.

ඔබට අවශ්‍ය වේලාවක සේවාවන් සක්‍රීය කර ගැනීම සඳහා ඔබේ පලාපල ගිණුමට ටොප් අප් කරන මුදලට දෙගුණයක වටිනාකමක්! මෙම දීමනාව සීමිත කාලයකට පමණයි.

...

2015 ඔක්තෝබර් ඔබේ ලග්නයට කොහොමද?

පවතින ග්‍රහචාරය අනුව 2015 ඔක්තෝබර් මාසය ලග්න රැසකට වාසි රැසක් උදාකර දෙයි. විශේෂයෙන්ම ජීවිතයේ අමතක නොවන සිහිවටන එක් කිරීමට සමත් වෙයි. ඒ අනුව මෙම වසරේ ඔක්තෝම්බරය එක් එක් ලග්නයට බලපාන්නේ කෙසේද යන්න බලමු.

ගුරු මාරුව ඔබේ ලග්නයට කෙසේද?

රවි හිමි සිංහ රාශිය ගුරුට මිත්‍ර රාශියකි. එබැවින් මෙම ග්‍රහ මාරුව බොහෝ දෙනෙකුට සුබඵල ගෙන දීමට සමත්ය.

නිවැරදි ජ්‍යොතිෂය වෙනුවෙන් ඔබේ දායකත්වය

මෙම ලිපිය කියවන ඔබ ‍‍ ජ්‍යොතිෂ පළිබඳ විශ්වාස කරන, නොකරන ‍හෝ මධ්‍යස්ථ මත දරන්නනෙක් විය හැක. තවත් සමහර විටක ඔබේ ජන්ම පත්‍රය ජ්‍යොතිෂඥයෙකු ලවා විග්‍රහ කර නොගත් අයෙක් විය හැක. ...

මේ වසරේ සිදු වෙන සුවිශේෂී ග්‍රහ මාරුව

ග්‍රහ මණ්ඩලයේ බලවත්ම සුභ ග්‍රහයා වන බ්‍රහස්පති හෙවත් ගුරු රවි හිමි සිංහ රාශිගත වීම මේ වසරේ සිදු වෙන සුවිශේෂී ග්‍රහ මාරුවයි.

Showing posts with label Taurus monthly horoscope. Show all posts
Showing posts with label Taurus monthly horoscope. Show all posts

Saturday, October 3, 2015

වෘෂභ ලග්න පලාපල - ඔක්තෝබර් 2015

වෘෂභ

බුද්ධිමත් වබ සහ උත්සාහය සමගින් තම කටයුතු සාර්ථකව පවත්වා ගෙන යා හැකි ග්‍රහ තත්වයක් නිර්මාණය වේ. මංගල යෝජනා ඉදිරිපත් වුවුත් ස්ථිරත්වයට පත් නොවේ. අබියෝග ජය ගැනීමට සමත් වෙයි. විදේශ රැකියා හෝ නව රැකියා. හිසේ සහ ඇස් රෝග අවදානමක්.


වෘෂභ ලග්න හිමියන්ගේ ඔක්තෝබර් මස ග්‍රහචාරය අනුව බලාපොරොත්තු රැසක් සාර්ථක ලෙස ඉටුවන බව කිව හැකිය. යෝගකාරක ශනි සතුරු රාශිගත වුවත් දික්බලව හත්වැන්නේ සිටී. ලග්නාධිපති සිකුරු ඔබට ශුභ ග්‍රහයෙකු වූ කුජ සමග හතරවැන්නේ සිටිමින් එකොළොස්වැන්න වූ අයස්ථානාධිපති ගුරු සමග සංයෝගයෙන් ගෝචරය වන මේ කාලය ඔබගේ ගෙදරදොර කටයුතු ඔබ සිතනවාටත් වඩා හොඳින් සිදුවන බව කිවහැකිය. කුටුම්භස්ථනය වු දෙවැන්න සහ පුත්‍රස්ථානය හිමි පස්වැන්නේ එහි අධිපති බුධ ස්වක්ෂේත්‍ර නිසා නිවස තුල සාමය සමාදානය සහ සතුට රජයනු ඇත. උනන්දුව උත්සාහය වැඩිවෙන අතර බුද්ධිමත් බවද තිරිහන් වනු ඇත. සැහැල්ලුවෙන් විසිය හැකි කාල සීමාවකි. තරුණ අයට දෙමාපිය සහෝදර සහෝදරියන්ගේ නොමද සහයෝගය ද විවාහ අපේක්ෂකයන්ට මංගල යෝගද පවතින කාලයකි. එහෙත් විවාහ ස්ථිර කර ගැනීමට කල්ගත වනු ඇත. විවාහක අයට යහපත් දරුවන්ද, දරු මුනුඹුරන් සිටින අයට චිත්තප්ප්‍රීතියද නොඅඩු ලැබෙනු ඇත.  

රැකියා ස්ථානය වූ දසවැන්න අධිපති සෙනසුරු හත්වැන්නේ තවදුරටත් සතුරු රාශියේම ගමන් කිරීම හේතුවෙන් රැකියා ස්ථානයේ යම් යම් අයගේ බලපෑම් නිසා කටයුතු අවුල් වුවත්, ඔබගේ යෝගකාරක වු ශනි අයස්ථානයට, ලග්නයට සහ හතරවැන්නට දෘෂ්ඨි හෙළීම හේතුවෙන් රැකියාව, ආදායම, ඔබගේ තත්වය සහ ගෙදරදොර පරිසරය ඔබට හිතකාමී වනු ඇත.  නව රැකියා බලාපොරාත්තු වන අයට සුදුසු රැකියාත් කැපවීමෙන් රැකියා කරන අයට විවිධ වරප්‍රසාදත් රැකියාවට සරිලන ආදායමත් ලැබෙන බව සහතිකය.

අධ්‍යාපනය නියෝජනය කරන හතරවැන්න සහ පස්වැන්න ශක්තිමත් බැවින් රාජ්‍ය අංශයේ රැකියා අභිමුඛ අධ්‍යාපන කටයුතු්වල සාර්ථක වීමත්, වෘත්තීය අධ්‍යාපනයට අවතිර්ණ වීමත්, පරිගණක ඉංජිනේරු කළමණාකර ආදී අධ්‍යාපනවල නියැලෙන්නන්ට උසස් ප්‍රෙව්ශයත්, කලාව සම්බන්ධ අධ්‍යාපන කටයුතුවල වර්ධනයත් දක්කට හැකිය. තීරණ ගැනීමේදී යම් දුර්වලතා මගහරවා ගැනීමට බුද්ධිමත් අයගේ උපදෙස් ලබා ගන්න. බාධක අවහිරතා ඇතත් ඒවා මැඩ අනාගතය අධ්‍යාපනය තුලින් ජය ගැනීමට සහ ඔබගේ ඉලක්කයන් සපුරා ගැනීමට මෙම ග්‍රහචාරය මගින් අවස්ථාව ඇත.

පීනස, හිසේ වේදනා සහ ඇස් රෝග ආදියට මුහුණ දීමට ඉඩ තිබෙන බැවින් ඉන් මිදීමට කටයුතු කිරීම සුදුසුය.

ජය අංක - 1, 3, 5
ශුභ දින -  සඳුදා, බදාදා, සිකුරාදා
ශුභ වර්ණ - ලා නිල්, කහ


Saturday, July 4, 2015

වෘෂභ ලග්න පලාපල - ජූලි 2015

වෘෂභ

තම කටයුතු සාර්ථකව පවත්වා ගෙන යා හැකි ග්‍රහ තත්වයක් නිර්මාණය වී ඇති නමුත් අනවශ්‍ය වාද විවාදවලට ද ඉඩ ඇත. හැඟීම් මෙන්ම වචන පාලනය ද අත්‍යාවශ්‍ය වේ. අදහස් ප්‍රකාශ කිරිමේදී දක්වන දුරුවලතා මගින් සාමයට සමගියට බාධාවන් ඇති වේ. තීරණ ගැනීමේදී දෙවරක් සිතා බැලීම වටී.

තැන්පත් ධනය වියදම් කිරීමට සාධාරණ වූ හේතු ඇති වන නමුත් රැකියාවෙන් ආර්ථික වාසි වැඩි කර ගැනීමට තරම් උත්සාහවන්ත වනු ඇත. කල්පනාකාරීව වියදම් සීමා කිරීමේන් එදිනෙදා කටයුතුවලට ආර්ථික භාධාවක් නොමැත.

රැකියාවේ ප්‍රගතියක් ඇති කර ගැනීමට නම් ඉතා කල්පනාවෙන් යුතුව කටයුතු කල යුතුය. ප්‍රධානීන්ගේ හොද හිත පළුදු වන තැන් ගැන හොඳ සිහියෙන් සිටිය යුතුය. සාමූහික රැකියාවන්හි නියුතු අය තම මතයට වඩා අන් අයගේ මතයට ඇහුම්කම් දීම නුවනට හුරුය. හවුල් ව්‍යාපාරවලට සුදුසු නොවේ. විදේශ රැකියා බලාපොරොත්තු වන අයට උත්සාහ කිරීමට මේ කාලය සුදුසුය.

පාසල් අධ්‍යාපනය ලබන වෘෂභ ලග්න හිමි දරුවන්ට දෙමාපියන් විසින් උදව් කල යුතු කාලයකි. ඔවුනගේ මනසේ නොසන්සුන්තාවයන් මගහැරීමට උදව් වෙන්න. උසස් අධ්‍යාපනයේ යෙදෙන අයට දියුණුව ගෙන දේ. තරඟ විභාග ජය ලැබේ. වෘත්තීය අධ්‍යාපනයේ නියැලෙන්නන්ට ද මාසයේ මැද සිට යහපත්ය  දෙමාපියන්ට එවැනි අධ්‍යාපනය ලබන දරුවන්ගේ දියුණුව දැකිය හැක.

ගෘහ ජීවිතයේ වගකීම් ඉතා හොඳින් ඉටු කිරීමට සහ පවුලේ අය සමග සුහදත්වය වර්ධනය කිරීම පිණිස කැපකිරීමකින් යුතුව හොඳ සිහි කල්පනාවෙන් සිටිය යුතු මාසයකි. මත් පැන් භාවිතා කරන පිරිමි අය මේ මාසය නිම වන තෙක්ම ඉන් මිදීම ඉතාමත් සුදුසුය. කාන්තා පාර්ශවයේ අය ආගමික කටයුතුවලට දායක වීම යහපති. යුග දිවි ගෙවන්නන් අනෙක් පාර්ශවයේ වැරදි ගැන වෙනුවට පවතින හොඳ ගැන සිතීම සුදුසු වේ.

දියවැවියා වකුගඩු ආභාධ ඇති අය වෛද්‍ය උපදෙස්අනුව නිසි බෙහෙත් ගත යුතුය. ආහාර විෂ වන දේවල් ගැන කල්පනාකාරීවන්න.

ජය වර්ණය තැඹිලි
ජය අංක 1, 3, 5

Taurus monthly horoscope for July 2015