් එකිනෙකාගේ ආදරය සෙනෙහස සහයෝගීත්ව වර්ධනයේලා කටයුතුවල නිරත වීය. එසේම තරුණ හදවත් අවදි වි ගී සීපද ගැයීම ආදී කලාකාමී සිතුවිලි මෙන්ම විවාහකයන් අතර සරාගී සිතුවිලි වර්ධනය වීම සහ තම වර්ගයා බෝ කිරීමට චන්ද්‍රයා හෙවත් සඳු මිනිසුන්ගේ හදවත්වලට කොතරම් බලපෑමක් කරනවාද යන්න මිනිස්සු වටහා ගත්හ.
සඳුගෙන් වඩදිය බාදිය ඇතිවන බව, සද කාලයේ පූදින ගොයම බොල්වන බව, මෝරන ගස්වල එලය වැඩි බව, සෙම් රෝග අපස්මාරය හෝ උමතුව වැඩි වෙන බව යනාදී වසයෙනි.
එසේම සෘතු වෙනස්වීම, මෝසම් සුළං, වර්ෂා කාලය, නියගය ආදී සෙසු කාලගුනික විපර්යාසද මිනිසා විසින් මනාව අධ්‍යයන කරන ලදී. හිරු සදුට අමතරව වෙනත් ග්‍රහයන්ගේ බලපෑම් එනම් ඉරබටු තරුව හෝ පහන් තරුව ලෙස හඳුන්වන සිකුරුගෙන් කුරහන් මෙනේරි වැනි විවිධ බෝගවලට වන බලපෑම් ආදියද, ඊට චන්ද්‍රයාගේ සංයෝගයෙන් කඩුපුලු මල් පිපීමද, රතු පාටින් දිස්වෙන තරුව හෙවත් අඟහරු හෙවත් කුජ ග්‍රහයා දුටුවිට දද කුෂ්ඨ වැනි හමේ රෝග වැඩිවන හැටි අයුරු යනාදිය පිළිබඳවද සාමාන්‍ය මිනිස්සු ද අවභෝධ කර ගත් බව පැරණි මිනුසුන්ගේ අදහස විය.
ග්‍රහ වස්තූන් මගින් මානව වර්ගයාට සහ අප ජීවත්වන පරිසරයට වන බලපෑම් මොනවාද යන්න බුද්ධිය වර්ධනය වූ අය විසින් වැඩිදුර සිතන්නට උත්සුක විය. භාවනාව යෝගී ක්‍රම ආශ්‍රෙයන්ද ග්‍රහ වස්තූන් සහ තාරතා පද්ධති ගැන විමර්ෂනය කරන්නට සහ වටහා ගැන්මට පුරුදු පුහුණු විය. නවීන විද්යාෙවෙන් පොහොසත් වර්ථමාන යුගයට වඩා ඈත අතීතයේ තම අධ්‍යාත්මික ශක්තිය දියුණු කරගත් මිනිසුන් විසූ බවත් ඔවුන් ඒවායින් විවිධ ආකාරයෙන් වැඩගත් බවටත් විස්වාශයක් පවතී. පාරම්පරික ජනයා අතර තිබූ බොහෝ මෙවන් දෑ නූතන සාමාන්‍ය ජනයාහට පතපොතෙහි සොයා ගැනීමට නොහැකි බැවින් ඒවායෙහි වැඩිදුර විස්තර නුවමනාය.
Friday, May 24, 2019
ඉර හඳ තේරුම්ගත් පුරාණ මිනිස්සු
Labels
2015
2020
accurate horoscope
analyze
aquarius
Aquarius monthly horoscope
Aries
astrology
astrology news
birth horoscope
Cancer
Capricorn
Capricorn Jupiter transit
daily-horoscope
December
false
Future horoscope
Gemini
Gemini monthly- horoscope
history
horoscope
horoscope yourself
July 2015
jupite
jupiter
jupiter in leo
jupiter transit
Jupiter transit for you
jupiter transit in leo
lagna palapla
Leo
libra
Libra monthly horoscope
monthly
monthly horoscope
monthly horoscope 2015
monthly- horoscope
moon
October
October 2015
personalized horoscope
Pisces
Pisces monthly horoscope
planets
Sagittarius
Sagittarius monthly horoscope
Scorpio
solar system
sun
Sun - Jupiter exchange
sun and mars conjunction
sun mars conjunction horoscope
Taurus
Taurus monthly horoscope
transit
transit Horoscope
true
ubhayachari yoga
virgo
Virgo monthly horoscope
your
අනාගත ලග්න පලාපල
ඉර
උභයචාරී යෝග
ඔක්තෝබර්
ඔක්තෝබර් 2015
ඔබට කොහොමද
ඔබම බලාගන්න
ඔබේ පලාපල
ඔබේ ලග්නයට
කටක ලග්න පලාපල - ඔක්තෝබර් 2015
කටක ලග්න පලාපල - ජූලි 2015
කටක ලග්නය
කන්‍යා ලග්න පලාපල
කුම්භ ලග්න පලාපල
කුම්භ ලග්නය
ගුරු මාරුව
ගුරු මාරුව ඔබේ ලග්නයට
ගුරු මාරුව ඔබේ ලග්නයට - කන්‍යා ලග්නය
ගෝචර පලාපල
ජන්ම පත්‍රය
ජන්ම පලාපල
ජූලි 2015
ජූලි මාසයට
තුලා ලග්න පලාපල
තුලා ලග්නය
දවසේ ලග්න පලාපල
දෙසැම්බර්
ධනු ලග්න පලාපල
ධනු ලග්නය
නිවැරදි
පලාපල
පලාපල විස්තර
පෞද්ගලික ලග්න පලාපල
මකර ලග්න පලාපල
මකර ලග්නය
මිථුන ලග්න පලාපල
මිථුන ලග්නය
මීන
මීන ලග්න පලාපල
මීන ලග්නය
මේෂ ලග්නය
යෝග
රවි - ගුරු පරිවර්ථනය
රවි කුජ සංයෝගය
රවි ගුරු පරිවර්ථනය
ලග්න
ලග්න පලාපල
වාර්ෂික ලග්න පලාපල
වෘශ්චික ලග්න පලාපල
වෘශ්චික ලග්නය
වෘෂභ ලග්න පලාපල
වෙශී
වොශී
සිංහ
සිංහ ලග්න පලාපල
සිංහ ලග්නය
හඳ

0 comments :
Post a Comment