.

ඔබට අවශ්‍ය වේලාවක සේවාවන් සක්‍රීය කර ගැනීම සඳහා ඔබේ පලාපල ගිණුමට ටොප් අප් කරන මුදලට දෙගුණයක වටිනාකමක්! මෙම දීමනාව සීමිත කාලයකට පමණයි.

...

2015 ඔක්තෝබර් ඔබේ ලග්නයට කොහොමද?

පවතින ග්‍රහචාරය අනුව 2015 ඔක්තෝබර් මාසය ලග්න රැසකට වාසි රැසක් උදාකර දෙයි. විශේෂයෙන්ම ජීවිතයේ අමතක නොවන සිහිවටන එක් කිරීමට සමත් වෙයි. ඒ අනුව මෙම වසරේ ඔක්තෝම්බරය එක් එක් ලග්නයට බලපාන්නේ කෙසේද යන්න බලමු.

ගුරු මාරුව ඔබේ ලග්නයට කෙසේද?

රවි හිමි සිංහ රාශිය ගුරුට මිත්‍ර රාශියකි. එබැවින් මෙම ග්‍රහ මාරුව බොහෝ දෙනෙකුට සුබඵල ගෙන දීමට සමත්ය.

නිවැරදි ජ්‍යොතිෂය වෙනුවෙන් ඔබේ දායකත්වය

මෙම ලිපිය කියවන ඔබ ‍‍ ජ්‍යොතිෂ පළිබඳ විශ්වාස කරන, නොකරන ‍හෝ මධ්‍යස්ථ මත දරන්නනෙක් විය හැක. තවත් සමහර විටක ඔබේ ජන්ම පත්‍රය ජ්‍යොතිෂඥයෙකු ලවා විග්‍රහ කර නොගත් අයෙක් විය හැක. ...

මේ වසරේ සිදු වෙන සුවිශේෂී ග්‍රහ මාරුව

ග්‍රහ මණ්ඩලයේ බලවත්ම සුභ ග්‍රහයා වන බ්‍රහස්පති හෙවත් ගුරු රවි හිමි සිංහ රාශිගත වීම මේ වසරේ සිදු වෙන සුවිශේෂී ග්‍රහ මාරුවයි.

Showing posts with label July 2015. Show all posts
Showing posts with label July 2015. Show all posts

Sunday, July 5, 2015

මීන ලග්න පලාපල - ජූලි 2015

මීන

ඔබ ගන්නා තීන්දු තීරණ නිවැරදි වීමෙන් ඇති විය හැකි බොහෝ බාහිර කරදරවලින් මිදීමට ඔබට හැකියාව ඇත. කටයුතුවල නිරත වීමේදී උනන්දුව උත්සාහය ඇති බැවින් සාර්ථක අනාගතයට මග පෑදෙයි.

නොයෙක් මාර්ගවලින් මූල්‍ය ප්‍රතිපාදන ලැබෙන අතර අනාගත සුභ සිද්ධිය උදෙසා ඒවා නිසි ආයෝජනයන්ට යොදවනු ඇත. ගෘහ කටයුතු සඳහා මේ අවස්ථාවේ මුදල් වියදම් වීම වළක්වා ගත යුතුය. නැතහොත් මේ මාසය අගදී බොහෝ ආර්ථික අපහසුතා පැන නගිනු ඇත

හදිසි තීරණ සහ කළබලකාරී බව මෙම මස ඔබට රැකියාවේ පවතින එකම බාධාව වේ. ඒ ගැන අවධානයෙන් සිටියහොත් රැකියා ස්ථානයේ කරදර අවම වී රැකි රක්ෂා කටයුතුවල දියුණුවක් දැකිය හැකිය.  ප්‍රධානීන්ගේ අවධානයට යොමු වේ. ස්වයං රැකියා සහ කුඩා ව්‍යාපාරවල තත්වයට සහ දියුණුවට මෙම මාසය අවසානයේ ටිකක් අසුභය. හවුල් ව්‍යාපාරාදිය දියුණුවට පත් වේ.

අධ්‍යාපනයේ යෙදෙන අයට තම කටයුතු සාර්ථකත්වයක් කරා ගෙන යා හැකිය. මාසය අවසානයේ කිසියම් පීඩාකාරී බවක් දැනුනත් උනන්දුව උත්සාහය කිසිසේත් අත නොහැරිය යුතුය. ඉන්පසු කාළය හොඳ අතට හැරෙනු ඇත. මනා කැප කිරීම මගින් තරඟ විභාග ඉලක්කයන් සපුරා ගත හැකිය. උසස් අධ්‍යානයේ සහ වෘත්තීය අධ්‍යාපනයේ නියැලෙන අයට කිසිදු බාධකයක් නැත.

තරුණයන් අතර ප්‍රේම සම්බන්ධතා ගොඩ නැගුනද බාධක ඇත. පවතින සබඳතා කෙළවර වී යා නොදීමට කතාව සහ හැසිරීම පාලනය කර ගත යුතුය. යුගදිවි ගෙවන්නන්ට සුළු ගැටළු පැන නැගුනත් ක්ෂණයෙන් ඒවා සමතයකට පත් වෙන බැවින් කතා බව දිග්ගැසීම වළකා ගත යුතුය. දරුවන් සිටින අය ඔවුනගේ ඉගැනීමේ කටයුතු වෙනුවෙන් වෙනදාට වඩා උනන්දු වනු ඇත.

සෙම් රෝග, වෛරස් රෝගවලට ඉඩ ඇත. ඇති නිසා අපත්‍යකාරක දෙයින් වැළකීම සුදුසුය

ජය වර්ණය රෝස
ජය අංක 2, 3, 5

Pisces monthly horoscope for July 2015

මකර ලග්න පලාපල - ජූලි 2015

මකර

මෙම මාසයේ බලාපොරොත්තු වූ වැඩ රාජකාරී රැසක්ම නිම කර ගනියි. නිතර ධෛර්යය සම්පන්නව කටයුතු කරයි. උනන්දුව සහ උත්සාහය නොමදව ඇති වේ. පවුලේ සහ පිටස්තර තැන්වල ප්‍රමුකත්වය ගෙන ක්‍රියා කිරීමට පෙළඹේ.

ආදායම යහපත් වෙයි. වියදම බොහෝ දුරට පාලනය කර ගත හැකි අතර තැන්පත් ධනයේ වර්ධනයක් ද බලාපොරොත්තු විය හැකිය. ගණු දෙනුවලින් වාසි ලැබේ.

රැකියා ස්ථානය යහපත්ය. එහි පරිසරය සහ සෙසු අය තමාගේ අදහස්වලට ඇහුන්කන් දීමට සහ ගරු කිරීමමට පෙළඹේ. ප්‍රධානීන්ගේ සිත් දිනා ගනී. විදේශ ශිෂ්ශත්ව හෝ එවන් වරප්‍රසාදවලට ඉඩ ඇත. විදේශ රැකියා අපේක්ෂකයින්ට තම අදහස් මුදුන්පත කර ගත හැකි විදේශ රැකියා ලැබේ. ව්‍යාපාර කරන අයට සුභයි. බැංකු සහ මූල්‍ය ආයතනවල සහාය ලැබේ.

අධ්‍යාපනය හදාරණ දූ දරුවන්ගේ ඥාණය සහ කුසළතා වර්ධනය වේ. උසස් අධ්‍යාන සහ වෘත්තීය අධ්‍යාපනය හදාරන්නන්හට තරඟ විභාග ජය සහ විශේෂ වරප්‍රසාද හිමිය. විදෙස් අධ්‍යාපනයට මෙම මාසයේ අවසානය සුදුසු වාතාවරණයක් සැළසේ.

පවුලේ කටයුතු නිසියකාරව ඉටු කිරීමට නොහැකි විය හැකිය. පවුලේ සමගියටද යම් බාධා ඇකිවේ. ගණදෙවි ඥාණය පහළ වූවාක් සේ කරුණු කාරනා පැහැදිලි කරදීම් තුලින් සහ ඔවුනට ආදරය කරුණාව දැක්වීම මගින් පවුලේ අයගේ සිත් දිනා ගැනීමට උත්සාහ කලොත් එය නොවරදී.

උගුරේ හෝ බෙල්ලේ ආශ්‍රිත රෝගී තත්වයන් වෙතොත් ඒවා වර්ධනය වෙයි. හන්දිපත් වේදනාවන්ට ද ඉඩ ඇත.

ජය වර්ණය දම්
ජය අංක 2, 5, 7



Capricorn monthly horoscope for July 2015



Saturday, July 4, 2015

තුලා ලග්න පලාපල - ජූලි 2015

තුලා

ඔබගේ උත්සාහය සහ ක්‍රියාශ්‍රීලිත්වය මගින් බොහෝ කටයුතු සපල කර ගැනීමට ඉඩ ලැබෙන මාසයකි. වෙනදාට වඩා ප්‍රබෝධයෙන් උනන්දුවෙන් එදිනෙදා වැඩ කටයුතුවල නිරත වන බවක් පෙනේ. පවුලේ අයට මෙන්ම පිටස්තර අයට උදව් උපකාර කිරීමට සිත් දේ. සමාජයෙන් පැසසුම් ලැබෙන ආ ගිය තැන කැපී පෙනෙන ලෙස හැසිරේ.

ආදායම් යහපත්ය ඉදිරි දියුණුවට කටයුතු කරයි. මුල්‍ය ආයතනවලින් ගත් කල්පසු වූ ණය පිළිබඳ ගැටලු ඔබට වාසිදායක ලෙස විසඳා ගැනීමට අවස්ථා ලැබෙන මාසයකි. විනෝදාස්වාදයට සහ නොයෙකුත් බඩු භාන්ඩ මිලදී ගැනීමට යම් වියදමක් දැරීමටද සිදු වේ. මාසයේ අවසාන භාගයේ අනපේක්ෂිත වියදම් ඇත.

රැකියා ස්ථානය තුළ සැහැල්ලුවෙන් සහ අන්‍යයන්ගේ සිත් දිනා ගනිමින් කටයුතු කරයි. රැකියා ස්ථානයේ ප්‍රධානියාගේ සිට සුළු සේවකාදීන්ගේත් සිත් දිනා ගනී. ස්වයං රැකියා හෝ තනි පුද්ගල ව්‍යාපාර ජනප්‍රිය කිරීමට හෝ දියුණු කිරිමට අවශ්‍ය පරිසරය සකස් වෙයි. කලාත්මක අංශයේ රැකියා සහ වෘත්තීන් දියුණුවට පත් වේ. විදේශ රැකියා අපේක්ෂකයන්ගේ අරමුණු සපලවේ. දුරපලාත්වල රැකියාවන්හි යෙදෙන අයට ද සුභ වේ.

අධ්‍යාපන සඳහා උගත් බුද්ධිමත් අයගේ ඇසුර සහ උදව් උපකාර හිමිය. ඔබගේ අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන කටයුතු කිසියම් ඉලක්කයක් කරා මෙහෙයවීමට අවශ්‍ය සියලු ග්‍රහ බලය පවතින මාසයකි.

අවිවාහකයන්ට මංගල යෝජනාද, තාරුණ අයට තම අනාගත සහකරු සහකාරිය තම හිතවතෙකු මාර්ගයෙන් හඳුනා ගැනීමට ලැබේ. යුග දිවි ගෙවන්නන් අතර ආදරය වඩාත් හොදින් වර්ධනය වේ.

දන්ත සහ විදුරුමස් ආශ්‍රිත රෝග චර්ම රෝග ආදිය ඇති වීමට ඉඩ ඇති අතර පවතින රෝගී තත්වයන්ට නිසි ප්‍රතිකාර ගැනීමෙන් රෝගී තත්වයන් පාලනය වේ

ජය වර්ණය රෝස
ජය අංක 3, 5, 8


Libra monthly horoscope for July 2015



කන්‍යා ලග්න පලාපල - ජූලි 2015

කන්‍යා

විවිධ අභියෝග බාධක හමුවේ වුවත් බොහෝ කටයුතු ඉටුකර ගැනීමට හැකිවේ. අනවශ්‍ය කලබලකාරී බව නිසා වැඩකටයුතු අවුල් වන සහ වෙනත් ගැටලු නිර්මාණය වන තත්වයක් පෙනේ.

ආදායම් වැඩි වී මිල මුදල් අතින් යහපත් වුවද වියදම් පක්ෂය බොහෝ සෙයින් ඉහළ යනු ඇත. ගෙදරදොර අලංකාරය සහ භාණ්ඩ මිලදී ගැනිම සඳහා වියදම් වේ. අලුතින් ණය වීම සහ පැවතියා වූ පැරණි ණය ගනු දෙනු විසඳා ගැනීමට අවස්ථාවක් ද සැළසේ. මූල්‍ය ආයතන සමග කරන ගණුදෙනු මගින් සහන හෝ ලාභ ලැබෙන මාසයකි.

රැකීරක්ෂා ක්ෂේත්‍රෙය් නව මුහුණුවරක් ගනී උනන්දුව උත්සාහය වැඩි වෙයි. ප්‍රධානීන්ගේ අවධානයට පාත්‍ර වේ. සතුරු කරදර රහසේ වර්ධනය වෙයි. ව්‍යාපාර හිමියන්ගේ උනන්දුව සහ කැප කිරීම නිසාම ඉන් ලබන ආදායම වැඩි වේ. ඉන් උදම් වුවහොත් අත්‍යාවශ්‍ය නොවන සුඛෝපභොගී දෑ සදහා වියදම් වැඩි වේ.

අධ්‍යාපනයේ නිරත වෙන්නන්ගේ උනන්දුව සහ උත්සාහය වැඩි වේ. විභාග සහ සම්මුඛ පරික්ෂණවලින් ජය ලැබේ. සන්සුන්කම සහ බුද්ධිමත්කම නොවුනහොත් කටයුතු අවුල් විය හැක. බාහිර කටයුතුවලින් ඈත් වීම නුවණට හුරුය.

නිවසේ පවතින අඩු ලුහුඩුකම් විසදා ගැනීමෙන් සතුටට පත් වේ. පවුලේ කටයුතු සඳහා වැඩි කාලයක් මිඩංගු වේ. මත ගැටුම් මතු වුවත් ඒවා දුරදිග නොගොස් පවුලේ සාමාජිකයන් හා සමගිය සමාදානය පවතී. මංගල යෝග ඇත. විවාහ උත්සව කඩිනම් වීම හෝ ස්ථිර වීමක් පෙනේ.

වාත සහ රත් පිත් රෝග ඇති අය නිසි බේත් හේත් කල යුතුය. සාමාන්‍යයෙන් බරපතල රෝගී තත්වයන් අලුතෙන් ඇති නොවේ.

ජය වර්ණය කොළ
ජය අංක 1, 2, 9

Virgo monthly horoscope for July 2015



සිංහ ලග්න පලාපල - ජූලි 2015

සිංහ

අභියෝග භාධක සියල්ල මැඩ ඉදිරියට යෑමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබෙන මාසයකි. නිවැරදි යහපත් තීරණ ගැනීම ද, බුද්ධිමත්ව අන් අයගේ දුක්ගැනවිලිවලට ඇහුම්කම් දීම සහ පිහිට වීම දැකිය හැකිය. වැඩිහිටියන්ගෙන් සහ ආගමික නායකයන්ගෙන් පැසසුම් ලැබේ. යන එන තැන කැපී පෙනීම, සතුරන් මෙල්ල වීම තම අරමුණු ඉටු වීම යන කරුණු යෙදෙන ඉතා සුභ මාසයකි.

අතමිට සරු වන ලාභ සහ හදිසි ධන ලාභ ද ඇති කරන මෙම මාසයේදී සිංහ ලග්න හිමියන්ට යාන වාහන විකිණීමට මිලදී ගැනීමට යහපත්ය. තැන්පත් ධනය වර්ධනය කර ගැනීමට හැකියාව හෝ ගෘහාශ්‍රිත සංවර්ධනය දේපල මිලදී ගැනීම් ද ඒ අතර වේ.

රැකියා සරුය. ප්‍රධානීන්ගේ සිත් දිනා ගනියි. උසස්වීම් වරප්‍රසාද සහිතයි. ව්‍යාපාර සාර්ථක මගකට යොමු කර වීම, ආයෝජනවලින් අමතර ලාභ, විදේශ රැකියා සම්න්ධ ව්‍යාපාර දියුණුව දැකිය හැකි මාසයකි. විශේෂයෙන්ම විදේශයට අදාළ අන්තර්ජාල ආශ්‍රිත රැකියා සහ ස්වයං ව්‍යාපාර කරන අය ඒ සඳහා උනන්දු වීමෙන් බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලබා ගත හැකි කාලයකි.

අධ්‍යාපනයේදී තරමක උදාසීන බවක් දක්වන නමුත් පසුබෑමක් නැත. උසස් අධ්‍යාපනයේ දියුණුව විදෙස් අධ්‍යාපන යොමු වීම් තරඟ විභාග ජය අපේක්ෂා කළ හැකි මාසයකි.

ගෙදර පරිසරය සතුටුදායි වන අතර හැම කෙනාගෙන්ම උදව් ද, පවුලේ අයගේ සිත් දිනා ගැනීම් සහ ප්‍රධානත්වය ද, විදේශයක හෝ දුර බැහැර අයෙකුගෙන් උදව් ලැබෙන මාසයකි. මංගල යෝග සතුට දනවන ගමන් බිමන් වෙනදාට වඩායෙදිය හැකිය.

දන්ත රෝග, මුඛ රෝග, සම ආශ්‍රිත ඌෂ්න රෝග සෑදීමට ඉඩ ඇත.

ජය වර්ණය රතු
ජය අංක 2, 4

Leo monthly horoscope for July 2015

මිථුන ලග්න පලාපල - ජූලි 2015

මිථුන

හොඳ පෞර්ෂයකින් යුතුව කටයතු කිරීමට මිථුන ලග්න හිමියන්ට අවස්ථාව ලැබෙන හොඳ මාසයකි. එහෙත් තමන් ගැන අධි මානසිකත්වයෙන් කල් නොගෙවිය යුතුය. අන්‍යයන් හා කරන කටයුතුවලදී තම මතයටම වැඩ කිරීම සුදුසු නොවේ. වහා කේන්ති එන ගතියක් ඇති වුවත් කෝපාවිශ්ෂ වීම තමන්ට අවාසියකි.

හදිසි ධන ලාභවලට සුළු ඉඩක් පවතී. ඒ නැතත් තැන්පත් ධනය ක්‍රමයෙන් වර්ධනය කර ගැනීමට අවශ්‍ය වටා පිටාව සැකසෙනු ඇත. හිතෙන හිතෙන සුඛෝපිභෝගී දේ මිල දී ගැනීමට සිතුනත් අරපරිස්සමෙන් වියදම් කරන අයට එදිනෙදා කටයුතුවලට කිසිදු ආර්ථික අපහසුතාවයක් ඇති නොවන මාසයකි

රැකියා තත්වයේ ව්‍යාකූළ භාවය වෙනුවට ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට අවශ්‍ය කල්පනා ශක්තිය වර්ධනය වේ. නමුත් විටෙක ඇති කරන අලසකම සහ ඕලාරික අදහස් පිටු දැකිය යුතුය. නව රැකියා බලාපොරොත්තු වන අයට ඇවිදිමින් කරන රැකියා පහසුවෙන් ලැබේ. උත්සාහයේ කැපකිරීමේ තරමට ආදායමද ලැබේ. ඉංජිනේරුමය, මිනින්දෝරු වෘතිය, ගෘහ නිර්මාණ ශිල්පීන්ට, පරිගණක, වෙබ් අඩවි නිර්මාණකරුවන්ට යහපත් මාසයකි.

අධ්‍යාපනික කටයුතු සාර්ථක වෙයි. තරඟ විභාග ජය. පරිගණක, ඉංජිනේරු, කාර්මික යන වෘත්තීය අධ්‍යාපයේ නියැලෙන්නන්ට විශේෂ දස්කම් පෙන්විය හැකි මාසයකි.

ගෙදර දොර පරිසරය හිතකරය. නමුත් ගෙදර රැඳීමට තරම් කාලයක් නැති තරමටම වැඩ කටයුතු යෙදේ. වේගයෙන් යන වාහන ගැනීමට හෝ පැදීමට සිත් යොමු වේ. ගමන් බිමන් බහුල වේ. ඉන් අනවශ්‍ය හෝ අත්‍යාවශ්‍ය නොවන ගමන් බිමන්වලින් වැළකී සිටීමට සුදුසුය.

වැටීම් තැලීම් හදිසි අනතුරුවලින් ආරක්ෂා විය යුතුය. සෙම් රෝග බඩේ අජීර්ණ යනාදියට ඉඩ ඇත

ජය වර්ණය නිල්
ජය අංක 2, 7

Gemini monthly horoscope for July 2015

මේෂ ලග්න පලාපල - ජූලි 2015

මේෂ

තම එදිනෙදා කටයුතු සාර්ථකව පවත්වා ගෙන යාමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය සහ වාසනාව හිමිය. පවුලේ සෙසු අයගේ සහයෝගය නොමදව ලැබේ. දේපල සම්බන්ධ ආරවුල් පැන නැගීමට ඉඩ ඇත. ප්‍රශ්න දුරදිග යා නොදී ඉවසීම සහ තැනට සුදුසු නුවණින් යුතුව කටයුතු කිරීමට අවශ්‍යයයි. යම් හෙයකින් නීතියෙන් පිහිටට ගියහොත් එය ඔබට අවාසිය.

විවිධ මාර්ග ඔස්සේ තමනට ලැබෙන ආදායම් තත්වය යහපත්ය. නමුත් ඒ හා සමානව වියදම් පක්ෂයද ඉහළ යන බැවින් එදිනෙදා කටයුතුවලට ණය වීමටද පුලුවන. හවුල් ව්‍යාපාර මෙන්ම ස්වයං රැකියා ද දියුණු වේ. නව ව්‍යාපාර සඳහා සිත යොමු වේ. රැකියාවල ගැටලුකාරී තත්වයන් ඇතිවීමට ඉඩ ඇත. ඒවා විසඳීමට ද කල් යයි. විදේශ රැකියා සඳහා සිත යොමු වේ.

අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට මෙන්ම උසස් අධ්‍යාපනය හදාරණ අයට යහපත් මාසයකි. තරඟ විභාගවලින් ඉහළින් සමත්වීමට අවශ්‍ය ග්‍රහ තත්වයක් පවතී. ක්‍රීඩා ක්ෂේත්‍රෙය් නියුතු වූවන්ය ජයග්‍රහණ හිමිය. වෘත්තීය අධ්‍යාපනය හදාරන අයගේ සැඟවුන දක්ෂතා ඉස්මතු කර පෙන්වයි.

තාරුණ වියේ අයට පෙම් සබඳතා ඇති වේ. විවාහක අයගේ යුගදිවි සැපත වර්ධනය වේ. අඹු සැමියන් අතර සහ දරුවන්ගේ හොඳ හිත ආදරය කරුණාව නොඅඩුව ලැබෙන මාසයකි. දරුවන්ගේ අධ්‍යාපනයේ දියුණුව මෙන්ම පවුලේ දියුණුව ඇති වේ.

රත්, පිත්, වාත සහ සෙම් රෝග ඇති විය හැකිය. බරපතල රෝගී තත්වයන් ඇති නොවේ.

ජය වර්ණය දම්
ජය අංක 2, 4, 5

Aries monthly horoscope for July 2015