.

ඔබට අවශ්‍ය වේලාවක සේවාවන් සක්‍රීය කර ගැනීම සඳහා ඔබේ පලාපල ගිණුමට ටොප් අප් කරන මුදලට දෙගුණයක වටිනාකමක්! මෙම දීමනාව සීමිත කාලයකට පමණයි.

...

2015 ඔක්තෝබර් ඔබේ ලග්නයට කොහොමද?

පවතින ග්‍රහචාරය අනුව 2015 ඔක්තෝබර් මාසය ලග්න රැසකට වාසි රැසක් උදාකර දෙයි. විශේෂයෙන්ම ජීවිතයේ අමතක නොවන සිහිවටන එක් කිරීමට සමත් වෙයි. ඒ අනුව මෙම වසරේ ඔක්තෝම්බරය එක් එක් ලග්නයට බලපාන්නේ කෙසේද යන්න බලමු.

ගුරු මාරුව ඔබේ ලග්නයට කෙසේද?

රවි හිමි සිංහ රාශිය ගුරුට මිත්‍ර රාශියකි. එබැවින් මෙම ග්‍රහ මාරුව බොහෝ දෙනෙකුට සුබඵල ගෙන දීමට සමත්ය.

නිවැරදි ජ්‍යොතිෂය වෙනුවෙන් ඔබේ දායකත්වය

මෙම ලිපිය කියවන ඔබ ‍‍ ජ්‍යොතිෂ පළිබඳ විශ්වාස කරන, නොකරන ‍හෝ මධ්‍යස්ථ මත දරන්නනෙක් විය හැක. තවත් සමහර විටක ඔබේ ජන්ම පත්‍රය ජ්‍යොතිෂඥයෙකු ලවා විග්‍රහ කර නොගත් අයෙක් විය හැක. ...

මේ වසරේ සිදු වෙන සුවිශේෂී ග්‍රහ මාරුව

ග්‍රහ මණ්ඩලයේ බලවත්ම සුභ ග්‍රහයා වන බ්‍රහස්පති හෙවත් ගුරු රවි හිමි සිංහ රාශිගත වීම මේ වසරේ සිදු වෙන සුවිශේෂී ග්‍රහ මාරුවයි.

Showing posts with label horoscope reading service. Show all posts
Showing posts with label horoscope reading service. Show all posts

Sunday, July 4, 2021

දැන් අපෙන් ඔයාගෙම ලග්න පලාපල

 

Horoscope Reading Service by Palapala.lk

අපගේ වෙබ් අඩවියේ තිබෙන 2021 ජූලි මාසයේ ලග්න පලාපල ඉදිරිපත් කල දින සිට Facebook හා WhatsApp මගින් තමතමන් ලග්නය සඳහන්ව පණිවුඩ රාශියක් අප වෙත ලැබෙමින් පවතී. පළමුවෙන්ම අපගේ ලිපියට ඔබලාගේ අවධානය යොමු වීම ගැන සතුට සහ ස්තුතිය.

පලාපල.lk විසින් වෙනත් කිසිදු ජ්‍යොතිෂ ‌වෙබ් අඩවියකින් ඉදිරිපත් නොකරන සේවා රැසක් නොමිලේ ඔබ වෙනුවෙන් ඉදිරිපත්පත් කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙන්නෙමු. පොදු ලග්න පලාපලවලට අමතරව, ඔබේ උපන් තොරතුරු ඇතුලත් කල වහාම ඔබේ ‌ජන්ම පත්‍රය සැකසී අදාල ග්‍රහ තත්ව ඔබට බලා ගත හැකිය. එපමණක් නොව එම තොරතුරු සුරැකිව තබා ගැනීමට ගිණුමක් සාදා ගැනීමටත් හැකියාව ඇත. එම ගිණුම මගින් ඔබට අවශ්‍ය ගණනක ඔබේ පවුලේ සහ හිතවතුන්ගේ ජන්ම පත්‍ර සකසා එදිනෙදා භාවිතයට පහසු වන සේ, ඔබේ පලාපල ඔබටම බලා ගන්න අවස්ථාව සලසා ඇත. මීට වඩා සේවා රැසක් ඔබ වෙනුවෙන් ගෙන ඒමට පලාපල.lk 3වෙනි සංස්කරණය ඔබට තිළිණ කිරීමට දැනටමත් අපි වැඩ කරමින් සිටී.

මෙහි ඉදිරිපත් කර තිබෙන පොදු ලග්න පලාපල අදාල මාසයට තිබෙන ග්‍රහචාරයට අනුව ඒ ඒ ලග්නවලට සැකසූ පොදු ලග්න පලාපල බව කරුණාවෙන් සළකන්න. එමගින් තම තමන්ගේ ලග්නයට හිමි සුභ අසුභ ගැන යම් ප්‍රමාණයක ඉඟියක් ලබා ගැනීමට පුලුවන් නමුත් ඔබටටම අදාලව පලාපල විස්තරයක් බලා ගැනීමට අවශ්‍යනම් ඔබගේම ‌ජන්ම කේන්ද්‍රය භාවිතා කර බැලිය යුතුය. එහිදී දළ කේන්ද්‍රය ඇසුරන් පමණක් නොව, උපන් වේලාව අනුව සැකසූ නිවැරදි භාව කේන්ද්‍රය, ග්‍රහ සංයෝග, සුභ අසුභ ග්‍රහ පිහිටීම්, උපන් නැකත, මහ දසා, අතුරු දසා, විදසා ආදියද සැළකිල්ලට ගෙන ජ්‍යොතිෂයට අනුකූල වූ නිවැරදි අනාවරණයක් කල හැකිය. ඒ සඳහා ඔබේ පවුලේ ජ්‍යොතීර්වේදියාගේ සහාය ඔබට ලබා ගත හැකිය.

ඔබට අවශ්‍යනම් අපෙන්ද, ජ්‍යොතිෂ්‍යානුකූලව නිවැරදි ජන්ම පත්‍ර පරීක්ෂාවක් කර ගත හැකිය. එය මුදල් අය කරන සේවාවක් බව කරුණාවෙන් සළකන්න.

සේවා විස්තරය:
අපගේ සේවාවන් ලබා ගන්නා ඔබට, ඔබේ ජන්ම පත්‍රයට අදාල වටිනා තොරතුරු රැසක් ලබා දේ. ඒ අතර, ඔබ දැන ගැනීමට බලාපොරොත්තු වෙන අධ්‍යාපනය, රැකියාව, විවාහය, දරුවන් සම්බන්ධව ආදි එක් කරුණක දීර්ඝ විමර්ෂණ විස්තරයත් ඔබට ලබා ගත හැකිය. ඒ සමගම නිවැරදිව සැකසූ ඔබේ උපන් කේන්ද්‍රය, මහ දසා සහ අතුරු දසා ආරම්භ වෙන හා ගෙවෙන කාල වකවානුව සහ එම මහ දසා අතුරු දසාවලින් ඔබට සුභ අසුභ ඒවා සළකුණු කර ලැබේ. ඔබේ උපන් නැකතට අනුව සුභ කටයුතුවලදී ඔබට භාවිතා කිරීමට සුදුසු නැකැත්ද ඔබට සුභ දින හා අංක ගැනද විස්තරයක් ලබා දේ. එපමණක් නොව, 22වෙනි දෙර්කාණාධිපති හා 64වෙනි නවාංශකාධිපති ආත්මකාරක ග්‍රහයා සුභ අසුභ මාරක ග්‍රහයන් ගැනද ඒවා පිළිබඳව විස්තරයක්ද ඔබට සපයනු ලැබේ. මිට අමතරව ඔබට අවශ්‍ය තොරතුරු හා සේවාවන් ගැන දුරකථනය සාකච්චා කර ගත හැකිය. මෙම කටයුතු කිරීමේදී ඔබගේ පෞද්ගලිකත්වය සීයට සීයක්ම ආරක්ෂා කිරීමට අපි පියවර ගන්නා අතර ඔබේ අනාගතය යහපත් කර ගැනීමට අපිට හැකි උපරිමය මෙම සේවාව තුලින් ඔබට ලබා ගත හැකිය.

කාලය:
අපිිට ඔබේ ජන්මපත්‍ර පරීක්ෂාවට සති තුනක හා මාසයක පමණ කාලයක් අවශ්‍ය වෙනමුත්, අවශ්‍ය හදිසි දේවල් පිළිබඳව ඔබට දුරකථනය මගින් දැනුවත් විය හැකිය. මුද්‍රිත පිටපත් ඔබේ නිවසටම ලියාපදිංචි තැපැල් මගින් එවනු ලැබේ.

අය කිරීම:
එක් අයෙකුගේ ජන්ම පත්‍ර පරීක්ෂාවකට රුපියල් 1500කි. දෙකකට වැඩි වැඩිනම් එකක් සඳහා රුපියල් 1000කි. විවාහ සම්බන්ධව දෙදෙනාගේම ජන්ම පත්‍ර පරීක්ෂාව සඳහා රුපියල් 2000ක් වන අතර අවශ්‍යනම් පොරොන්දම් විස්තරයක්ද ලබා ගත හැකිය. විවිධ අවශ්‍යතා වෙනුවෙන් නැකැත් සකසා දීමද සිදු කරන අතර විස්තර දුරකථනයෙනි.
මුදල් ගෙවීම:
සම්පත් බැංකුවේ පලාපල.lk ගිණුමට ඔබට මුදල් ගෙවිය හැකිය. විස්තර සඳහා අපගේ වෙබ් අඩවිය බලන්න.

පුද්ගලිකව හමුවීමට:
පහසු දිනයක් වේලාවක් සඳහා අමතන්න.