.

ඔබට අවශ්‍ය වේලාවක සේවාවන් සක්‍රීය කර ගැනීම සඳහා ඔබේ පලාපල ගිණුමට ටොප් අප් කරන මුදලට දෙගුණයක වටිනාකමක්! මෙම දීමනාව සීමිත කාලයකට පමණයි.

...

2015 ඔක්තෝබර් ඔබේ ලග්නයට කොහොමද?

පවතින ග්‍රහචාරය අනුව 2015 ඔක්තෝබර් මාසය ලග්න රැසකට වාසි රැසක් උදාකර දෙයි. විශේෂයෙන්ම ජීවිතයේ අමතක නොවන සිහිවටන එක් කිරීමට සමත් වෙයි. ඒ අනුව මෙම වසරේ ඔක්තෝම්බරය එක් එක් ලග්නයට බලපාන්නේ කෙසේද යන්න බලමු.

ගුරු මාරුව ඔබේ ලග්නයට කෙසේද?

රවි හිමි සිංහ රාශිය ගුරුට මිත්‍ර රාශියකි. එබැවින් මෙම ග්‍රහ මාරුව බොහෝ දෙනෙකුට සුබඵල ගෙන දීමට සමත්ය.

නිවැරදි ජ්‍යොතිෂය වෙනුවෙන් ඔබේ දායකත්වය

මෙම ලිපිය කියවන ඔබ ‍‍ ජ්‍යොතිෂ පළිබඳ විශ්වාස කරන, නොකරන ‍හෝ මධ්‍යස්ථ මත දරන්නනෙක් විය හැක. තවත් සමහර විටක ඔබේ ජන්ම පත්‍රය ජ්‍යොතිෂඥයෙකු ලවා විග්‍රහ කර නොගත් අයෙක් විය හැක. ...

මේ වසරේ සිදු වෙන සුවිශේෂී ග්‍රහ මාරුව

ග්‍රහ මණ්ඩලයේ බලවත්ම සුභ ග්‍රහයා වන බ්‍රහස්පති හෙවත් ගුරු රවි හිමි සිංහ රාශිගත වීම මේ වසරේ සිදු වෙන සුවිශේෂී ග්‍රහ මාරුවයි.

Showing posts with label daily-horoscope. Show all posts
Showing posts with label daily-horoscope. Show all posts

Friday, June 5, 2015

දවසේ ලග්න පලාපල

Daily Horoscope

දවසේ ලග්න පලාපල - Daily Horoscope"දවසේ ලග්න පලාපල" යන වැකිය දුටු පමණින් හෝ ඇසූ පමණින් ඔබ අප සියළු දෙනාටම එහි අදහස් කරන දේ තේරුම් යනවා. දිනපතා පුවත්පත්වලින්, ගුවන් විදුලියෙන්, රූපවාහිනියෙන්, අන්තර්ජාලයෙන් හෝ වෙනත් මාධ්‍යයක් මගින් එක් එක් ලග්නයට අදාළ පලාපල විස්තරයක් ගෙන එනු ලබනවා. මෙය බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය අංගයක්.

මෙසේ ඉදිරිපත් කරන ලග්න පලාපල නිවැරදිද? එසේ නැතිනම් සියයට කීයක් පමණ නිවැරදිද? යම් ලග්නයකට කියවෙන පලාපලයට හාත්පසින්ම වෙනස් ප්‍රථිපලයක් යම් කෙනෙකුට ලැබෙනවානම් ඒ කෙසේද? මෙතන යම් ප්‍රශ්නයක් ඇති බැවින් ඒ ගැන මදක් විමසා බැලිය යුතුයි නේද?

දිනපතා ලග්න පලාපල හෝ සතිපතා, මාසික, වාර්ෂික හෝ විශේෂ ග්‍රහ මාරුවීම්වලදී වුවද පලාපල ඉදිරිපත් කිරීමේදී  ජ්‍යොතීර්වේදියා විසින් සළකා බලන විශේෂ සහ වැදගත් කරුණක් තිබෙනවා. එය ඒ මොහොතේ පවතින ග්‍රහයින්ගේ ගමන නැතහොත් ග්‍රහ ගෝචරයයි.

දීර්ඝ කාලයක පලාපල කථනයකදී සෙනසුරු, බ්‍රහස්පති ඇතුළු සෙමින් ගමන් කරන ග්‍රහයින් පිළිබඳවද සැළකිලිමත් වෙන අතර මාසික පලාපල කථනයකදී අඟහරු, සිකුරු සහ හිරුගේ ගෝචරය ගැන විමසීම අත්‍යාවශ්‍ය වෙනවා. එසේම සතිපතා සහ දිනපතා පලාපල ඉදිරිපත් කරන විටකදී දින දෙකහමාරක් වැනි කෙටි කාලයකදී රාශියක් පසුකරන සඳුගේ ගෝචරය ගැන විමසීම වැදගත් වෙනවා. ඊට අමතරව ලග්නාධිපති හෝ සුභ ග්‍රහයන් ගෝචරය වන රාශීන් සහ භාවයන්ද, සඳු හෙවත් චන්ද්‍රයා ගමන් කරන නැකත, පුරද අවද යන වග මෙන්ම තිථි ගැනද පූර්ණ අවභෝධයකින් ජ්‍යොතිෂ්‍යානුකූලව නිවැරදි පලාපල ඉදිරිපත් කල හැකි වෙනවා.

"සමහර මාධ්‍යවල ඉදිරිපත් කරන දිනපතා පලාපල නම් ඉහත කිසිවක් විමසා බලා නොමැති බව ජ්‍යොතිෂය හදාරන නවකයෙකුට වුවත් පහසුවෙන් තේරුම් ගන්න පුලුවන්. අප කතා කරන්නේ මේ ඔවුන්ගේ නිවැරදි නොවන පලාපල ගැන නොවේ."

ජ්‍යොතිෂ්‍යානුකූලව නිවැරදි පලාපල ඉදිරිපත් කරන ජ්‍යොතීර්වේදීන්ට සැමදා ස්තුතිවන්ත වෙමින් පලාපල.lk මගින් ද කිසිදු මුදලක් අය නොකර "දවසේ ලග්න පලාපල" සේවාව ඔබ වෙත නොමිලේ ඉදිරිපත්  කරනවා. පහත රූපයේ පරිදි ඔබේ ලග්නයට අදාළ සංකේතය මත ක්ලික් කිරීමෙන් ඔබට පලාපල.lk ඉදිරිපත් කරන දවසේ ලග්න පලාපල බලාගන්න පුලුවන්. 

අපි ඉහතින් ඇසූ පැනයම යළිත් අසමු.

මෙසේ ඉදිරිපත් කරන ලග්න පලාපල නිවැරදිද? එසේ නැතිනම් සියයට කීයක් පමණ නිවැරදිද?

මෙය නිවැරදි නොවේ.

ඉහත රූප සටහන පරිදි පලාපල.lk මගින් 2015 ජුනි මස 5 වෙනි සිකුරාදා අපර භාග 7.30 ට පැවතියා වූ ග්‍රහ ගෝචරය සැළකිල්ලට ගනිමින් ධනු ලග්නයට ජ්‍යොතිෂයට අනුව නිවැරදි පලාපලයක් ඉදිරිපත් කර තිබෙනවා.  එනමුත් එය සෑම ධනු ලග්න හිමියෙකුටම නොපෑහේ. එනම් මෙය පොදු පලාපලයක් නිසා. මෙහි දී ජන්මියා උපදින විට තිබූ ග්‍රහයන්ගේ ගමන, උපන් නැකත ආදී කිසිවක් නොදත් නිසා පොදු පලාපල මගින් නිරවද්‍යතාවයේ ප්‍රතිශතය ඉහළ අගයක් ගන්නේ නැහැ.

මේ අනුව කුමන මාධ්‍යයකදී වුවද ඉදිරිපත් කරන දවසේ ලග්න පලාපල පොදු පලාපල වීම හේතුවෙන් එය සියයට ප්‍රතිශතයක් වශයෙන් ගන්නේ පහළ අගයක්.

පලාපල.lk මගින් සෙසු මාධ්‍ය මෙන් පොදුවේ දවසේ ලග්න පලාපල ඉදිරිපත් කරනවාට අමතරව, සුවිශේෂ සේවාවක් ඔබට නොමිලේම සපයයි. එනම් ඔබේ ජන්ම තොරතුරු පදනම් කරගෙන ඊට අනුකූළව දවසේ ලග්න පලාපල ඉදිරිපත් කිරීමයි. පලාපල.lk අද්විතීය සහ අපූර්ව වෙන්නේ එනිසාය.

ඒ ගැන වැඩිදුර විස්තර මෙතැනින්