2015 ජූලි මාසයේ පවතින ග්‍රහචාරයට අනුව ඔබගේ ලග්නයට කෙසේද?.
ප්‍රථමව ග්‍රහයන් ගමන් කරන්නේ කිනම් රාශිවලද යන්න විමසිය යුතුය. පලාපල.lk මගින් ඔබට නිරතුරුවම වෙනස් වෙමින් යන සජීවී ග්‍රහ ගමන ඉදිරිපත් කරන නිසා එය පහසුවෙන් බලාගත හැකිය. නිවාස පිටුවේ දකුණු පස ඉහළ තිබෙන ග්‍රහ රාශි චක්‍රයට අනුව මේ වන විට ග්‍රහයන් ගමන් කරන්නේ මෙසේය.
එය අනුව රවි සහ කුජ මිථුන රාශියේ ගමන් කරයි. බුධ වෘෂභ රාශියේද, සිකුරු සහ ගුරු කටක රාශියේද, ශනි වෘශ්චික රාශියේද, රාහු කන්‍යා රාශියේද, කේතු මීන රාශියේද ගමන් කරයි. ( ගෝචරය වෙයි. )
මාසය ආරම්භයේ මෙසේ වුවත් ජූලි 05 වෙනිදා බුධ මිථුන රාශි ගත වෙන අතර සිකුරු සිංහ රාශි ගත වෙයි. ජූලි 14 වෙනිදා ගුරු ද සිංහ රාශි ගත වීම මේ වසරේ සිදුවන වැදගත්ම ග්‍රහ මාරුවයි. ජූලි 17 වෙනිදා රවි මිථුනයට යන අතර 25 වෙනිදා සිකුරු වක්‍ර වෙයි. කුජ කටක රාශි ගත වෙනුයේ මේ මස අවසන් දින වන ජූලි 31 වැනිදාය.
ඒ අනුව මෙම මාසයේ ග්‍රහ ගමන් රාශියකි. අප ඉදිරිපත් කරන අනාගත ලග්න පලාපල සේවාවේ ලියාපදිංචි අයට මෙම සියලු ග්‍රහ මාරු, නැකැත්, පාද සහ සතුරු මිතුරු සබඳතා ද බලා ගත හැකියි.
පවතින ග්‍රහ තත්වයන් අනුව 2015 වසරේ ජූලි මාසය එක් එක් ලග්නයට බලපාන්නේ කෙසේද යන්න දැන් අපි බලමු.








