.

ඔබට අවශ්‍ය වේලාවක සේවාවන් සක්‍රීය කර ගැනීම සඳහා ඔබේ පලාපල ගිණුමට ටොප් අප් කරන මුදලට දෙගුණයක වටිනාකමක්! මෙම දීමනාව සීමිත කාලයකට පමණයි.

...

2015 ඔක්තෝබර් ඔබේ ලග්නයට කොහොමද?

පවතින ග්‍රහචාරය අනුව 2015 ඔක්තෝබර් මාසය ලග්න රැසකට වාසි රැසක් උදාකර දෙයි. විශේෂයෙන්ම ජීවිතයේ අමතක නොවන සිහිවටන එක් කිරීමට සමත් වෙයි. ඒ අනුව මෙම වසරේ ඔක්තෝම්බරය එක් එක් ලග්නයට බලපාන්නේ කෙසේද යන්න බලමු.

ගුරු මාරුව ඔබේ ලග්නයට කෙසේද?

රවි හිමි සිංහ රාශිය ගුරුට මිත්‍ර රාශියකි. එබැවින් මෙම ග්‍රහ මාරුව බොහෝ දෙනෙකුට සුබඵල ගෙන දීමට සමත්ය.

නිවැරදි ජ්‍යොතිෂය වෙනුවෙන් ඔබේ දායකත්වය

මෙම ලිපිය කියවන ඔබ ‍‍ ජ්‍යොතිෂ පළිබඳ විශ්වාස කරන, නොකරන ‍හෝ මධ්‍යස්ථ මත දරන්නනෙක් විය හැක. තවත් සමහර විටක ඔබේ ජන්ම පත්‍රය ජ්‍යොතිෂඥයෙකු ලවා විග්‍රහ කර නොගත් අයෙක් විය හැක. ...

මේ වසරේ සිදු වෙන සුවිශේෂී ග්‍රහ මාරුව

ග්‍රහ මණ්ඩලයේ බලවත්ම සුභ ග්‍රහයා වන බ්‍රහස්පති හෙවත් ගුරු රවි හිමි සිංහ රාශිගත වීම මේ වසරේ සිදු වෙන සුවිශේෂී ග්‍රහ මාරුවයි.

Showing posts with label කුම්භ ලග්න පලාපල. Show all posts
Showing posts with label කුම්භ ලග්න පලාපල. Show all posts

Tuesday, October 6, 2015

කුම්භ ලග්න පලාපල - ඔක්තෝබර් 2015

කුම්භ

මානසික අසහනය සහ නොසන්සුන්තාවය කටයුතු අවුල් වීම. ගෙදරදොර කටයුතු යහපත්ය. විදේශ රැකියා බලාපොරොත්තු ඉටු වේ. විදේශ අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපනය ඉහළට. ඇස් හිස් මුඛ රෝග. 


කුම්භ ලග්න හිමියන්ගේ ඔක්තෝබර් මස ග්‍රහචාරය අනුව මිශ්‍ර ඵල ලැබෙන බව කිව හැකිය.  යෝගකාරක සිකුරු සහ ශුභ ග්‍රහයෙකු වන කුජ හත්වැන්නේ ගෝචරය වීම ගෙදර දොර සහ පවුලේ සතුට සමාදානය රැක ගැනීමට හේතු වේ. නමුත් කිසියම් මානසික අසහනය සහ නොසන්සුන්තාවය විටින් විට මතු වෙන අතර එමගින් කටයුතු අවුල් වීමට පුලුවන. එබැවින් එවන් විටෙක මනස සන්සුන් කර ගැනීම සහ ආගම දහමට යොමු වීම බෙහෙවින් සහනදායක වෙයි. කුම්භ ලග්න හිමි තර්ණ තරුණියන්ට යහපත් මංගල යෝග උදා වෙන පරිසරයක් ඇත.  යහපත් යුග දිවියකට අවැසි සුදුසු අනාගත සහකරුවන් හඳුනාගැනීමට අවස්ථාව සැළසේ. ගමන් බිමන් හේතුවෙන් වියදම් අධික වෙනු ඇත.

රැකියා සහ ව්‍යාපාරවල වෙනදාට වඩා වෙහෙස මහන්සියෙන් කටයුතු කිරීමට සුදු වේ. රැකියා සහ ව්‍යාපාර කටයුතු කරන කුම්භ ලග්න හිමියන්ට වගකීම් රැසක් පැවරෙන කාලයකි. වෙනදාට වඩා ගත සිත දෙකම වෙහෙසට පත්වීම තුල කිසියම් අසහනකාරී තත්වයක්ද මතු විය හැකිය. යහපත් අයුරින් කරගෙන ගියදෑ යම් යම් විදියේ අවුල් සහගත තත්වයත් ඇති වේ. ඔබ විසින් ගන්නා තීන්දු තීරණ ගැටලු සහගත තත්වයක් නිර්මාණය විය හැකි නිසා හැමවිටම කල්පනාකාරී විය යුතුය. දැනට විදේශ සම්බන්ධ රැකියාවල නියුතු අයගේ ලාභාංශ ඉහළ යන අතර ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රචාරණය යහපත් ලෙස ඉබේම මෙන් සිදු වේ.

අධ්‍යාපනය සම්බන්ධයෙන් දක්වන උනන්දුව උත්සාහය මත තම බලාපොරොත්තු වූ ඉලක්ක කරා යෑමට අවස්ථාව ඇත. විවිධ පොත්පත් ඇසුරු කිරීමෙන් බොහෝ දැනුම ලබා ගන්නා කාලයකි. තරඟ විභාගාදීයට යෑමට ප්‍රථම බුද්ධිමතුන්ගේ සහයෝගයෙන් සහ කාරුණික ගුරු උපදේශයන් මගින් ඔබේ ජයග්‍රහණ තහවුරු කර ගත හැකිය. 

දන්ත, විදුරුමස් සහ චර්ම  රෝග උත්සන්න විය හැකි බැවින් කල්පනාකාරීව ඉන් මිදීමට කටයුතු කිරීම සුදුසුය.  උපතේදී සඳු සිටින තැන අනුව මෙම ප්‍රථිපල අඩුවැඩි වන බව සැළකිය යුතුය.

ජය අංක - 3, 7
ශුභ දින -  බ්‍රහස්පතින්දා, සිකුරාදා
ශුභ වර්ණ - නිල් , සුදු

Sunday, July 5, 2015

කුම්භ ලග්න පලාපල - ජූලි 2015

කුම්භ

අශුභ ඵලවලට වඩා සුභ ඵල ලබා ගත හැකි වන බැවින් කුම්භ ලග්න හිමියන්ට මෙය සුභ මාසයක් ලෙස නම් කිරීම වැරදි නොවේ. උනන්දුව උත්සාහය සහ කැපකීරීම අමතක කලා සේ සිටී. ඉන් මිදී ග්‍රහ ගමන අභිබවා යන ලෙස උනන්දුව උත්සාහය කැපකිරීම සහිත ක්‍රියා කරන කුම්භ ලග්න හිමියන්ට මේ ග්‍රහ බලයේම අැති සැඟවුන ලැබීම් නෙළා ගත හැකිය.

මුදල් අතින් අඟහිඟකම් යෙදුනත් මහන්සි වී කරන රැකියා හෝ අමතර වැඩ මගින් එදිනෙදා අවශ්‍යතාවන්ට සරිලන මුදල් සොයා ගැනීමට අපහසු නොවේ. මේ මාසයේ ඔබට ලැබෙන මුදල මනා සකසුරුවමින් වියදම් කළ යුතුය. මෙම මාසය අවසානයේදී තත්වය ශුභ අතට පෙරළෙනු ඇත.

රැකියා ප්‍රධානීන්ගෙන් සහ උසස් අයගෙන් දෝෂාරෝපන ඇසීමට සිදුවන කිසිවක් නොකළ යුතුය. ඔබ විසින් යෝජනා හෝ අදහස් ඉදිරිපත් කරනවා වෙනුවට අන් අයගේ අදහස් අනුව කටයුතු කිරීමෙන් රැකියා ස්ථානයේ ඔබ සමග කටයුතු කරන අයගේ සිත් දිනා ගත හැකිය. වෙනදාට වඩා රැකියාවේ වෙහෙසකර බවක් දැනුනත් ඉවසීමෙන් යුතුව තම රාජකාරී නිසියාකාරව කිරීම ඔබට වාසියකි. මහන්සියෙන් කරන රැකියාවල නියුතු අයට හොඳ ආදායම් ලැබේ. නව ව්‍යාපාර දියත් කිරීම ටික දිනකට කල් දැමීම සුදුසුයි. පවතින ව්‍යාපාරවලට රහස් සතුරු කරදර ගැන කල්පනාවෙන් සිටිය යුතුය.

අධ්‍යාපන ලබන දූ දරුවන් ඒ පිළිබඳව තැකීමක් නොකර සිටිය හැක. අධ්‍යාපනයෙන් දියුණු වූ පිටස්තර පුද්ගලයන් ගැන කරුණු වටහා දීමට දෙමව්පියන් උනන්දු විය යුතුය. සහජ දක්ෂතා ඔප්නංවා ගැනීම මගින් අධ්‍යාපන අංශයේ විවිධ ඉසව් ජය ගැනීමට උපකාරී වේ.

ගෙදර දොර පරිසරය යහපත්වපවත්වා ගෙන යෑමට තමා තුළ ඇති ශක්තිය සහ ධෛර්යය උපයෝගී කර ගන්න. උදව් ලබා ගත හැකි හෝ උදව් කරන අයට වඩාත් ලෙන්ගතු වන්න. ඔවුනට අගය වැඩි ඔබට ශ්‍රමයෙන් කළ හැකි යමක් වෙතොත් නොපමාව එය කරන්න. නිවාස අළුත් වැඩියා, මංගල කටයුතු, ගෙදරට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම් ලබන මාසය වන තෙක් කල් දාන්න. අදහන ආගමට අනුව දැහැමින් හා ඉවසීමෙන් කල් ගෙවන්න. දුසිරිතෙන් තොර වෙන්න. අද නගින කන්ද හෙට සිට පල්ලමක් වන බව වටහා ගන්න. එවිට කුම්භ ලග්න හිමියන්ට මහත් වූ ජයග්‍රහණ හිමි වනු නියතය.

වෙන වෙනම කීමට අවශ්‍ය නොවන නිසා මෙසේ සඳහන් කළ හැකිය. පවතින රෝගාබාධවලට වෛද්‍ය උපදෙස් මත කල් නොහැර බෙහෙත් ගන්න. අත් බේත් නොකරන්න. නොඉවසිලිමත්කම අවධානම් වැඩ දුරලා හදිසි අනතුරුවලින් මිදෙන්න.

ජය වර්ණය කොළ
ජය අංක 2, 5, 7


Aquarius monthly horoscope for July 2015