.

ඔබට අවශ්‍ය වේලාවක සේවාවන් සක්‍රීය කර ගැනීම සඳහා ඔබේ පලාපල ගිණුමට ටොප් අප් කරන මුදලට දෙගුණයක වටිනාකමක්! මෙම දීමනාව සීමිත කාලයකට පමණයි.

...

2015 ඔක්තෝබර් ඔබේ ලග්නයට කොහොමද?

පවතින ග්‍රහචාරය අනුව 2015 ඔක්තෝබර් මාසය ලග්න රැසකට වාසි රැසක් උදාකර දෙයි. විශේෂයෙන්ම ජීවිතයේ අමතක නොවන සිහිවටන එක් කිරීමට සමත් වෙයි. ඒ අනුව මෙම වසරේ ඔක්තෝම්බරය එක් එක් ලග්නයට බලපාන්නේ කෙසේද යන්න බලමු.

ගුරු මාරුව ඔබේ ලග්නයට කෙසේද?

රවි හිමි සිංහ රාශිය ගුරුට මිත්‍ර රාශියකි. එබැවින් මෙම ග්‍රහ මාරුව බොහෝ දෙනෙකුට සුබඵල ගෙන දීමට සමත්ය.

නිවැරදි ජ්‍යොතිෂය වෙනුවෙන් ඔබේ දායකත්වය

මෙම ලිපිය කියවන ඔබ ‍‍ ජ්‍යොතිෂ පළිබඳ විශ්වාස කරන, නොකරන ‍හෝ මධ්‍යස්ථ මත දරන්නනෙක් විය හැක. තවත් සමහර විටක ඔබේ ජන්ම පත්‍රය ජ්‍යොතිෂඥයෙකු ලවා විග්‍රහ කර නොගත් අයෙක් විය හැක. ...

මේ වසරේ සිදු වෙන සුවිශේෂී ග්‍රහ මාරුව

ග්‍රහ මණ්ඩලයේ බලවත්ම සුභ ග්‍රහයා වන බ්‍රහස්පති හෙවත් ගුරු රවි හිමි සිංහ රාශිගත වීම මේ වසරේ සිදු වෙන සුවිශේෂී ග්‍රහ මාරුවයි.

Showing posts with label වාර්ෂික ලග්න පලාපල. Show all posts
Showing posts with label වාර්ෂික ලග්න පලාපල. Show all posts

Friday, June 5, 2015

වාර්ෂික ලග්න පලාපල




දිනපතා, සතිපතා, මාස්පතා සහ වාර්ෂික ලග්න පලාපල මුද්‍රිත මාධ්‍යයන් මගින් සහ අන්තර්ජාලය මගින් ඉදිරිපත් කරනවා. මෙසේ ලග්න පලාපල ඉදිරිපත් කිරිමේදී එහි ආරම්භක දිනයේ පැවති ග්‍රහ ගෝචරය පාදක කර ගෙන ලග්න පලාපල ඉදිරිපත් කිරීම සාමාන්‍ය ක්‍රමයයි. එනම් වාර්ෂික ලග්න පලාපල ප්‍රකාශනයකදී වර්ෂය ආරම්භ වන දිනයේ තිබූ ග්‍රහ ගමනට සාපේක්ෂව මුලු වසරේම ලග්න පලාපල විග්‍රහ කරනවා. ඒ් අතරතුර යම් ග්‍රහයෙකු වෙනත් රාශියක් කරා ගෝචරය වීමේදී ඊට අදාලවද පලාපල ග්‍රකාශනය කිරීම සාමාන්‍ය ස්වභාවයයි.

මෙපරිද්දෙන් වාර්ෂික පලාපල ඉදිරිපත් කිරීමක් පලාපල.lk මගින් ද ඔබට කිසිදු මුදලක් නොගෙවා නොමිලේ ලබා ගත හැකියි. මෙහිදී අප විසින්ද ඉදිරිපත් කරන්නේ පොදු ලග්න පලාපලයි. පොදු ලග්න පලාපල කියන්නේ යම් ලග්නයක් එදා පැවතියාවූ ග්‍රහ තත්වය ජ්‍යොතිෂානුකූලව විග්‍රහ කිරීමයි. මෙහිදී එක ලග්නය තිබෙන සෑම අයෙකුටම එක හා සමාන ප්‍රථිඵලයකුයි ලැබෙන්නේ.

එසේනම් පොදු ලග්න පලාපල මගින් කිසියම් ලග්නයක් හිමි පුද්ගලයෙකුගේ පුද්ගලික ජන්ම තොරතුරු අනුව පලාපල ප්‍රකාශනයක් ලැබෙන්නේ නැහැ. නමුත් පලාපල.lk මීට විසඳුමක් ලබාදී තිබෙනවා. නමුත් එම පහසුකම ලැබෙන්නේ ඉතා සුළු මුදලක් ගෙවා අපේ දායකත්වය ලබා ගත් අයට පමණයි.

එහිදී තම ජන්ම කේන්දරයට අනුව සැකසුන, තමන්ටම ආවේනික පලාපල ප්‍රථිපල ලබා ගැනීමට පලාපල.lk මගින් අවස්ථාව ලැබෙනු ඇති.  දැනට එය අප විසින් නම් කර තිබෙන්නේ කෙටි කාලීන ගෝචර පලාපල සහ දිගු කාලීන ගෝචර පලාපල යනුවෙනුයි. සතියේ සිට මාසයක පමණ කාලයක පලාපලයක් කෙටිකාලීන ගෝචරවලට ඇතුළත් වන අතර, වසරක පමණ ප්‍රථිඵලයක් දිගුකාලීන ගෝචර පලාපලයෙන් ඔබට ලබා ගැනීමට හැකි වෙනවා.

මෙහිදී අසවල් දිනයේදී යම් ග්‍රහයෙකු අසවල් රාශියට යනවායැයි ද ඒ අනුව ප්‍රථිඵල මෙසේය යනුවෙන් දක්වනවා වෙනුවට, එදිනෙදා සිදු වෙන ග්‍රහ ගමන සැළකිල්ලට ගනිමින් ඊට අදාළ ප්‍රථිඵල එවෙලේම නිකුත් කිරීමට පලාපල.lk සමත් වෙනවා. එසේම එම පැකේජයේදී අනාගත දිනක පලාපල සමගම අනාගත ග්‍රහ ගමනද කල්තියා බලා ගැනීමේ හැකියාව ඔබට හිමි වෙනවා.

මෙම තිර පිටපත අප ලබා ගත්තේ 2015 ජූනි මස 6 වෙනිදා අපර භාග 9.15 ටය. එනම් ඒ අවස්ථාවේ (දැන්) කෙටිකාලීන ගෝචර ලග්න පලාපල බැලීමටයි.

මෙම තිර පිටපත අප ලබා ගත්තේ 2015 ජූනි මස 6 වෙනිදාය. එහිදී 2016 ජූනි 15 අනාගත දිනට  අදාල කෙටිකාලීන ගෝචර ලග්න පලාපල බැලීම සඳහා දිනය වෙනස් කර ඇත. පලාපල.lk ඔබට අනාගත ලග්න පලාපල ද බලා ගත හැකිය.