.

ඔබට අවශ්‍ය වේලාවක සේවාවන් සක්‍රීය කර ගැනීම සඳහා ඔබේ පලාපල ගිණුමට ටොප් අප් කරන මුදලට දෙගුණයක වටිනාකමක්! මෙම දීමනාව සීමිත කාලයකට පමණයි.

...

2015 ඔක්තෝබර් ඔබේ ලග්නයට කොහොමද?

පවතින ග්‍රහචාරය අනුව 2015 ඔක්තෝබර් මාසය ලග්න රැසකට වාසි රැසක් උදාකර දෙයි. විශේෂයෙන්ම ජීවිතයේ අමතක නොවන සිහිවටන එක් කිරීමට සමත් වෙයි. ඒ අනුව මෙම වසරේ ඔක්තෝම්බරය එක් එක් ලග්නයට බලපාන්නේ කෙසේද යන්න බලමු.

ගුරු මාරුව ඔබේ ලග්නයට කෙසේද?

රවි හිමි සිංහ රාශිය ගුරුට මිත්‍ර රාශියකි. එබැවින් මෙම ග්‍රහ මාරුව බොහෝ දෙනෙකුට සුබඵල ගෙන දීමට සමත්ය.

නිවැරදි ජ්‍යොතිෂය වෙනුවෙන් ඔබේ දායකත්වය

මෙම ලිපිය කියවන ඔබ ‍‍ ජ්‍යොතිෂ පළිබඳ විශ්වාස කරන, නොකරන ‍හෝ මධ්‍යස්ථ මත දරන්නනෙක් විය හැක. තවත් සමහර විටක ඔබේ ජන්ම පත්‍රය ජ්‍යොතිෂඥයෙකු ලවා විග්‍රහ කර නොගත් අයෙක් විය හැක. ...

මේ වසරේ සිදු වෙන සුවිශේෂී ග්‍රහ මාරුව

ග්‍රහ මණ්ඩලයේ බලවත්ම සුභ ග්‍රහයා වන බ්‍රහස්පති හෙවත් ගුරු රවි හිමි සිංහ රාශිගත වීම මේ වසරේ සිදු වෙන සුවිශේෂී ග්‍රහ මාරුවයි.

Thursday, July 1, 2021

වෘෂභ පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි

 

ග්‍රහස්ථුඨ බැලීම සඳහා ඉහත පිංතූරය මත ක්ලික් කරන්න.

ග්‍රහ මාරු 2021 ජූලි

  • සඳු ග්‍රහයා දින 2යි 1/4කින් රාශියෙන් රාශියට ගෝචරය වෙයි. 
  • බුධ ග්‍රහයා 2021 ජූලි 7 වෙනිදා පෙ.ව. 11:12 ට මිථුන රාශි ගත වෙයි. 
  • රවි ග්‍රහයා 2021 ජූලි 16 වෙනිදා ප.ව. 4:53 ට කටක රාශි ගත වෙයි. 
  • සිකුරු ග්‍රහයා 2021 ජූලි 17 වෙනිදා පෙ.ව. 9:26 ට සිංහ රාශි ගත වෙයි. 
  • කුජ ග්‍රහයා 2021 ජූලි 20 වෙනිදා ප.ව. 5:55 ට සිංහ රාශි ගත වෙයි. 

වෘෂභ ලග්න පලාපල

(තර්ක: ලග්නාධිපති සිකුරු සමග කුජ 3 වැන්නේ. කුජ නීචයි, සිකුරු සතුරුයි. සුභයි. බුධ රාහු ලග්නයේ - හොඳයි. ගුරු 10 කේන්ද්‍රගතයි ආදායම් දියුණුව. රවි 2 තැන්පත් ධනය. ශනි 9 ස්වක්ෂේත්‍රයි. තිර රාශි 9 බාධකයි.)

පොදු

මාසය ආරම්භයේ සිටම සිතට යම් සහනයක් දැනේවි. වැඩ රාජකාරි බහුල වුවත් විඩාවක් නොමැතිව ඒ්වායෙහි නිරත වීමට හැකියාව ඇති වේ.  පළමු සති දෙකෙන් පසුව තත්වය තව තවත් යහපත් අතට හැරී ශක්තිමත් බවක් හා උනන්දුව උත්සාහය වැඩි වී ඇසුරු කරන්නන් අතරත් කැපී පෙනෙයි. මේ තත්වය තේරුම් ගෙන තම කටයුතුවල නිරත වූවොත් ඔබට සතුටින් කල් ගෙවීමට හැකියාව ලැබේ. දේශපාලන සහ සමාජ කටයුතුවල නිරත අයට සහ රජයේ උසස් තනතුරු හොබවන අයගේ කීම් සමාජය පිළි ගන්නා කාළයකි. ඒහෙත් චරිතය හා පෞර්ශත්වය පිරිසිදුව තබා ගැනීමට නිබඳව උනන්දු විය යුතුය.


ධනය

රැකියාවලින් සහ ව්‍යාපාරවලින් ලැබෙන අදායම් තත්වය හොඳයි. තැන්පත් ධනයක් ඇති කර ගැනීමටත් පුලුවන් කාලයකි.  කතාවෙහි දක්ෂකම මෙන්ම යහපත් චරිතයක් හා පෞර්ශත්වයක් ගොඩ නගා ගෙන තිබෙන ගුරුවරුන්ට මෙය ආදායම් ගලා එන කාලයකි. හවුල් ව්‍යාපාරවලින් ආදායම් සහ ලාභ ලැබේ. 


රැකියාව

රැකියාවල නියුතු අයට උසස් වීම් හා වගකීම් පැවරෙනවා. ව්‍යාපාර හා ස්වයං රැකියාවන්හි නියුතු අයටද ප්‍රථිපල සහ ආදායම් ලැබේ. හවුල් ව්‍යාපාර කරන අයට කටයුතු සාර්ථකව දියුණුව කරා ලෙන යා හැකිය. ප්‍රකාශන අංශයේ ව්‍යාපාර කරන අය ජනප්‍රිය වීමට සහ දියුණුවට පත් වෙන සුභ ග්‍රහචාරයකි. ඒහෙත් වගා කටයුතුවල නියැලෙන අයට විවිධ බාහිර ගැටලු නිසා ඒ්වා නිසියාකාරව කිරීමට නොහැකි වීමෙන් අලාභ හා වගා පාලු වීමට ඉඩ තිබෙන නිසා ඒ්වා පිළිබඳව වැඩි උනන්දුවක් දැක්විය යුතුයි. ගුරු රාහු මහ දසා අතුරු දසා ගත කරන අයට රැකියාවේ අපහසුතා අස්ථාන ‌චෝදනා රැකියා වෙනස් වීම් ආදී ගැටලු ඇති වීමට පුලුවන් නිසා ඒ්වාට හේතු වන දේවලින් වැළකීම යහපත්.  


අධ්‍යාපනය

අධ්‍යාපනය ලබන වයසේ පසුවන අයට හොඳයි. ඉගෙන ගන්නා වයසේ දරුවන් සිටින දෙමාපියන්ගේගේද අරමුණු ඉටුවේ. විශේෂයෙන්ම ග්‍රථ කටයුතුවල නිරතවන අයට මෙතෙක් අත පසු වෙමින් තිබූ අත් පිටපත් ප්‍රකාශනය කිරීමට උනන්දු වුවහොත් ඒ කටයුතු සාර්ථක කර ගැනීමට පුලුවන් කම ලැබෙනවා.


ගෘහ ජීවිතය

විරුද්ධ පාර්ශවයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු වෙන කාලයකි. තරුණ තරුණියන්ට යහපත් ප්‍රේම සම්බන්ධතා ගොඩ නැගෙන, ප්‍රේම සම්බන්ධතා සහ විවාහ අපේක්ෂකයන්ට ඒ්වා ස්ථිර වීමට සුභ කාලයකි. විවාහක අයගේ අතර ආදරය සමගිය වර්ධනය වෙන හා ගෘහ ජීවිතය යහපත්. දරුවන් බලාපොරොත්තුව  සිටින විවාහකයන්ට මෙය හොඳ කාලයකි. ගේ දොර නවීකරණයට හා අලංකරණයට වැඩි කාලයක් ගත කරමින් සතුටු වීමටද හැකියාව ඇත.


සෞඛ්‍යය

පීනස හා සෙම් රෝගවලට පහසුවෙන් ගොදුරු විය හැකිය. ඇදුම හතිය පපුව ආශ්‍රිත රෝග තිබෙන අය අනිවාර්යයෙන්ම වෛද්‍ය ප්‍රතිකාර ගත යුතුය.




මිථුන පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි

 

ග්‍රහස්ථුඨ බැලීම සඳහා ඉහත පිංතූරය මත ක්ලික් කරන්න.

ග්‍රහ මාරු 2021 ජූලි

  • සඳු ග්‍රහයා දින 2යි 1/4කින් රාශියෙන් රාශියට ගෝචරය වෙයි. 
  • බුධ ග්‍රහයා 2021 ජූලි 7 වෙනිදා පෙ.ව. 11:12 ට මිථුන රාශි ගත වෙයි. 
  • රවි ග්‍රහයා 2021 ජූලි 16 වෙනිදා ප.ව. 4:53 ට කටක රාශි ගත වෙයි. 
  • සිකුරු ග්‍රහයා 2021 ජූලි 17 වෙනිදා පෙ.ව. 9:26 ට සිංහ රාශි ගත වෙයි. 
  • කුජ ග්‍රහයා 2021 ජූලි 20 වෙනිදා ප.ව. 5:55 ට සිංහ රාශි ගත වෙයි. 

මිථුන ලග්න පලාපල

(තර්ක: ලග්නාධිපති බුධ රාහු සමග 12 වැන්නේ - අසුභයි. කුජ සමග සිකුරු 2 වැන්නේ -  අසුභයි. කුජ නීචයි, සිකුරු සතුරුයි. ශනි 8 - අසුභයි. රැකියාව සුභයි. ගුරු 9 - සුභයි. රවි 1. මිථුන උභය රාශි 7 බාධකයි)

පොදු

මාසය ආරම්භයේ මානසික අසහනය හිතේ නොසන්සුන්තාවය නිසා පීඩාවට පත් වේ. මාසයේ අවසාන සතිය වන තෙක් මේ තත්වය පවතින නිසා සිත සන්සුන් වන අභ්‍යාසවල නිරත වීම යහපත්. විටින් විට ඇතිවන විවිධ කරදර බාධක නිසා සිත කළබලයට පත් වීම උත්සාහයෙන් මග හරවා ගන්න. කළකිරීම් හා බාධක හමුවේ ක්ෂණික තීරණ මෙන්ම දැඩි තීරණ ගැනීමද නුසුදුසුයි. සෙනසුරු මහ දසා අතුරු දසා ගත කරන අයට තත්වය තව දුරටත් බලවත් වන නිසා ආගමික වතාවත්වල නිරත වීමෙන් හිතට සහනයක් ගන්න.


ධනය

විවිධ ආකාරයේ වංචනිකයන්ට හසු වීමට තිබෙන ඉඩ කඩ වැඩි නිසා යම් මුදලක් වියදම් කරන්නේනම් බොහොම සැළකිල්ක් දැක්විය යුතු කාලයකි. මේවායින් බේරීමට එවන් වියදම් කල් දැමීම ඉතාම හොඳ ක්‍රමයති. නැතිහොත් තැන්පත් ධනයක් තිබේනම් එය වියදම් වීමට සහ නිකරුනේ නාස්ති වීමට ඉඩ තිබේ. ව්‍යාපාරික අවශ්‍යතාවයන් සඳහා මුදල් ආයෝනයට නුසුදුසුය.


රැකියාව

රැකියා ස්ථානවල කරදර ප්‍රශ්න සහ රහස් සතුරු කරදර ඇති විය හැකි නිසා ළඟින් සිටින අය කෙරෙහිද වැඩි අවධානයකින් පසු විය යුතු කාලයකි. මන්දෝත්සාහී ගතිය වැඩ අධික වීම කළකිරීම් නිදි මැරීම ආදී නොයෙකුත් ගැටලු ඇති වීමට බොහෝ ඉඩක් පවතින ග්‍රහචාරයක් බව සිතට ගන්න. අනවශ්‍ය වගකීම් භාර ගැනීමෙන් වළකින්න. තමන්ට පැවරී ඇති කාර්යයන් පමණක් කෙසේ හෝ උනන්දුවෙන් උත්සාහයෙන් නිවැරදිව කරන්න. දුර බැහැර ගමන්වලින් ලාභ තිබෙන කාලයක් නිසා ඇවිදිමින් හා දුර බැහැර භාණ්ඩ බෙදා හරින ව්‍යාපාරිකයන්ගේ කටයුතු සාර්ථක වේ.  විදේශ රැකියාවන් බලාපොරොත්තු වන අය ඒ ගැන උනන්දුවීමට මෙය හොඳ කාලයක් වුවත් එක්වරම මුදල් ගෙවීම්වවලින් වළකින්න.  විදේශ ගතවීම්වලටද වාසනාව ඇත.  විදේශ රැකියාවල නියුතු අයගේ තත්වය යහපත් වේ.


අධ්‍යාපනය

අධ්‍යාපනයට බාධා ඇති කරන ග්‍රහචාරයක් බව සිතෙහි තබා ගෙන ඒ වෙනුවෙන් වැඩි පුර වෙහෙස වෙන්න. අධ්‍යාපනයේ නියුතු දරුවන් සිටින දෙමාපියන් දරුවන් කෙරේ වැඩි සැළකිල්ලක් දැක්විය යුතු කාලයකි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කෙරෙහි වැඩි අවධානයෙන් සිටිය යුතුය. ඒනමුත් දරුවන්ට නීති පැනවීම හෝ දඬුවම් දීම් නොකළ යුතුය.


ගෘහ ජීවිතය

දැනටමත් ප්‍රේම සම්බන්ධතා නොමැති තරුණ තරුණියන් ඒ ගැන සිතන එක කල් දැමිය යුතු කාලයකි. ප්‍රේම සබඳතා ඇති අය අතර විස්වාසය පලුදු වීමට හා ඒවා නතර කිරීමට හේතු ඇති විය හැකි කාලයකි. විවාහ කටයුතු සඳහා බාධාවීම් සහ කල් ගතවීම් ඇතිවේ. කොහොමටවත් විවාහ පිළිබඳ තීරණ ගැනීමට මේ කාලය සුදුසු නැත.    විවාහකයන් අතරද ප්‍රශ්න කරදර ඇතිවිය හැකි කාලයක් නිසා බොහොම ඉවසීමෙන් ක්‍රියා කල යුතුය. සිත් රිදවීම් ඇති වුන වහාම කිසිම වචනයක් ප්‍රකාශ නොකර නිශ්ශබ්දව සිටීම හොඳම විසඳුමකි. පදිංචිය වෙනසක් බලාපොරොත්තුව සිටි අයගේ බලාපොරොත්තු ඉටු වේ. සිකුරුගේ මහ දසා අතුරු දසා ගත කරන අයට යම් සහනයක් ඇති වුවත් සෙනසුරුගේ මහ දසා අතුරු දසා විදසා ගත කරන අයට අපල ගෙන දේ. උලතේදී සෙනසුරු සුභ ස්ථානයක හෝ සිකුරුගේ හෝ ගුරුගේ දෘෂ්ඨි ලදොත් මේ අපල තත්වය බිඳේ.

සෞඛ්‍යය

ඇස් ආබාධ, සෙම් අමාරු, හිසේ අමාරු ඇති විය හැකිය. උදරයේ කැක්කුම් සහ පහසුවෙන් සොයා ගත නොහැකි අසනීප තත්වයන්ද ඇති විය හැකි නීසා ආහාර පාන ගැනීමේදී විශේෂ අවධානයක් යොමු කල යුතුයි.




කටක පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි

 

Cancer transits - 2021 Jully





ග්‍රහස්ථුඨ බැලීම සඳහා ඉහත පිංතූරය මත ක්ලික් කරන්න.

ග්‍රහ මාරු 2021 ජූලි

  • සඳු ග්‍රහයා දින 2යි 1/4කින් රාශියෙන් රාශියට ගෝචරය වෙයි. 
  • බුධ ග්‍රහයා 2021 ජූලි 7 වෙනිදා පෙ.ව. 11:12 ට මිථුන රාශි ගත වෙයි. 
  • රවි ග්‍රහයා 2021 ජූලි 16 වෙනිදා ප.ව. 4:53 ට කටක රාශි ගත වෙයි. 
  • සිකුරු ග්‍රහයා 2021 ජූලි 17 වෙනිදා පෙ.ව. 9:26 ට සිංහ රාශි ගත වෙයි. 
  • කුජ ග්‍රහයා 2021 ජූලි 20 වෙනිදා ප.ව. 5:55 ට සිංහ රාශි ගත වෙයි. 

කටක ලග්න පලාපල

(තර්ක: කුජ සිකුරු සංයෝගය ලග්නයේ. යෝගකාරක කුජ නීචයි -, සිකුරු සතුරුයි -. චර රාශි 11 බාධකයි, බුධ රාහු 11 වැන්නේ සංයෝගය - ආර්ථික දියුණුවට සැළසුම්. 7 ශනි දිග්බලයි - හවුල්, විවාහ ශක්තිමත්. ගු 8 සතුරු/අසනීම/පුණ්‍ය, ආර්ථික බාධා. රවි 12 වියදම් )

පොදු

මාසය ආරම්භයේ තිබෙන ග්‍රහචාරය අනුව පවතින මානසික නොසන්සුන්තාවය, උද්වේගකාරී සිතුවිලි සහ ක්ෂණික කෝපය නිසා ඇසුරු කරන්නන් සමග විවිධ මත භේද ඇති වීමට වැඩි ඉඩක් තිබේ. මාසයේ මුල් සති දෙක බොහොම කල්පනාවෙන් සහ ඉවසීමෙන් යුතුව කටයුතු කිරීමට තරයේ සිතට ගන්න. මාසයේ අවසාන සතිය වන තෙක් මේ තත්වය පවතින නිසා සිත සන්සුන් වන අභ්‍යාසවල නිරත වීම යහපත්. සෙනසුරු මහ දසා අතුරු දසා විදසා ගත කරන අයට තත්වය තව දුරටත් බලවත් වන නිසා ආගමික වතාවත්වල නිරත වීමෙන් හිතට සහනයක් ලැබේ. මාසයේ අවසාන සති දෙක තුල ඇති වන ග්‍රහ මාරු වීම් නිසා ඉහත කී තත්වයන් සමනය වෙනු ඇත.


ධනය

මාසයේ මුල් සති දෙක තුල තැන්පත් ධනයට හානි වන අනවශ්‍ය වියදම් යෙදිය හැකි නිසා අරපරිස්සමෙන් අවශ්‍ය දේට පමණක් මුුදල් වියදම් කරන්න. මාසයේ අවසාන සති දෙක තුල ධනස්ථානාධිපති වැයස්ථානයෙන් මිදී ලග්නයට ගෝචරය වීම නිසා  ලැබෙන ආදායම් සකසුරුවම් කර ගැනීමට හැකි වේ. 


රැකියාව

රැකියාවන්හි නියුතු අයගේ තත්වය යහපත් වන අතර අන්‍යයන්ගේ ගෞරවාදරයට පාත්‍ර වේ. උනන්දුවෙන් උත්සාහයෙන් කල්පනාවෙන් වැඩ කළොත් උසස්වීම් සඳහා ඉහළ නිළධාරීන්ගේ සහ ස්වාමියන්ගේ අවධානයට ලක් වෙන ග්‍රහචාරයක් පවතී. ව්‍යාපාර හා ස්වයං රැකියාවල නියුතු අයට ඒ්වායේ වර්ධනයට අවශ්‍ය සැළසුම් සකස් කිරීමට හොඳ කාලයකි. එමගින් ඔබ බලාපොරොත්තු වූ පරිදිම අනාගත දියුණුවක් හා ලාභයක් සාක්ෂාත් කර ගත හැකිවේ. වගා කටයුතුවල නිරත අය‌ට යහපත්ය. විදේශ රැකියාවල නියුතු අයටද තම රැකියාවේ තත්වය ඉහත කී ආකාරයටම වර්ධනය වේ. විදේශ ගතවීම්වලටද වාසනාව ඇත.  විදේශ රැකියාවල නියුතු අයගේ තත්වය යහපත් වේ.


අධ්‍යාපනය

අධ්‍යාපන කටයුතුවලට තරමක් බාධාකාරී තත්වයක් උදා වී ඇති නිසා ඒ් සඳහා විශේෂ අවධානයක් සහ උනන්දුවක් ඇති කර ගත යුතුයි. අධ්‍යාපනය ලබන දරුවන් සිටින දෙමව්පියන්ට ඒ් ගැන විශේෂ අවධානයක් යොමු කල යුතුය. දරුවන්ට දිරි දීම් සහ ඇගයීම් කල යුතු අතර කිසි විටෙකත් ඔවුන්ගේ වැරදි අඩුපාඩු  විවේචනය නොකිරීමෙන් දරුවන්ගේ මුරන්ඩු කම පාලනය කර ගත හැකිය.


ගෘහ ජීවිතය

විරුද්ධ පාර්ශවයන් කෙරෙහි ඇල්ම බැල්ම ඇති වීමටත්, සීමාවන් නොමැති පෙම් සබඳතාවයන් සඳහා සිත යොමු වේ. පවතින යහපත් පෙම් සබඳතාවයන් බිඳීමට ඉඩ කිබේ. විශේෂයෙන්ම චරිතයට හානි වන නොගැලපෙන සම්බන්ධතාවයන් නිසා සහකරුවන් හා සහකාරියන් අතරත් අනවශ්‍ය ගැටලු ඇති වීමටත් පුලුුුුවන්. ඒ් නිසා යුග දිවිය ගත කරන අයට එම තත්වයන් ඉවසීමෙන් මුහුණ දෙමින් හා දුර දිග බලා අනවශ්‍ය දේවල් මග හැර ගැනීමෙන් පවුලේ ප්‍රීතිය සමගිය ආරක්ෂා කර ගැනීමට උනන්දු වෙන්න. ඒ් සඳහා අවශ්‍ය ශක්තිය ද මෙම ග්‍රහචාරය මගින්ම ලබා දී ඇත. මාසයේ අවසාන සති දෙක ප්‍රේම සබඳතා මෙන්ම යුග දිවියේ සතූට සමාදානය ද වර්ධනය වෙන සහ තහවුරු වෙන සුභවාදී ග්‍රහචාරයක් නිර්මාණය වෙනු ඇත. පවුලේ සමගිය වර්ධනය වෙනවා වගේම ගේ දොර අලංකරණයට වැඩි නැඹුරුවත් දක්වනු ඇත.


සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය යහපත්ය.  එනමුදු නිධන්ගත රෝග තිබෙන අය නිසි වෛද්‍ය ප්‍රථිකාර අනුගමනය කිරීමෙන් නියමාකාරයෙන් ශරීර සෞඛ්‍යය රැක ගත හැකිය.




සිංහ පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි

 

ග්‍රහස්ථුඨ බැලීම සඳහා ඉහත පිංතූරය මත ක්ලික් කරන්න.

ග්‍රහ මාරු 2021 ජූලි

  • සඳු ග්‍රහයා දින 2යි 1/4කින් රාශියෙන් රාශියට ගෝචරය වෙයි. 
  • බුධ ග්‍රහයා 2021 ජූලි 7 වෙනිදා පෙ.ව. 11:12 ට මිථුන රාශි ගත වෙයි. 
  • රවි ග්‍රහයා 2021 ජූලි 16 වෙනිදා ප.ව. 4:53 ට කටක රාශි ගත වෙයි. 
  • සිකුරු ග්‍රහයා 2021 ජූලි 17 වෙනිදා පෙ.ව. 9:26 ට සිංහ රාශි ගත වෙයි. 
  • කුජ ග්‍රහයා 2021 ජූලි 20 වෙනිදා ප.ව. 5:55 ට සිංහ රාශි ගත වෙයි. 

සිංහ ලග්න පලාපල

(තර්ක: ප්‍රධාන යෝකාරක කුජ 12 - දියුණුවට බාධා. රාහු 10 වැන්නේ - රැකියා ගැටලු, පියාට අපලයි. කේතු 4 මව, දේපල - දුර්වලයි. සිංහය තිර රාශියක් නිසා 9 බාධකයි. ගුරු 7 කේන්ද්‍රගතයි - හවුල් ව්‍යාපාර, විවාහ මත ‌භේද - ආත්ම ගරුත්වය රැකේ. ලග්නාධිපති 11 බලවත් දෝෂ භංග යෝගයකි.)

පොදු

ජූලි මාසයේ ග්‍රහචාරය අනුව විවිධ මානසික නොසන්සුන්තාවය, උද්වේගකාරී සිතුවිලි නිසා දුරදිග නොබලා ක්ෂණික තීරණ ගැනීමට පෙළඹේ. මෙය අනිවාර්යයෙන්ම පාලනය කර ගත යුතු තත්වයකි. සිතට ඇතිවන කළකිරීම් හා උදාසීන ගති මෙන්ම ගතට දැනෙන ශාරීරික අපහසුතාවයන් උනන්දුව උත්සාහය මත මග හැර ගත හැකිය.  මේ අනුව මාසයේ මුල් සති දෙක තුන බොහොම කල්පනාවෙන් සහ ඉවසීමෙන් යුතුව කටයුතු කිරීමෙන් තත්වය සමනය වනු ඇත.


ධනය

මාසයේ මුල් සතියෙන් පසුව රැකියා ව්‍යාපාරවලින් හොඳ ආදායම් සහ තැන්පත් ධනය වර්ධනය කර ගැනීමට ‌වාසනාවන්ත ග්‍රහචාරයක් උදාවේ. විශේෂයෙන්ම ජන්ම කේන්දරයේ බුධ ශක්තිමත් අයට මෙන්ම බුධ මහ දසා, අතුරු දශා ගත කරන අයට සහ විදේශ රැකියාවන්හි නියුතු අයට වඩාත් ශුභපල ගෙන දේ. සෙසු අයට උනන්දුව හා උත්සාහය මත කිසියම් වූ හොඳ ආර්ථික තත්වයක් උදාකර ගැනීමට හැකි වේ. මව් පාර්ශවයෙන් උරුම දේපල සම්බන්ධ ගැටලු ඇති අය කාලයට ඉඩ දීම නුවණට හුරුය. නැතහොත් ඒවා උත්සන්න වීමෙන් නඩු හබවලටද පැටලීමට වුවද සිදුවේ. ඒ වගේම ඉඩම් දේපල යාන වාහන මිලදී ගැනීමට බලාපොරොත්තු වන අය එම අදහස කල් දැමීම සුදුසුය. දේපල යාන වාහන මිලදී ගැනීමෙන් මෙම කාලයේ පාඩු සිදු වෙන අතර, මෙය තමන් සතු දේපල විකීණීමෙන් ලාභ ලැබිය හැකි කාලයකි.


රැකියාව

මාසයේ පළමු සතියේ රැකියා, ව්‍යාපාර හා ස්වයං රැකියාවල නියුතු අයට බාධක සහ පාඩු ඇතිවේ. එහෙත් දුර බැහැර සිට රැකියාවල නියුතු සහ ව්‍යාපාර කරන අයට යම් සහනයක් ඇත. විදේශ රැකියා බලාපොරොත්තු වන අයට බාධා ඇති කාලයක් නිසා ඒ් වෙනුවෙන් මුදල් යෙදවීමෙන් වළකින්න. මාසයේ මුල් සතියෙන් පසුව රැකියා ව්‍යාපාරවලින් හොඳ ආදායම් සහ තැන්පත් ධනය වර්ධනය කර ගැනීමට ‌වාසනාවන්ත ග්‍රහචාරයක් උදාවේ. විශේෂයෙන්ම ජන්ම කේන්දරයේ බුධ ශක්තිමත් අයට මෙන්ම බුධ මහ දසා, අතුරු දශා ගත කරන අයට සහ විදේශ රැකියාවන්හි නියුතු අයට වඩාත් ශුභපල ගෙන දේ. සෙසු අයට උනන්දුව හා උත්සාහය මත කිසියම් වූ හොඳ ආර්ථික තත්වයක් උදාකර ගැනීමට හැකි වේ.

අධ්‍යාපනය

මාසයේ අවසාන සතිය දක්වා අධ්‍යාපන කටයුතුවලට තරමක් බාධාකාරී තත්වයක් උදා වී ඇති නිසා ඒ් සඳහා විශේෂ අවධානයක් සහ උනන්දුවක් ඇති කර ගත යුතුයි. අධ්‍යාපනය ලබන දරුවන් සිටින දෙමව්පියන්ට ඒ් ගැන විශේෂ අවධානයක් යොමු කල යුතුය


ගෘහ ජීවිතය

මෙය ඔබේ මවට සහ පියාට තරමක් අපලදායක කාලයකි. මෙය ඔබගේ ග්‍රහචාරය අනුව සිදු වන දෙයක් නොවේ. එය ඔබගේ ග්‍රහචාරයෙන් පෙන්නුම් කරන දෙයකි. ප්‍රේම සබඳතා සහ විවාහ ස්ථිර කර ගැනීම් සඳහා ගැටලු මතු වෙන මතභේදාත්මක කාලයකි.  යුග දිවි ගෙවන අය පවුලේ සමගිය ආරක්ෂා කර ගැනීමට උනන්දු විය යුතුය. තත්වය සමනය වන තෙක් ඉවසිය යුතු සහ ආගමික අංශයට නැඹුරු විය යුතු කාලයකි.


සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය බාධා ඇති විය හැකිය.  නිධන්ගත රෝග තිබෙන අය නිසි වෛද්‍ය ප්‍රථිකාර නියමාකාරයෙන් අනුගමනය කර ගත යුතුය.




කන්‍යා පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි

 

ග්‍රහස්ථුඨ බැලීම සඳහා ඉහත පිංතූරය මත ක්ලික් කරන්න.

ග්‍රහ මාරු 2021 ජූලි

  • සඳු ග්‍රහයා දින 2යි 1/4කින් රාශියෙන් රාශියට ගෝචරය වෙයි. 
  • බුධ ග්‍රහයා 2021 ජූලි 7 වෙනිදා පෙ.ව. 11:12 ට මිථුන රාශි ගත වෙයි. 
  • රවි ග්‍රහයා 2021 ජූලි 16 වෙනිදා ප.ව. 4:53 ට කටක රාශි ගත වෙයි. 
  • සිකුරු ග්‍රහයා 2021 ජූලි 17 වෙනිදා පෙ.ව. 9:26 ට සිංහ රාශි ගත වෙයි. 
  • කුජ ග්‍රහයා 2021 ජූලි 20 වෙනිදා ප.ව. 5:55 ට සිංහ රාශි ගත වෙයි. 

කන්‍යා ලග්න පලාපල

(තර්ක: ලග්නාධිපති බුධ රාහු සමග 9 - බාධා. සිකුරු සමග කුජ 11 වැන්නේ. කුජ නීචයි, සිකුරු සතුරුයි. සුභයි. ගුරු 6 අසුභයි ආදායම් දියුණුව. රවි 10 සුභයි. ශනි 5 ස්වක්ෂේත්‍රයි. කන්‍යා උභය රාශියක් 7 බාධකයි.)

පොදු

මාසය පුරාම සතියෙන් සතිය මානසික තත්වය වෙනස් වීම්වලට භාජනය වෙන නමුදු සියලු තත්වයන් හමුවේ නොසැලී බුද්ධිය මෙහෙයවා වැඩ රාජකාරිවල නිරත වෙන අයට සිතට යම් සහනයක් දැනේවි. වැඩ රාජකාරි බහුල වුවත් විඩාවක් නොමැතිව ඒ්වායෙහි නිරත වීමට හැකියාව ඇති වේ.  පළමු සති දෙකෙන් පසුව තත්වය තව තවත් යහපත් අතට හැරී ශක්තිමත් බවක් හා උනන්දුව උත්සාහය වැඩි වේදේශපාලන සහ සමාජ කටයුතුවල නිරත අයට සහ රජයේ උසස් තනතුරු හොබවන අයට වගකීම් දැරීමට සිදු වේ. අවසාන සතියේදී නම් දරුණු වචන හැසිරීම් පාලනය කර ගැනීම ඉතාමත් වැදගත්.


ධනය

පළමු සති දෙකේ ආදායම් බාධා වුවත් පසු සති දෙකේ ආදායම් වර්ධනයක් බලාපොරොත්තු විය හැකිය. රජයට සම්බන්ධ ව්‍යාපාරවලින් හොඳ ආදායම් සහ තැන්පත් ධනයක් ඇති කර ගැනීමටත් පුලුවන් කාලයකි.  හවුල් ව්‍යාපාරවලින් ආදායම් සහ ලාභ අවම හෝ පාඩු සිදු වේ. 


රැකියාව

පළමු සති දෙකේ පසු රාජ්‍ය අංශයේ රැකියාවල නියුතු අයට උසස් වීම් හා වගකීම් පැවරෙයි. නව රජයේ රැකියා බලාපොරොත්තු වන අයට ඒ සඳහා අයදුම්පත් යොමු කිරීමට හොඳ කාලයකි. විදේශ ගත වීම් සාර්ථකයි. විදේශ රැකියාවල නියුතු අයට හොඳයි. මුල් සති දෙක බාධා ගෙන දෙන මුත් රජයට සේවා සපයන ව්‍යාපාරවල යෙදී සිටින සහ රජයේ කොන්ත්‍රාත් කරන අයගේ කටයුතු සාර්ථකව දියුණුව සහ අදායම් තත්වය හොඳයි. එහෙත් ස්වයං රැකියාවන්හි නියුතු අයට සහ හවුල් ව්‍යාපාර කරන අයට කටයුතු සාර්ථකව දියුණුව කරා ගෙන යාමට මහත් ප්‍රයත්නයක් දැරිය යුතුය. පළමු සති දෙකේ පසු බුද්ධිය මෙයෙවා කරන ව්‍යාපාර කරන අය ජනප්‍රිය වීමට සහ දියුණුවට පත් වෙන සුභ ග්‍රහචාරයකි. වගා කටයුතුවලට අලාභ හා පාඩු වීමට ඉඩ තිබෙන නිසා ඒ්වා පිළිබඳව වැඩි උනන්දුවක් දැක්විය යුතුයි. ගුරු කේතු මහ දසා අතුරු දසා ගත කරන අයට රැකියාවේ අපහසුතා අස්ථාන ‌චෝදනා රැකියා වෙනස් වීම් ආදී ගැටලු ඇති වීමට පුලුවන් නිසා ඒ්වාට හේතු වන දේවලින් වැළකීම යහපත්.  


අධ්‍යාපනය

අනවශ්‍ය දේවල නිරත නොවී අධ්‍යාපනය ලබන අය මහන්සියෙන් කැප වීමෙන් ඉගෙන ගත යුතුය. පරිගණක අන්තර්ජාල සහ තාක්ෂණික මෙවලම් ඇසුරෙන් ඉගෙන ගන්නා අයට මෙන්ම ඒවැනි විෂයන් හදාරණ අයට හොඳයි. දරුවන් නොමගට යෑමට ඉඩ ඇති නිසා දෙමාපියන් ඔවුන් ගැන අනිවාර්යෙන්ම වැඩි අවධානයක් දැරිය යුතුයි. විශේෂයෙන්ම ජංගම දුරකථන හා අන්තර්ජාල ඇසුරු කරන දරුවන් කරන දේවල් පිළිබඳව විමසිලිමත් විය යුතුය.  


ගෘහ ජීවිතය

මාසයේ මුල් සති දෙක පෙම්වතුන්ට සතුට ගෙන දෙන අතර අවසන් සති දෙක දුක් කරදර ගෙන දීමට ඇති හැකියාව ඇති බව කල්පපනාවට ගන්න. විවාහ ස්ථිර කර ගැනීම්ද ඒසේමය.  අවසන් සති දෙක අසුභ බැවින්  විවාහයට වැඩිහිටියන්ගෙන් යහපත් ප්‍රතිචාර නොලබන සහ බාධා ඇති වේ. විශේෂයෙන්ම නොගැලපෙන සම්බන්ධ ඇති විය හැකි අතර වැඩිහිටියන්ට ඒවා පිළිබඳව අව‌භෝධ වීම මීට හේතුවයි. මුල් සති දෙක තුල වංචනිකයන්ටද හසුවිය හැකි නිසා කල්පනාකාරී වන්න.  සහෝදරයන්ට අපල සහෝදරයන්ගෙනුත් අපල කරදර සිදුවිය හැකිය. ගෙදර වාසය එපා වීමට තරම් කරුණු යෙදිය හැකි නිසා ප්‍රශ්න හමුවේ ඉක්මන් තීරණ නොගෙන ඉවසීම සුදුසු වේ. ස්ථිර හා චංචල දේපල ගැටලු ඇති විය හැකි අතර ණය හෝ ලීසිං වාරික හිර වේ. මෙම මාසයේ ණය නොවන්න. දේපල සම්බන්ධ ගැටලු ඇති විය හැකි අතර මෙම ග්‍රහචාරය මවට සහ මාමාවරුන්ට අපල ගෙන දෙන්නකි.


සෞඛ්‍යය

ආතරයිටීස් සහ කොලෙස්ටිරෝල් තත්වයන් ඇති අය සහ තරබාරුව අය ප්‍රවේශම් විය යුතුය. තෙල් බැදුම් අගුණයි පපුවේ අමාරු ඇති වීමට ඉඩ ඇති අතර දැනටමත් තිබෙන අයට ඒවා උත්සන්න වීමටත් පුලුවනි. නිසි වෛද්‍ය ප්‍රතිකාර ගත යුතුය. කේතු මහ දසා අතුරු දසා විදසා ගත කරන අය පරිස්සම් විය යුතුය. උපතේදී ගුරු පාප කර්තරී වී සිටීමද මෙවන් අසනීප උත්සන්න වීමට හේතු වේ.


තුලා පොදු ගෝචර ලග්න පලාපල - 2021 ජූලි

 

ග්‍රහස්ථුඨ බැලීම සඳහා ඉහත පිංතූරය මත ක්ලික් කරන්න.

ග්‍රහ මාරු 2021 ජූලි

  • සඳු ග්‍රහයා දින 2යි 1/4කින් රාශියෙන් රාශියට ගෝචරය වෙයි. 
  • බුධ ග්‍රහයා 2021 ජූලි 7 වෙනිදා පෙ.ව. 11:12 ට මිථුන රාශි ගත වෙයි. 
  • රවි ග්‍රහයා 2021 ජූලි 16 වෙනිදා ප.ව. 4:53 ට කටක රාශි ගත වෙයි. 
  • සිකුරු ග්‍රහයා 2021 ජූලි 17 වෙනිදා පෙ.ව. 9:26 ට සිංහ රාශි ගත වෙයි. 
  • කුජ ග්‍රහයා 2021 ජූලි 20 වෙනිදා ප.ව. 5:55 ට සිංහ රාශි ගත වෙයි. 

තුලා ලග්න පලාපල

(තර්ක: ලග්නාධිපති සිකුරු කුජ  සමග සංයෝගය 10 - රැකියා දියුණුව හා ආදායම්. යෝගකාරක ශනි 4 ස්වක්ෂේත්‍රයි සස යෝගය උදා කර ඇත - දියුණුව, දේපල ලාභ. ගුරු 5 ත්‍රිකෝණ බලයෙනි - අධ්‍යාපනය හා දරු සම්පත්. රවි 9 - උත්සාහය. රාහු 8 කේතු 2 - නොසිතූ ධනය.)

පොදු

මාසය ආරම්භයේ තිබෙන ග්‍රහචාරය අනුව පවතින මානසික තෘප්තිය අවසාන සති දෙක තුල නොමැති වීම ගැන හිත කලබල කර ගැනීමෙන් වළකින්න. යහපත් ධෛර්යය සහ ශක්තිය මත මාසය පුරාවටම සතුටින් සිටිය හැක.  මාසයේ මුල් සති දෙක අතර ඇසුරට ලැබෙන හිතවතුන් මාසය පුරාවටම සහ මතුවටත් ආරක්ෂා කර ගැනීමට සිතට ගන්න. මෙම මාසය තුලා ලග්න හිමි ඔබට උත්සාහයේ තරමටම ප්‍රථිපල ලබා ගත හැකි කාලයකි.


ධනය

මාසයේ මුල් සති දෙක තුල සහ අග සති දෙක තුල ආදායම් තත්වයේ පැහැදිලි වෙනසක් ඇති වෙන නිසා අනවශ්‍ය වියදම් පාලනය කරමින් අවශ්‍ය දේට පමණක් වියදම් කරන්න. ඒවිට  ලැබෙන ආදායම් සකසුරුවම් කර ගැනීමට සහ ආදායම් වියදම් සමබර කර ගත හැකි වේ. ‌යාන වාහන ලාභ දේපල ලාභ ඇති වන කාලයකි.  කිසියම් දේපලක් නොමැති තුලා ලග්න හිමියන්ට ඒ් ගැන වැඩි අවධානයක් යොමු කිරීමට මෙය හොඳ කාලයකි. මව් පියන්ගෙන් හිතවතුන්ගෙන් උදව් උපකාර ලැබේ. සුදුසුකම් තිබේ නම් නිවාස දේපල මිලදී ගැනීම සඳහා බැංකුවෙන් ණය මුදලක් ඉල්ලුම් කිරීමට වුවත් මෙය සුදුසු කාලයක් බව ඉඳුරාම කිව හැකිය.


රැකියාව

මාසයේ පළමු සති දෙක තුල රැකියාවන්හි නියුතු අයට වැඩි මහන්සියක් නොමැතිව සතුටෙන් රැකියාවේ නිරත වීමට අවස්ථාව ලැබේ. රැකියා උසස්වීම් තනතුරු අපේක්ෂා කල අයගේ අරමුණු ඉටුවීමද සතුටට හේතු වෙයි. ව්‍යාපාර හා ස්වයං රැකියාවල නියුතු අයට ද වාසිදායක තත්වයක් අපේක්ෂා කල හැකිය. ඇසුරු කරන්නන් අතර හොඳ හිත දිනා ගනී. මාසයේ අවසාන සති දෙක තුල ඇති වන ග්‍රහ මාරු වීම් නිසා ඉහත කී තත්වයන් වෙනස් වීමට නියමිතයි. රැකියා සහ ව්‍යාපාර ‌ක්ෂේත්‍රයේ අවුල් වියවුල් ඇති වේ. තත්වය පාලනය කිරීමට ඒ් සඳහා වැඩි උත්සාහයක්දැරීමට සිදු වේ.


අධ්‍යාපනය

අධ්‍යාපන කටයුතුවලට කරන අයට යහපත් මානසිකත්වයක් ඇති වේ. උසස් අධ්‍යාපනයේ නිරත අයටද විභාග සහ සම්මුඛ පරීක්ෂණවලින් ජය හිමිවේ. අධ්‍යාපනය ලබන වයසේ දරුවන් සිටින දෙමව්පියන්ට තම දරුවන්ගේ දක්ෂතා නිසා ආඩම්බර විය හැකිය. 



ගෘහ ජීවිතය

යහපත් පෙම් සබඳතාවයන් ඇති වීමට පුලුවන්. විවාහ ගිවිස ගැනීමට සුදුසු අය දෙපාර්ශවයටම හමු වේ. යුග දිවිය ගත කරන අයට පවුලේ ප්‍රීතිය සමගිය ආරක්ෂා කර ගැනීමට හැකිවේ. දරුවන් බලාපොරොත්තු වන අයට පිංවත් දරුවන් ලැබේ. ගෙදර දොර බාහිර අලංකරණයට හිතයොමු වේ.


සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය යහපත්ය.  මෙතෙක් පැවති රෝග තත්වයන්ගෙන් මිදීම නිසා සිතට සහනය ගෙන දේ. එහෙත් දැනටමත් ප්‍රතිකාර ගන්නා යම් රෝගී තත්වයක් වේ නම් ඒවාට වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර අවශ්‍ය වේ.


විශේෂ

පවතින ග්‍රහචාරය අනුව මෙම මාසය තුලා ලග්න හිමියන්ට සුභ නිසා වැඩි යමක් කීමට අවශ්‍ය නොවේ. සෙනසුරු හා සිකුරු මහ දසා අතුරු දසා විදසා ගත කරන අයගේ සුභ පල තවත් වැඩි වෙන අතර, ගුරු හෝ රාහු මහ දසා අතුරු දසා විදසා ගත කරන අයට තරමක් අශුභ පල දීමට හේතු වේ.