.

Saturday, July 4, 2015

මේෂ ලග්න පලාපල - ජූලි 2015

මේෂ

තම එදිනෙදා කටයුතු සාර්ථකව පවත්වා ගෙන යාමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය සහ වාසනාව හිමිය. පවුලේ සෙසු අයගේ සහයෝගය නොමදව ලැබේ. දේපල සම්බන්ධ ආරවුල් පැන නැගීමට ඉඩ ඇත. ප්‍රශ්න දුරදිග යා නොදී ඉවසීම සහ තැනට සුදුසු නුවණින් යුතුව කටයුතු කිරීමට අවශ්‍යයයි. යම් හෙයකින් නීතියෙන් පිහිටට ගියහොත් එය ඔබට අවාසිය.

විවිධ මාර්ග ඔස්සේ තමනට ලැබෙන ආදායම් තත්වය යහපත්ය. නමුත් ඒ හා සමානව වියදම් පක්ෂයද ඉහළ යන බැවින් එදිනෙදා කටයුතුවලට ණය වීමටද පුලුවන. හවුල් ව්‍යාපාර මෙන්ම ස්වයං රැකියා ද දියුණු වේ. නව ව්‍යාපාර සඳහා සිත යොමු වේ. රැකියාවල ගැටලුකාරී තත්වයන් ඇතිවීමට ඉඩ ඇත. ඒවා විසඳීමට ද කල් යයි. විදේශ රැකියා සඳහා සිත යොමු වේ.

අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට මෙන්ම උසස් අධ්‍යාපනය හදාරණ අයට යහපත් මාසයකි. තරඟ විභාගවලින් ඉහළින් සමත්වීමට අවශ්‍ය ග්‍රහ තත්වයක් පවතී. ක්‍රීඩා ක්ෂේත්‍රෙය් නියුතු වූවන්ය ජයග්‍රහණ හිමිය. වෘත්තීය අධ්‍යාපනය හදාරන අයගේ සැඟවුන දක්ෂතා ඉස්මතු කර පෙන්වයි.

තාරුණ වියේ අයට පෙම් සබඳතා ඇති වේ. විවාහක අයගේ යුගදිවි සැපත වර්ධනය වේ. අඹු සැමියන් අතර සහ දරුවන්ගේ හොඳ හිත ආදරය කරුණාව නොඅඩුව ලැබෙන මාසයකි. දරුවන්ගේ අධ්‍යාපනයේ දියුණුව මෙන්ම පවුලේ දියුණුව ඇති වේ.

රත්, පිත්, වාත සහ සෙම් රෝග ඇති විය හැකිය. බරපතල රෝගී තත්වයන් ඇති නොවේ.

ජය වර්ණය දම්
ජය අංක 2, 4, 5

Aries monthly horoscope for July 2015

0 comments :

Post a Comment