.

Saturday, July 4, 2015

ධනු ලග්න පලාපල - ජූලි 2015

ධනු

මෙම මාසයේ පළමු සති දෙකට වඩා වෙනස් ප්‍රථිපල අවසාන සති දෙකේදී ධනු ලග්න හිමියන්ට ලැබේ. ඒ අනුව මාසය මුල සිට ඔබ වඩාත් කාර්ය බහුලය. වැඩ කටයුතු අවුල්වීම නිසා මානසික නොසන්සුන්තවයට හේතු වේ. මින් මිදීමට සුදුසු වැඩපිළිවෙලක් ඔබ විසින් සකසා ගත යුතුය. යන එන තැන්වල කෑපී පෙනෙන බව සහ සමාජයේ සෑම තැන්හිදීම පිළිගැනීමට ලක් වේ.

ආදායම සරු වන අතර රැකියා ස්ථානයේ අධික වැඩ කොටසක් කිරීමට සිදු වීම හේතුවෙන් තම පෞද්ලික කටයුතු බොහොමයක් අත පසු වෙි. රැකියාවේ කාර්ය බහුලත්වය විටෙක මානසික තෘප්තිය ද බිඳ දමයි. ස්වයං රැකියා හෝ තම නිෂ්පාදන ඉදිරිගත් කරන අයට ක්ෂේත්‍රය තුල තම ව්‍යාපාරවල සුවිශේෂී වර්ධනයක් බලාපොරොත්තු විය හැකිය. රැකියා ස්ථාන මාරු සහ තත්වයේ උස් පහත්කම් සිදුවනු ඇත.

උත්සාහයේ තරමටම ආදායම් තත්වය ඉහළ නොයයි. තැන්පත් ධනය වැය වීමට කරුණු යෙදෙයි. අමතර ආදායම් ලැබුනත් අය වැය කළමණාකරණය කර ගැනීමට අපහසුතා ඇති වේ. මාසයේ අග සති දෙක තරමක් දුරට යහපත් වේ. වෘත්තීය සහ කුලී රථ රියදුරන්ගේ ආදායම යහපත්ය.

අධ්‍යාපන තත්වය හොඳ වන අතර මාසයේ මැද සිට උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපනය හදාරණ අයට සුබ වාතාවරණයක් ඇති වේ. එහිදී උසස් පිළිගැනීම් සහ ජයග්‍රහණ උරුම වේ.

පවුලේ දියුණුව වෙනුවෙන් දක්වන උනන්දුව මද වන අතර, විශේෂයෙන්ම මෙම මාසයේ පවුලේ විශ්වාසය පලුදු වීමට කරුනු යෙදිය හැක. විවාහ වීමට අපේක්ෂා කරන අයට මංගල යෝග තිබුනද විවාහ ගිවිස ගැනීම් කල් ගත වන බව කිව හැකිය. පදිංචිය වෙනස් කිරීමට ද සිත් පහළ වේ. පවුලේ සමගිය ආරක්ෂා කර ගැනීමට හැකි වේ. සතුරු කරදර චිත්ත පීඩා ගෙන දිය හැකිය.

මානසික ව්‍යාකූලතා, සෙම් රෝ, වාත වේදනා සහ පපුව ආශ්‍රිත වේදනාවන්ට ඉඩ ඇත.

ජය වර්ණය රතු
ජය අංක 1, 2, 6

Sagittarius monthly horoscope for July 2015


0 comments :

Post a Comment