.

ඔබට අවශ්‍ය වේලාවක සේවාවන් සක්‍රීය කර ගැනීම සඳහා ඔබේ පලාපල ගිණුමට ටොප් අප් කරන මුදලට දෙගුණයක වටිනාකමක්! මෙම දීමනාව සීමිත කාලයකට පමණයි.

...

2015 ඔක්තෝබර් ඔබේ ලග්නයට කොහොමද?

පවතින ග්‍රහචාරය අනුව 2015 ඔක්තෝබර් මාසය ලග්න රැසකට වාසි රැසක් උදාකර දෙයි. විශේෂයෙන්ම ජීවිතයේ අමතක නොවන සිහිවටන එක් කිරීමට සමත් වෙයි. ඒ අනුව මෙම වසරේ ඔක්තෝම්බරය එක් එක් ලග්නයට බලපාන්නේ කෙසේද යන්න බලමු.

ගුරු මාරුව ඔබේ ලග්නයට කෙසේද?

රවි හිමි සිංහ රාශිය ගුරුට මිත්‍ර රාශියකි. එබැවින් මෙම ග්‍රහ මාරුව බොහෝ දෙනෙකුට සුබඵල ගෙන දීමට සමත්ය.

නිවැරදි ජ්‍යොතිෂය වෙනුවෙන් ඔබේ දායකත්වය

මෙම ලිපිය කියවන ඔබ ‍‍ ජ්‍යොතිෂ පළිබඳ විශ්වාස කරන, නොකරන ‍හෝ මධ්‍යස්ථ මත දරන්නනෙක් විය හැක. තවත් සමහර විටක ඔබේ ජන්ම පත්‍රය ජ්‍යොතිෂඥයෙකු ලවා විග්‍රහ කර නොගත් අයෙක් විය හැක. ...

මේ වසරේ සිදු වෙන සුවිශේෂී ග්‍රහ මාරුව

ග්‍රහ මණ්ඩලයේ බලවත්ම සුභ ග්‍රහයා වන බ්‍රහස්පති හෙවත් ගුරු රවි හිමි සිංහ රාශිගත වීම මේ වසරේ සිදු වෙන සුවිශේෂී ග්‍රහ මාරුවයි.

Showing posts with label ඉර. Show all posts
Showing posts with label ඉර. Show all posts

Friday, May 24, 2019

ඉර හඳ තේරුම්ගත් පුරාණ මිනිස්සු

ජ්‍යොතිෂය කොහේ කොතැනක කවුරු විසින් කවදා පටන් ගත්තාදැයි නිශ්චිතව පැවසීමට කිසිවෙක් නොදනී. එනමුත් මිනිස් ශිෂ්ඨාචාරයේ ආරම්භයත් සමගම ලොවට දායාද වූ මෙම විෂය පථය ලොව සියළු ආගම් සහ දර්ශනයන්ට වඩා ඉපැරණි බව නම් අතිශයෝක්තියක් නොවේ.

වනචාරී යුගය පසුකරන ලද මිනිසා ක්‍රමයෙන් කෘෂිකර්මාන්ත දිවිය පෙරදැරි කරගත් ශිස්ඨාචාරයට අනුගත විය. එහිදී තම බව භෝග නිෂ්පාදනයට වර්ෂාව සහ සෙසු කාලගුණික තත්වයන් හමුවේ සූර්යයාගෙන් සහ චන්ද්‍රයාගෙන් වන බලපෑම් මොනවාද යන්න අත්දැකීම් තුලින් තේරුම් බේරුම් කර ගැනීමට සමත් විය. ඉන්පසුව සිකුරු සහ අඟහරුගෙන් වන බලපෑම්ද, සුළං වැසි වියලි ආදී කාලද, සෘතු විපර්යාසයන්ද සාමාන්‍ය මිනිස්සු ද අවභෝධ කර ගත්හ.

ඉන් අනතුරුව විඩාවට හුදෙකලාවට ජන කවි ගායන කළ පුරාණ මිනිස්තු ඉර හඳ තාරකාවන් මිනිසුන්ට බද්ධ වන බව දැන ඒවා ඇතුළත්ව සිය බස්වහර ගොඩ නගන්නට විය. ඒවායෙහි ඇති වැදගත්කම නිසාම ග්‍රහ වස්තූන්ට පුද පූජා පවත්වන්නටත් සහ වන්දනාමාන කරන්නට පෙළඹීය. තම ජීවන චෛර්යාවන් ඊට අනුව ගෙවෙන බව තේරුම් ගත්තේය.

දිනපතා පහන්වෙත්ම නැගෙන හිරුගේ ප්‍රභාෂ්වරයෙන් ගහ කොළ සතා සීපාවන් මෙන්ම මිනිසාද නව ජීවයක් ලද්දා සේ තම අරමුණු හා අවශ්‍යතාවයන් සපුරා ගැනීම පිණිස දිවාකල ගත වෙහෙස කරවීය. එසේම ගහ කොළ දළුලෑමට මල් ඵල හට ගැනීමට මෙන්ම මිනිසා ඇතුලු සියළු සත්වයන්ගේ පැවැත්මට හිරුගේ ශක්තිය කෙතරම් අගනේද සහ අවශ්‍ය වේද යන්න කල් යල් යත්ම මිනිස්සු හොඳින් වටහා ගත්හ.

හිරු අවරට යත්ම සියොතුන් රෑන් පිටින් තම කැදලි කරා පියාඹන තෙක්ම වෙහෙස මහන්සි වූ මිනිස්සු තම දවසේ නටයුතු හමාර කරමින් සිය කුටුම්භ තුල ලැගුම් ගත්හ.

ඈත ක්ෂිතිජයෙන් චන්ද්‍රයා සිනාසෙන කුමරියක් විලසින් නැගී එනවාත් සමගම මිනිසාගේ ගතට නැගුනු විඩාව ක්‍රමයෙන් යටපත්ව හදවත් අවදි වී සිතුවිලි ක්‍රියාත්මක වෙන්නට විය. අඹුදරුවන් සමග අල්ලාප සල්ලාපයේ යෙදෙමින් එකිනෙකාගේ ආදරය සෙනෙහස සහයෝගීත්ව වර්ධනයේලා කටයුතුවල නිරත වීය. එසේම තරුණ හදවත් අවදි වි ගී සීපද ගැයීම ආදී කලාකාමී සිතුවිලි මෙන්ම  විවාහකයන් අතර සරාගී සිතුවිලි වර්ධනය වීම සහ තම වර්ගයා බෝ කිරීමට චන්ද්‍රයා හෙවත් සඳු මිනිසුන්ගේ හදවත්වලට කොතරම් බලපෑමක් කරනවාද යන්න මිනිස්සු වටහා ගත්හ.

සඳුගෙන් වඩදිය බාදිය ඇතිවන බව, සද කාලයේ පූදින ගොයම බොල්වන බව, මෝරන ගස්වල එලය වැඩි බව, සෙම් රෝග අපස්මාරය හෝ උමතුව වැඩි වෙන බව යනාදී වසයෙනි.

එසේම සෘතු වෙනස්වීම, මෝසම් සුළං, වර්ෂා කාලය, නියගය ආදී සෙසු කාලගුනික විපර්යාසද මිනිසා විසින් මනාව අධ්‍යයන කරන ලදී. හිරු සදුට අමතරව වෙනත් ග්‍රහයන්ගේ බලපෑම් එනම් ඉරබටු තරුව හෝ පහන් තරුව ලෙස හඳුන්වන සිකුරුගෙන් කුරහන් මෙනේරි වැනි විවිධ බෝගවලට වන බලපෑම් ආදියද, ඊට  චන්ද්‍රයාගේ සංයෝගයෙන් කඩුපුලු මල් පිපීමද, රතු පාටින් දිස්වෙන තරුව හෙවත් අඟහරු හෙවත් කුජ ග්‍රහයා දුටුවිට දද කුෂ්ඨ වැනි හමේ රෝග වැඩිවන හැටි අයුරු යනාදිය පිළිබඳවද සාමාන්‍ය මිනිස්සු ද අව‍භෝධ කර ගත් බව පැරණි මිනුසුන්ගේ අදහස විය.

ග්‍රහ වස්තූන් මගින් මානව වර්ගයාට සහ අප ජීවත්වන පරිසරයට වන බලපෑම් මොනවාද යන්න බුද්ධිය වර්ධනය වූ අය විසින් වැඩිදුර සිතන්නට උත්සුක විය. භාවනාව යෝගී ක්‍රම ආශ්‍රෙයන්ද ග්‍රහ වස්තූන් සහ තාරතා පද්ධති ගැන විමර්ෂනය කරන්නට සහ වටහා ගැන්මට පුරුදු පුහුණු විය. නවීන විද්‍යාෙවෙන් පොහොසත් වර්ථමාන යුගයට වඩා ඈත අතීතයේ තම අධ්‍යාත්මික ශක්තිය දියුණු කරගත් මිනිසුන් විසූ බවත් ඔවුන් ඒවායින් විවිධ ආකාරයෙන් වැඩගත් බවටත් විස්වාශයක් පවතී. පාරම්පරික ජනයා අතර තිබූ බොහෝ මෙවන් දෑ නූතන සාමාන්‍ය ජනයාහට පතපොතෙහි සොයා ගැනීමට නොහැකි බැවින් ඒවායෙහි වැඩිදුර විස්තර නුවමනාය.