.

ඔබට අවශ්‍ය වේලාවක සේවාවන් සක්‍රීය කර ගැනීම සඳහා ඔබේ පලාපල ගිණුමට ටොප් අප් කරන මුදලට දෙගුණයක වටිනාකමක්! මෙම දීමනාව සීමිත කාලයකට පමණයි.

...

2015 ඔක්තෝබර් ඔබේ ලග්නයට කොහොමද?

පවතින ග්‍රහචාරය අනුව 2015 ඔක්තෝබර් මාසය ලග්න රැසකට වාසි රැසක් උදාකර දෙයි. විශේෂයෙන්ම ජීවිතයේ අමතක නොවන සිහිවටන එක් කිරීමට සමත් වෙයි. ඒ අනුව මෙම වසරේ ඔක්තෝම්බරය එක් එක් ලග්නයට බලපාන්නේ කෙසේද යන්න බලමු.

ගුරු මාරුව ඔබේ ලග්නයට කෙසේද?

රවි හිමි සිංහ රාශිය ගුරුට මිත්‍ර රාශියකි. එබැවින් මෙම ග්‍රහ මාරුව බොහෝ දෙනෙකුට සුබඵල ගෙන දීමට සමත්ය.

නිවැරදි ජ්‍යොතිෂය වෙනුවෙන් ඔබේ දායකත්වය

මෙම ලිපිය කියවන ඔබ ‍‍ ජ්‍යොතිෂ පළිබඳ විශ්වාස කරන, නොකරන ‍හෝ මධ්‍යස්ථ මත දරන්නනෙක් විය හැක. තවත් සමහර විටක ඔබේ ජන්ම පත්‍රය ජ්‍යොතිෂඥයෙකු ලවා විග්‍රහ කර නොගත් අයෙක් විය හැක. ...

මේ වසරේ සිදු වෙන සුවිශේෂී ග්‍රහ මාරුව

ග්‍රහ මණ්ඩලයේ බලවත්ම සුභ ග්‍රහයා වන බ්‍රහස්පති හෙවත් ගුරු රවි හිමි සිංහ රාශිගත වීම මේ වසරේ සිදු වෙන සුවිශේෂී ග්‍රහ මාරුවයි.

Showing posts with label මීන ලග්නය. Show all posts
Showing posts with label මීන ලග්නය. Show all posts

Friday, July 17, 2015

ගුරු මාරුව ඔබේ ලග්නයට - මීන ලග්නය

මීන - Pisces

මීන ලග්නය හිමි ඔබගේ රෝගස්ථානය වන හයවැන්නට ගුරු පැමිණීම යහපත් නොවේ. සතුරු කරදර සහ සෞඛ්‍ය ගැටලු ඇති වීමට මෙය හේතුවක් විය හැකි අතර ඒවාට බුද්ධිමත්ව මුහුණ දීමට ඇති හැකියාවද ඇත.

ධනකාරක ගුරු ත්‍රිකෝණ දෘෂ්ඨියෙන් යුතුව ඔබගේ රැකියාස්ථානය දැකීම මගින් විවිධ බාධා ගැටලු මධ්‍යයේ වුවද ඔබගේ වෘත්තීය මට්ටම ආරක්ෂා වේ. එබැවින් සැළකිය යුතු ධෛර්යය සම්පන්න බවකින් රැකියාවෙන් සහ ව්‍යාපාරවලින් ආදායම් ලබා ගත හැකි වේ. එහෙත් මුදල් අඟහිඟතාවයන්ට මේ කාලයේ මුහුණ දීමටද සිදු වේ. විදෙස් ගමන් බලාපොරොත්තු අයගේ අදහස් සඵල වීමද උසස් මිතුරන්ගෙන් උදව් උපකාරද බලාපොරොත්තු විය හැකිය.

ප්‍රේම සම්බන්ධතා සහ විවාහ ගිවිස ගැනීම් ඉතා කල්පනාවෙන් කල යුතුය. යුගදිවි ගෙවන්නන් අතර සුළු සුළු ප්‍රශ්න ඇති වීමට ඉඩ ඇත. දරුවන් ලැබීමට සිටින මව්වරුන් පැමිණෙන ගැටලු ගැන සිහිනුවණින් සිටිය යුතුය. ඉදිරි අනාගතය සුබ වන නිසා ඒ ගැන සිතා උපේක්ෂාවෙන් යුතුව සහ ධර්මානුකූලව කල් ගෙවිය යුතුය. නැතහොත් අධික රුධිර පීඩනය ආදී අනවශ්‍ය රෝගාබාදයන්ට ලක්විය හැකිය.

සෞඛ්‍ය තත්වය පිරිහීම මගින් ශාරීරික දුබලතාවයන් අැති වීමට ඉඩ ඇති කලයකි. එබැවින් හොඳ මානසිකත්වයකින් සහ අපේක්ෂාවෙන් යුතුව මෙම කෙටි කාලයට මුහුණ දීම සුදුසුය.

යාවත්කාලීන (අප්ඩේට්) වීමට නියමිතයි. සියලු විස්තර බලා ගැනීමට නැවත පැමිණෙන්න. යතුරු පුවරුවේ Bookmark සඳහා Ctrl + D ඔබා Enter කරන්න.

යාවත්කාලීන කරන ලදී - Updated 16-12-2015


රවි - ගුරු පරිවර්ථනය

දෙසැම්බර් 16 වෙනි දින සවස 2.42 ට රාජ්‍යකාරක රවි තම මිත්‍ර රාශියක් වූ ධනු රාශියට පිවිසෙයි. ඒ අනුව වසර දොළහකට පසු රවි - ගුරු පරිවර්ථන යෝගයක් උදා වේ.

2015 දෙසැම්බර් 22 වෙනි රාත්‍රී 10.6 ට මීන ලග්න හිමි ඔබගේ ග්‍රහ සටහන මෙහි දැක්වේ. රවි - ගුරු පරිවර්ථනය සහ චන්ද්‍රයා උච්ච වීම ඇතුළු ග්‍රහ බලය අනුව පලාපල මෙසේය.

යෝගකාරක කුජ හත්වැන්නේය ගුරු බාධක ස්ථනයේය. රවි රැකියා ස්ථානයේය.  සඳු වික්‍රමස්ථානයේ උච්ච වීමත් හේතුවෙන් ඔබට කිසියම් ලෙසක සුභඵල ගෙනදීමට හේතුවකි.

මෙම කාලය ඉතාමක් කාර්යය බහුල ලෙස ගෙවී යයි. ගෙදර දොර තත්වය හිත මිතුරන් නෑදෑයන් ගැන සිතීමට කාලයක් නැත. උත්සාහය උනන්දුව කැපකිරීම නොඅඩුව ඇති වන බැවින් රැකියාවේ කටයුතු කලට වේලාවට කරමින් උසස් අයගේන් කීර්ති ප්‍රසශංසා නිබදව ලැබේ. රැකියාවේ උසස් වීම් සහ වගකීම් බහුල වන බවක් පෙනේ. විදේශ සංචාර හිමි වේ. සතුරන් පරාජයට පත් වේ. ව්‍යාපාරාදියෙන් ලාභ මෙන්ම දියුණුවද ඇති වේ. වයාපාර සම්බන්ධව මූල්‍ය ආයතනවලින් ණය පහසුකම් ලැබේ. අනාගත ව්‍යාපාර ඉලක්ක වෙනුවෙන් දැන්ම සිට ප්‍රචාරණ කටයුතු කිරීමට සුදුසු කාලයකි.

පියාගෙන් හෝ පිය පක්ෂයේ දේපල උරුම වන කාලයකි. පියාට සුබය. පියාගේ පැවති රෝගාබාධ සමනය වේ.  සහෝදරයන්ට අසුබයි. කෙටි ගමන් වැඩිවන අතර අමතර වැය පක්ෂයද ඉහළ යයි. හදිසි අනතුරු සම්බන්ධව ගැටලුකාරී තත්වයක් ඇති හෙයින් ඉතාමත් කල්පනාවෙන් ගමන් බිමන් යෑම අනිවාර්යයි.

සඳු, කුජ, ගුරු දශා අනු දශා ගෙවන අයට මෙය හොඳ කාලයකි. මෙම ග්‍රහයන් 22 වෙනි දෙර්කාණාධපති හෝ 64 වෙනි නවාංශකාධිපති නොවේනම් ශුභඵල නියතය. ඔබගේ ජන්ම පතුයට අදාළ මෙවන් විස්තර බලා ගැනීමට අවශ්‍යනම් සහ කැමතිනම් අපගේ ජන්මපත්‍රය නිවැරදිද සහ පලාපල විස්තරාත්මකව යන සේවා ලබා ගන්න.