.

Saturday, July 4, 2015

කටක ලග්න පලාපල - ජූලි 2015


කටක

මාසයේ පළමු සති දෙකට වඩා අග සති දෙක සුවිශේෂී ජයග්‍රහණ උරුමය. උත්සාහය කැපකිරීම නොඅඩුව ඇති වේ. ඒවා සෙසු අය අතර ඇගයීමට ලක් වෙන අතර වරප්‍රසාද තනතුරු ලාභ සඳහාද භාග්‍යය ඇත.

මුල්‍ය සහ ආර්ථික තත්වය ක්‍රමයෙන් ස්ථාවර වේ. හදිසි ධන ලාභයක් ලැබීමේ භාග්‍යයද ඇත. ආර්ථික වාසි රැසක් සමග භූමි ලාභයකට උරුමකම් කියයි. මූල්‍ය සමාගම් සමග ගණුදෙනුවලින් විශේෂ වාසි හිමි වේ. මාසය අවසානයේදී මුදල් පාලනය ඉතා වැදගත් වේ.

රැකියාවේ ක්‍රමවත් දියුණුවක් දැකිය හැකිය. ප්‍රධානීන්ගේ ගෞරවාදරයට පත් වේ. ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නියුතු අයට ව්‍යාපාරවල දියුණුව දැකිය හැකිය. ස්වයංරැකියාවන්හි ලාභය ක්‍රමයෙන් වැඩි වේ. නව ව්‍යාපාර අවස්ථා පවතින අතර සතුරු කුමන්තුණද ඇති වාවිය හැකිය.

සාමාන්‍ය අධ්‍යාපනයට යම් බාධා ඇති වෙයි. ඒ සඳහා වැඩි උනන්දුවක් ගත යුතු මාසයකි.නමුත් විශේෂ වෘත්තීය අධ්‍යාපන ලබන අය දියුණු වෙයි. සාම්ප්‍රධායික රටාවෙන් වෙනත් මගක් ගත් නව අධ්‍යාපනික ධාරාවන්ට සිත ඇදී යයි. විදෙස් අධ්‍යාපනය බලාපොරොත්තු අයට තම අරමුණු ඉටු කර ගත හැක.

ගෘහ ජීවිතය සාමකාමී වෙයි. නිවෙස් අලංකරණයට ද සිත යොමු වේ. අවිවාහක අයට සාර්ථක මංගල යෝජනා ලැබෙන මාසයකි. විවාහ ගිවිස ගැනීමට මෙන්ම අතිනත ගැනීමට ද බලාපොරොත්තු වන අයට අවසාන සති දෙක සුදුසුය. යුගදිවි ගෙවන්නන් අතර සතුට සමගිය වර්ධනය වේ. දරුවන්ගේ දියුණුව වෙනුවෙන් වෙහෙස වීමට ද සිදු වෙයි

සෙම් රෝග, ඇඟ පතේ රුදාව, පපුවේ මහනසිය, හන්දිපත් ඉදිමුම යනාදියට ඉඩ ඇත

ජය වර්ණය සුදු, ක්‍රීම්
ජය අංක 1, 4, 8


Cancer monthly horoscope for July 2015

0 comments :

Post a Comment