.

ඔබට අවශ්‍ය වේලාවක සේවාවන් සක්‍රීය කර ගැනීම සඳහා ඔබේ පලාපල ගිණුමට ටොප් අප් කරන මුදලට දෙගුණයක වටිනාකමක්! මෙම දීමනාව සීමිත කාලයකට පමණයි.

...

2015 ඔක්තෝබර් ඔබේ ලග්නයට කොහොමද?

පවතින ග්‍රහචාරය අනුව 2015 ඔක්තෝබර් මාසය ලග්න රැසකට වාසි රැසක් උදාකර දෙයි. විශේෂයෙන්ම ජීවිතයේ අමතක නොවන සිහිවටන එක් කිරීමට සමත් වෙයි. ඒ අනුව මෙම වසරේ ඔක්තෝම්බරය එක් එක් ලග්නයට බලපාන්නේ කෙසේද යන්න බලමු.

ගුරු මාරුව ඔබේ ලග්නයට කෙසේද?

රවි හිමි සිංහ රාශිය ගුරුට මිත්‍ර රාශියකි. එබැවින් මෙම ග්‍රහ මාරුව බොහෝ දෙනෙකුට සුබඵල ගෙන දීමට සමත්ය.

නිවැරදි ජ්‍යොතිෂය වෙනුවෙන් ඔබේ දායකත්වය

මෙම ලිපිය කියවන ඔබ ‍‍ ජ්‍යොතිෂ පළිබඳ විශ්වාස කරන, නොකරන ‍හෝ මධ්‍යස්ථ මත දරන්නනෙක් විය හැක. තවත් සමහර විටක ඔබේ ජන්ම පත්‍රය ජ්‍යොතිෂඥයෙකු ලවා විග්‍රහ කර නොගත් අයෙක් විය හැක. ...

මේ වසරේ සිදු වෙන සුවිශේෂී ග්‍රහ මාරුව

ග්‍රහ මණ්ඩලයේ බලවත්ම සුභ ග්‍රහයා වන බ්‍රහස්පති හෙවත් ගුරු රවි හිමි සිංහ රාශිගත වීම මේ වසරේ සිදු වෙන සුවිශේෂී ග්‍රහ මාරුවයි.

Showing posts with label sun and mars conjunction. Show all posts
Showing posts with label sun and mars conjunction. Show all posts

Thursday, June 18, 2015

ග්‍රහ ලොව නව පෙරැළිය - රවි පසුපසින් කුජත් මිථුනයට

ග්‍රහ ලොවේ රජු වූ රවි ජුනි 15 වෙනිදා පස්වරු 5.12ට මිථුන රාශිගතවිය. ඊට පැය කිහිපයකට පසු එනම් ජුනි 16 වෙනිදා පෙරවරු 1.08 ට ග්‍රහ ලොව මැරවරයා බඳු වූ කුජත් මිථුන රාශියේ රවි සමග සන්ධාන ගතවිය. මේ රවි කුජ හවුල සියලුම කේන්ද්‍ර හිමියන්ට යමක් දැනෙන්නට කරන්න සමත් වේ. එසේම රවි ගොඩ වැදුනු මිථුනය සිය සතුරු රාශියකි. කුජ යනු නිසැක පාපියායි. එහි සංයෝග වූ මේ දෙදෙනාගේ ක්‍රියා කලාපය වැඩි දෙනෙකුගේ සිත් නොගනී. දුරදිග බැලීමකින් තොරව දෙනු ලබන රජුගේ විධානත් අවිචාරවත් සටන්කාමී ක්‍රියාවන්ට පෙළඹෙන සෙන්පතියාත් යන චරිත රවි සහ කුජ මෙහිදී නිරූපණය කරයි.

රවි ග්‍රහයා රශ්මියෙන් වැඩි ග්‍රහයායි. කුජ ග්‍රහයා ලෙයට කාරක ග්‍රහයායි. එසේම හෘදය වස්තුව නියෝජනය කරන ග්‍රහයා ද වේ. එබැවින් රවි කුජ සංයෝගය ශාරීරික සෞඛ්‍යයට නම් හිතකර නැත. කේන්ද්‍ර සටහනේ හතරවැන්නෙන් නියෝජනය වෙන්නේ පපුවයි, හෘදයයි. හයවැන්න රෝගස්ථානය වන අතර අටවැන්න මෘත්‍යය ස්ථානයයි. මේ අනුව රවි කුජ යෝගය කේන්ද්‍රයේ හතර, හය සහ අට යන ස්ථානවල පිහිටීම ජන්මියා හෘද රෝගවලට ගොදුරුවීමේ ඉඩ වැඩි බව දක්වන පෙරනිමිත්තකි. තවෙකකි. රවි පියකාරකයි. එසේ පියා නියෝජනය වන රවි කුජගෙන් පීඩා වීම පියාට ශුභ නොවේ.

මෙය කියවන මීන, මකර සහ වෘශ්චික ලග්න හිමියන් දැන් තිගැස්සෙනු නොඅනුමානයි. එයට හේතුව මීන ලග්න හිමියන්ගේ හතරේත්, මකර ලග්න හිමියන්ගේ හයේත්, වෘශ්චික ලග්න හිමියන්ගේ අටවැන්නේත් මෙම රවි කුජ යෝගය ඇති බැවිනි. නමුත් එසේ බිය නොවන්න. ජ්‍යොතිෂය යනු ග්‍රහයන් දෙදෙනෙකු සංයෝග වූ පමණින් යමක් එසේම සිදුවෙනවාය කියැවෙන පටු ශ්‍රාස්ත්‍රයක් නොවේ. මෙවන් ග්‍රහයන් ගෝචරය වන ස්ථාන වගේම මෙම ග්‍රහයන් විසින් දකින ග්‍රහයන් ද, චිත්තකාරක සඳුගේ ක්‍රියාකාරිත්වය ඇතුලු තවත් බොහෝ කරුණු කාරණා පිළිබඳව විමසා බැලීමෙන් අනතුරුව ඇතිවන ප්‍රථිපල කුමක්දැයි නිශ්චය කරගත යුතු විෂයකි. 

කේන්ද්‍ර යේ සිටින්නේ රවි සහ කුජ පමණක්ම නොවේ. එබැවින් මීට පෙර ලිපියෙන් කියැවුනු වෙශී වොශී උභයචාරී යෝගයද මෙම රවි බුධ සංයෝගයේ ඉහත කී ප්‍රතිපල වෙනස් කිරීමට, උද්දීපනය කිරීමට බෙහෙවින්ම බලපානු ලබයි. මෙහිදී ගුරු, බුධ සහ සිකුරු රවි සඳහා දෙන දායකත්වය කෙටියෙන් දක්වන ලදී. මෙම ග්‍රහයන් සමග කුජ ගණුදෙනු කිරීම තවත් ආකාරයක් ගනී. කුජ නිසැඟ පාපියෙකු වුවත් කුජ විවිධ ලග්න අනුව විවිධ ප්‍රථිපල ප්‍රධානය කරනු ලබයි. කුජ සටන්කාමික්වය මෙන්ම වේගවත් බව සහ ඊට අදාළ දේ විසුරුවන ග්‍රහයායි. ඒ අනුව කුජට ගුරුගේ දෘෂ්ඨිය යහපත් එකකි. දක්ෂ කතිකයන්, නීතිඥයන්, ගණිතඥයන් බිහිවීමට මෙම සංයෝගය බලපායි. කුජ බුධ සමග සංයෝගයෙන් හෝ දෘෂ්ඨියෙන් වේගවත් ඉගෙනීම් සදහා මග පාදයි. පරිගණක, ඉංජනේරු, වෛද්‍ය යන විෂයයන්ට මෙම සංයෝගය දිරි දෙයි. කුජ සිකුරු සමග මිශ්‍රෙයන් සිය සැඩපරුෂ ගතිය තුනී වෙයි. ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා වර්ධනය කරන මෙම යෝගය හේතුවෙන් ලෞකික දියුණුවට අදාළ ගේදොර, යාන වාහන දියුණුවද ළඟා කරයි.

එසේ නම් රවි කුජ මිථුනයට යෑම විග්‍රහ කිරිමේදී ඉහත කී උභයචාරී යෝගයද සැළකිල්ලට ගත යුතුමය. ඒ සියලු ග්‍රහ සංයෝග ගැන ද අවධානය යොමු කරමින් මෙම රවි කුජ මිථුනයට සංක්‍රමණය විම ඔබේ ලග්නයට කෙසේදැයි ඉන්පසු විමසා බලමු.

කියවන්න - රවි + කුජ හවුල ඔබේ ලග්නයට කෙසේද?

   මේ ගැන ඔබේ අදහස හෝ ඔබට යම් ගැටලුවක් නම් අපිට කියන්න. අමතක නොකර කොමෙන්ට් කරන්න.