.

ඔබට අවශ්‍ය වේලාවක සේවාවන් සක්‍රීය කර ගැනීම සඳහා ඔබේ පලාපල ගිණුමට ටොප් අප් කරන මුදලට දෙගුණයක වටිනාකමක්! මෙම දීමනාව සීමිත කාලයකට පමණයි.

...

2015 ඔක්තෝබර් ඔබේ ලග්නයට කොහොමද?

පවතින ග්‍රහචාරය අනුව 2015 ඔක්තෝබර් මාසය ලග්න රැසකට වාසි රැසක් උදාකර දෙයි. විශේෂයෙන්ම ජීවිතයේ අමතක නොවන සිහිවටන එක් කිරීමට සමත් වෙයි. ඒ අනුව මෙම වසරේ ඔක්තෝම්බරය එක් එක් ලග්නයට බලපාන්නේ කෙසේද යන්න බලමු.

ගුරු මාරුව ඔබේ ලග්නයට කෙසේද?

රවි හිමි සිංහ රාශිය ගුරුට මිත්‍ර රාශියකි. එබැවින් මෙම ග්‍රහ මාරුව බොහෝ දෙනෙකුට සුබඵල ගෙන දීමට සමත්ය.

නිවැරදි ජ්‍යොතිෂය වෙනුවෙන් ඔබේ දායකත්වය

මෙම ලිපිය කියවන ඔබ ‍‍ ජ්‍යොතිෂ පළිබඳ විශ්වාස කරන, නොකරන ‍හෝ මධ්‍යස්ථ මත දරන්නනෙක් විය හැක. තවත් සමහර විටක ඔබේ ජන්ම පත්‍රය ජ්‍යොතිෂඥයෙකු ලවා විග්‍රහ කර නොගත් අයෙක් විය හැක. ...

මේ වසරේ සිදු වෙන සුවිශේෂී ග්‍රහ මාරුව

ග්‍රහ මණ්ඩලයේ බලවත්ම සුභ ග්‍රහයා වන බ්‍රහස්පති හෙවත් ගුරු රවි හිමි සිංහ රාශිගත වීම මේ වසරේ සිදු වෙන සුවිශේෂී ග්‍රහ මාරුවයි.

Showing posts with label ජූලි 2015. Show all posts
Showing posts with label ජූලි 2015. Show all posts

Sunday, July 5, 2015

කුම්භ ලග්න පලාපල - ජූලි 2015

කුම්භ

අශුභ ඵලවලට වඩා සුභ ඵල ලබා ගත හැකි වන බැවින් කුම්භ ලග්න හිමියන්ට මෙය සුභ මාසයක් ලෙස නම් කිරීම වැරදි නොවේ. උනන්දුව උත්සාහය සහ කැපකීරීම අමතක කලා සේ සිටී. ඉන් මිදී ග්‍රහ ගමන අභිබවා යන ලෙස උනන්දුව උත්සාහය කැපකිරීම සහිත ක්‍රියා කරන කුම්භ ලග්න හිමියන්ට මේ ග්‍රහ බලයේම අැති සැඟවුන ලැබීම් නෙළා ගත හැකිය.

මුදල් අතින් අඟහිඟකම් යෙදුනත් මහන්සි වී කරන රැකියා හෝ අමතර වැඩ මගින් එදිනෙදා අවශ්‍යතාවන්ට සරිලන මුදල් සොයා ගැනීමට අපහසු නොවේ. මේ මාසයේ ඔබට ලැබෙන මුදල මනා සකසුරුවමින් වියදම් කළ යුතුය. මෙම මාසය අවසානයේදී තත්වය ශුභ අතට පෙරළෙනු ඇත.

රැකියා ප්‍රධානීන්ගෙන් සහ උසස් අයගෙන් දෝෂාරෝපන ඇසීමට සිදුවන කිසිවක් නොකළ යුතුය. ඔබ විසින් යෝජනා හෝ අදහස් ඉදිරිපත් කරනවා වෙනුවට අන් අයගේ අදහස් අනුව කටයුතු කිරීමෙන් රැකියා ස්ථානයේ ඔබ සමග කටයුතු කරන අයගේ සිත් දිනා ගත හැකිය. වෙනදාට වඩා රැකියාවේ වෙහෙසකර බවක් දැනුනත් ඉවසීමෙන් යුතුව තම රාජකාරී නිසියාකාරව කිරීම ඔබට වාසියකි. මහන්සියෙන් කරන රැකියාවල නියුතු අයට හොඳ ආදායම් ලැබේ. නව ව්‍යාපාර දියත් කිරීම ටික දිනකට කල් දැමීම සුදුසුයි. පවතින ව්‍යාපාරවලට රහස් සතුරු කරදර ගැන කල්පනාවෙන් සිටිය යුතුය.

අධ්‍යාපන ලබන දූ දරුවන් ඒ පිළිබඳව තැකීමක් නොකර සිටිය හැක. අධ්‍යාපනයෙන් දියුණු වූ පිටස්තර පුද්ගලයන් ගැන කරුණු වටහා දීමට දෙමව්පියන් උනන්දු විය යුතුය. සහජ දක්ෂතා ඔප්නංවා ගැනීම මගින් අධ්‍යාපන අංශයේ විවිධ ඉසව් ජය ගැනීමට උපකාරී වේ.

ගෙදර දොර පරිසරය යහපත්වපවත්වා ගෙන යෑමට තමා තුළ ඇති ශක්තිය සහ ධෛර්යය උපයෝගී කර ගන්න. උදව් ලබා ගත හැකි හෝ උදව් කරන අයට වඩාත් ලෙන්ගතු වන්න. ඔවුනට අගය වැඩි ඔබට ශ්‍රමයෙන් කළ හැකි යමක් වෙතොත් නොපමාව එය කරන්න. නිවාස අළුත් වැඩියා, මංගල කටයුතු, ගෙදරට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම් ලබන මාසය වන තෙක් කල් දාන්න. අදහන ආගමට අනුව දැහැමින් හා ඉවසීමෙන් කල් ගෙවන්න. දුසිරිතෙන් තොර වෙන්න. අද නගින කන්ද හෙට සිට පල්ලමක් වන බව වටහා ගන්න. එවිට කුම්භ ලග්න හිමියන්ට මහත් වූ ජයග්‍රහණ හිමි වනු නියතය.

වෙන වෙනම කීමට අවශ්‍ය නොවන නිසා මෙසේ සඳහන් කළ හැකිය. පවතින රෝගාබාධවලට වෛද්‍ය උපදෙස් මත කල් නොහැර බෙහෙත් ගන්න. අත් බේත් නොකරන්න. නොඉවසිලිමත්කම අවධානම් වැඩ දුරලා හදිසි අනතුරුවලින් මිදෙන්න.

ජය වර්ණය කොළ
ජය අංක 2, 5, 7


Aquarius monthly horoscope for July 2015




මකර ලග්න පලාපල - ජූලි 2015

මකර

මෙම මාසයේ බලාපොරොත්තු වූ වැඩ රාජකාරී රැසක්ම නිම කර ගනියි. නිතර ධෛර්යය සම්පන්නව කටයුතු කරයි. උනන්දුව සහ උත්සාහය නොමදව ඇති වේ. පවුලේ සහ පිටස්තර තැන්වල ප්‍රමුකත්වය ගෙන ක්‍රියා කිරීමට පෙළඹේ.

ආදායම යහපත් වෙයි. වියදම බොහෝ දුරට පාලනය කර ගත හැකි අතර තැන්පත් ධනයේ වර්ධනයක් ද බලාපොරොත්තු විය හැකිය. ගණු දෙනුවලින් වාසි ලැබේ.

රැකියා ස්ථානය යහපත්ය. එහි පරිසරය සහ සෙසු අය තමාගේ අදහස්වලට ඇහුන්කන් දීමට සහ ගරු කිරීමමට පෙළඹේ. ප්‍රධානීන්ගේ සිත් දිනා ගනී. විදේශ ශිෂ්ශත්ව හෝ එවන් වරප්‍රසාදවලට ඉඩ ඇත. විදේශ රැකියා අපේක්ෂකයින්ට තම අදහස් මුදුන්පත කර ගත හැකි විදේශ රැකියා ලැබේ. ව්‍යාපාර කරන අයට සුභයි. බැංකු සහ මූල්‍ය ආයතනවල සහාය ලැබේ.

අධ්‍යාපනය හදාරණ දූ දරුවන්ගේ ඥාණය සහ කුසළතා වර්ධනය වේ. උසස් අධ්‍යාන සහ වෘත්තීය අධ්‍යාපනය හදාරන්නන්හට තරඟ විභාග ජය සහ විශේෂ වරප්‍රසාද හිමිය. විදෙස් අධ්‍යාපනයට මෙම මාසයේ අවසානය සුදුසු වාතාවරණයක් සැළසේ.

පවුලේ කටයුතු නිසියකාරව ඉටු කිරීමට නොහැකි විය හැකිය. පවුලේ සමගියටද යම් බාධා ඇකිවේ. ගණදෙවි ඥාණය පහළ වූවාක් සේ කරුණු කාරනා පැහැදිලි කරදීම් තුලින් සහ ඔවුනට ආදරය කරුණාව දැක්වීම මගින් පවුලේ අයගේ සිත් දිනා ගැනීමට උත්සාහ කලොත් එය නොවරදී.

උගුරේ හෝ බෙල්ලේ ආශ්‍රිත රෝගී තත්වයන් වෙතොත් ඒවා වර්ධනය වෙයි. හන්දිපත් වේදනාවන්ට ද ඉඩ ඇත.

ජය වර්ණය දම්
ජය අංක 2, 5, 7



Capricorn monthly horoscope for July 2015



Saturday, July 4, 2015

ධනු ලග්න පලාපල - ජූලි 2015

ධනු

මෙම මාසයේ පළමු සති දෙකට වඩා වෙනස් ප්‍රථිපල අවසාන සති දෙකේදී ධනු ලග්න හිමියන්ට ලැබේ. ඒ අනුව මාසය මුල සිට ඔබ වඩාත් කාර්ය බහුලය. වැඩ කටයුතු අවුල්වීම නිසා මානසික නොසන්සුන්තවයට හේතු වේ. මින් මිදීමට සුදුසු වැඩපිළිවෙලක් ඔබ විසින් සකසා ගත යුතුය. යන එන තැන්වල කෑපී පෙනෙන බව සහ සමාජයේ සෑම තැන්හිදීම පිළිගැනීමට ලක් වේ.

ආදායම සරු වන අතර රැකියා ස්ථානයේ අධික වැඩ කොටසක් කිරීමට සිදු වීම හේතුවෙන් තම පෞද්ලික කටයුතු බොහොමයක් අත පසු වෙි. රැකියාවේ කාර්ය බහුලත්වය විටෙක මානසික තෘප්තිය ද බිඳ දමයි. ස්වයං රැකියා හෝ තම නිෂ්පාදන ඉදිරිගත් කරන අයට ක්ෂේත්‍රය තුල තම ව්‍යාපාරවල සුවිශේෂී වර්ධනයක් බලාපොරොත්තු විය හැකිය. රැකියා ස්ථාන මාරු සහ තත්වයේ උස් පහත්කම් සිදුවනු ඇත.

උත්සාහයේ තරමටම ආදායම් තත්වය ඉහළ නොයයි. තැන්පත් ධනය වැය වීමට කරුණු යෙදෙයි. අමතර ආදායම් ලැබුනත් අය වැය කළමණාකරණය කර ගැනීමට අපහසුතා ඇති වේ. මාසයේ අග සති දෙක තරමක් දුරට යහපත් වේ. වෘත්තීය සහ කුලී රථ රියදුරන්ගේ ආදායම යහපත්ය.

අධ්‍යාපන තත්වය හොඳ වන අතර මාසයේ මැද සිට උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපනය හදාරණ අයට සුබ වාතාවරණයක් ඇති වේ. එහිදී උසස් පිළිගැනීම් සහ ජයග්‍රහණ උරුම වේ.

පවුලේ දියුණුව වෙනුවෙන් දක්වන උනන්දුව මද වන අතර, විශේෂයෙන්ම මෙම මාසයේ පවුලේ විශ්වාසය පලුදු වීමට කරුනු යෙදිය හැක. විවාහ වීමට අපේක්ෂා කරන අයට මංගල යෝග තිබුනද විවාහ ගිවිස ගැනීම් කල් ගත වන බව කිව හැකිය. පදිංචිය වෙනස් කිරීමට ද සිත් පහළ වේ. පවුලේ සමගිය ආරක්ෂා කර ගැනීමට හැකි වේ. සතුරු කරදර චිත්ත පීඩා ගෙන දිය හැකිය.

මානසික ව්‍යාකූලතා, සෙම් රෝ, වාත වේදනා සහ පපුව ආශ්‍රිත වේදනාවන්ට ඉඩ ඇත.

ජය වර්ණය රතු
ජය අංක 1, 2, 6

Sagittarius monthly horoscope for July 2015


වෘශ්චික ලග්න පලාපල - ජූලි 2015

වෘශ්චික

මෙම මාසය ඔබට සුභ අශුබ මිශ්‍රව ලැබෙන කාලයකි. එනමුත් බාධකවලට වඩා කටයුතු සඵල වීම් වැඩි නිසා සතුටු විය හැකි මාසයකි. මෙතෙක් මනසේ පැවති නොසන්සුන්කම ක්‍රමයෙන් පහව යන අතර විනෝදයෙන් කාලය ගෙවීමට අවස්ථා ලැබෙන බැවින් මනස සැහැල්ලු වේ.

තැන්පත්  ධනය වර්ධනය වන අතර තමන් නොසිතූ අයුරින් රැකියාවෙන් හෝ ව්‍යාපාරයෙන් අමතර ආදායම් ලැබේ. අතමිට මුදල් ගැවසෙන අතර අනවශ්‍ය සහ අත්‍යාවශ්‍ය නොවන වියදම් රැසක් ජනිත වන මාසයකි. වියදම් කළමනාකරණය නොකළහොත් ණය වීමට හෝ පසු තැවීමට ඉඩ තිබේ.

රැකියා ක්ෂේත්‍රෙය්දී කාර්ය බහුල තත්වයක් ඇතිවන අතර බොහෝ වගකීම් දැරීමටද සිදු වේ. ඔබගේ උත්සාහය සහ කැපකීරීම තම දියුණුවේ රහස බව සිතන ඔබට රැකියාව හෝ ව්‍යාපාරය සතුටින් කරන අතර එහිදී දැනෙන විඩාව නොසළකා හරී. තමා තුළ තිබෙන විවිධ කුසලතාවයන් ඉස්මතු වන අතර ඒවායින් නව ව්‍යාපාර ආරම්භ කිරීමට ද උනන්දු වන කාලයකි.

පෙම් සබඳතා ස්ථිර වෙන අතර වැඩිහිටියන්ගේ ආශීර්වාදය ලැබෙනු ඇත. අවිවාහකයන්ට මංගල යෝග ද අනාගතයට සුදුසු සහකරුවා හෝ සහකාරීය තෝරා ගැනීමට සිත යෙදෙන කාලයකි. එය සුබවාදී වෙයි. යුග දිවි ගෙවන්නන් අතර සතුට සමාදානය වර්ධනය වන අතර ඉදිරි දියුණුව සඳහා දරුවන් වෙනුවෙන් කටයුතු කිරීමට පෙළඹේ.

සෞඛ්‍ය අතින් යම් ගැටලු ඇති විය හැකි අතර, ඉක්මන්කාරීකම හේතුවෙන් හෝ පරිසම් නැතිකම ගැන අවධානයට ගත යුතුය. මාසයේ මැද තරමක් අගුණය. වැටීම් තැලීම් අස්ථි බිඳීම් ලේ ගැලීම් යනාදියට ඉඩ ඇත.

ජය වර්ණය නිල්
ජය අංක 3, 5, 8

Scorpio monthly horoscope for July 2015


කන්‍යා ලග්න පලාපල - ජූලි 2015

කන්‍යා

විවිධ අභියෝග බාධක හමුවේ වුවත් බොහෝ කටයුතු ඉටුකර ගැනීමට හැකිවේ. අනවශ්‍ය කලබලකාරී බව නිසා වැඩකටයුතු අවුල් වන සහ වෙනත් ගැටලු නිර්මාණය වන තත්වයක් පෙනේ.

ආදායම් වැඩි වී මිල මුදල් අතින් යහපත් වුවද වියදම් පක්ෂය බොහෝ සෙයින් ඉහළ යනු ඇත. ගෙදරදොර අලංකාරය සහ භාණ්ඩ මිලදී ගැනිම සඳහා වියදම් වේ. අලුතින් ණය වීම සහ පැවතියා වූ පැරණි ණය ගනු දෙනු විසඳා ගැනීමට අවස්ථාවක් ද සැළසේ. මූල්‍ය ආයතන සමග කරන ගණුදෙනු මගින් සහන හෝ ලාභ ලැබෙන මාසයකි.

රැකීරක්ෂා ක්ෂේත්‍රෙය් නව මුහුණුවරක් ගනී උනන්දුව උත්සාහය වැඩි වෙයි. ප්‍රධානීන්ගේ අවධානයට පාත්‍ර වේ. සතුරු කරදර රහසේ වර්ධනය වෙයි. ව්‍යාපාර හිමියන්ගේ උනන්දුව සහ කැප කිරීම නිසාම ඉන් ලබන ආදායම වැඩි වේ. ඉන් උදම් වුවහොත් අත්‍යාවශ්‍ය නොවන සුඛෝපභොගී දෑ සදහා වියදම් වැඩි වේ.

අධ්‍යාපනයේ නිරත වෙන්නන්ගේ උනන්දුව සහ උත්සාහය වැඩි වේ. විභාග සහ සම්මුඛ පරික්ෂණවලින් ජය ලැබේ. සන්සුන්කම සහ බුද්ධිමත්කම නොවුනහොත් කටයුතු අවුල් විය හැක. බාහිර කටයුතුවලින් ඈත් වීම නුවණට හුරුය.

නිවසේ පවතින අඩු ලුහුඩුකම් විසදා ගැනීමෙන් සතුටට පත් වේ. පවුලේ කටයුතු සඳහා වැඩි කාලයක් මිඩංගු වේ. මත ගැටුම් මතු වුවත් ඒවා දුරදිග නොගොස් පවුලේ සාමාජිකයන් හා සමගිය සමාදානය පවතී. මංගල යෝග ඇත. විවාහ උත්සව කඩිනම් වීම හෝ ස්ථිර වීමක් පෙනේ.

වාත සහ රත් පිත් රෝග ඇති අය නිසි බේත් හේත් කල යුතුය. සාමාන්‍යයෙන් බරපතල රෝගී තත්වයන් අලුතෙන් ඇති නොවේ.

ජය වර්ණය කොළ
ජය අංක 1, 2, 9

Virgo monthly horoscope for July 2015



සිංහ ලග්න පලාපල - ජූලි 2015

සිංහ

අභියෝග භාධක සියල්ල මැඩ ඉදිරියට යෑමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබෙන මාසයකි. නිවැරදි යහපත් තීරණ ගැනීම ද, බුද්ධිමත්ව අන් අයගේ දුක්ගැනවිලිවලට ඇහුම්කම් දීම සහ පිහිට වීම දැකිය හැකිය. වැඩිහිටියන්ගෙන් සහ ආගමික නායකයන්ගෙන් පැසසුම් ලැබේ. යන එන තැන කැපී පෙනීම, සතුරන් මෙල්ල වීම තම අරමුණු ඉටු වීම යන කරුණු යෙදෙන ඉතා සුභ මාසයකි.

අතමිට සරු වන ලාභ සහ හදිසි ධන ලාභ ද ඇති කරන මෙම මාසයේදී සිංහ ලග්න හිමියන්ට යාන වාහන විකිණීමට මිලදී ගැනීමට යහපත්ය. තැන්පත් ධනය වර්ධනය කර ගැනීමට හැකියාව හෝ ගෘහාශ්‍රිත සංවර්ධනය දේපල මිලදී ගැනීම් ද ඒ අතර වේ.

රැකියා සරුය. ප්‍රධානීන්ගේ සිත් දිනා ගනියි. උසස්වීම් වරප්‍රසාද සහිතයි. ව්‍යාපාර සාර්ථක මගකට යොමු කර වීම, ආයෝජනවලින් අමතර ලාභ, විදේශ රැකියා සම්න්ධ ව්‍යාපාර දියුණුව දැකිය හැකි මාසයකි. විශේෂයෙන්ම විදේශයට අදාළ අන්තර්ජාල ආශ්‍රිත රැකියා සහ ස්වයං ව්‍යාපාර කරන අය ඒ සඳහා උනන්දු වීමෙන් බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලබා ගත හැකි කාලයකි.

අධ්‍යාපනයේදී තරමක උදාසීන බවක් දක්වන නමුත් පසුබෑමක් නැත. උසස් අධ්‍යාපනයේ දියුණුව විදෙස් අධ්‍යාපන යොමු වීම් තරඟ විභාග ජය අපේක්ෂා කළ හැකි මාසයකි.

ගෙදර පරිසරය සතුටුදායි වන අතර හැම කෙනාගෙන්ම උදව් ද, පවුලේ අයගේ සිත් දිනා ගැනීම් සහ ප්‍රධානත්වය ද, විදේශයක හෝ දුර බැහැර අයෙකුගෙන් උදව් ලැබෙන මාසයකි. මංගල යෝග සතුට දනවන ගමන් බිමන් වෙනදාට වඩායෙදිය හැකිය.

දන්ත රෝග, මුඛ රෝග, සම ආශ්‍රිත ඌෂ්න රෝග සෑදීමට ඉඩ ඇත.

ජය වර්ණය රතු
ජය අංක 2, 4

Leo monthly horoscope for July 2015

මිථුන ලග්න පලාපල - ජූලි 2015

මිථුන

හොඳ පෞර්ෂයකින් යුතුව කටයතු කිරීමට මිථුන ලග්න හිමියන්ට අවස්ථාව ලැබෙන හොඳ මාසයකි. එහෙත් තමන් ගැන අධි මානසිකත්වයෙන් කල් නොගෙවිය යුතුය. අන්‍යයන් හා කරන කටයුතුවලදී තම මතයටම වැඩ කිරීම සුදුසු නොවේ. වහා කේන්ති එන ගතියක් ඇති වුවත් කෝපාවිශ්ෂ වීම තමන්ට අවාසියකි.

හදිසි ධන ලාභවලට සුළු ඉඩක් පවතී. ඒ නැතත් තැන්පත් ධනය ක්‍රමයෙන් වර්ධනය කර ගැනීමට අවශ්‍ය වටා පිටාව සැකසෙනු ඇත. හිතෙන හිතෙන සුඛෝපිභෝගී දේ මිල දී ගැනීමට සිතුනත් අරපරිස්සමෙන් වියදම් කරන අයට එදිනෙදා කටයුතුවලට කිසිදු ආර්ථික අපහසුතාවයක් ඇති නොවන මාසයකි

රැකියා තත්වයේ ව්‍යාකූළ භාවය වෙනුවට ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට අවශ්‍ය කල්පනා ශක්තිය වර්ධනය වේ. නමුත් විටෙක ඇති කරන අලසකම සහ ඕලාරික අදහස් පිටු දැකිය යුතුය. නව රැකියා බලාපොරොත්තු වන අයට ඇවිදිමින් කරන රැකියා පහසුවෙන් ලැබේ. උත්සාහයේ කැපකිරීමේ තරමට ආදායමද ලැබේ. ඉංජිනේරුමය, මිනින්දෝරු වෘතිය, ගෘහ නිර්මාණ ශිල්පීන්ට, පරිගණක, වෙබ් අඩවි නිර්මාණකරුවන්ට යහපත් මාසයකි.

අධ්‍යාපනික කටයුතු සාර්ථක වෙයි. තරඟ විභාග ජය. පරිගණක, ඉංජිනේරු, කාර්මික යන වෘත්තීය අධ්‍යාපයේ නියැලෙන්නන්ට විශේෂ දස්කම් පෙන්විය හැකි මාසයකි.

ගෙදර දොර පරිසරය හිතකරය. නමුත් ගෙදර රැඳීමට තරම් කාලයක් නැති තරමටම වැඩ කටයුතු යෙදේ. වේගයෙන් යන වාහන ගැනීමට හෝ පැදීමට සිත් යොමු වේ. ගමන් බිමන් බහුල වේ. ඉන් අනවශ්‍ය හෝ අත්‍යාවශ්‍ය නොවන ගමන් බිමන්වලින් වැළකී සිටීමට සුදුසුය.

වැටීම් තැලීම් හදිසි අනතුරුවලින් ආරක්ෂා විය යුතුය. සෙම් රෝග බඩේ අජීර්ණ යනාදියට ඉඩ ඇත

ජය වර්ණය නිල්
ජය අංක 2, 7

Gemini monthly horoscope for July 2015