.

Sunday, July 5, 2015

2015 ජූලි මාසය ඔබේ ලග්නයට කොහොමද?


2015 ජූලි මාසයේ පවතින ග්‍රහචාරයට අනුව ඔබගේ ලග්නයට කෙසේද?. 


ප්‍රථමව ග්‍රහයන් ගමන් කරන්නේ කිනම් රාශිවලද යන්න විමසිය යුතුය. පලාපල.lk මගින් ඔබට නිරතුරුවම වෙනස් වෙමින් යන සජීවී ග්‍රහ ගමන ඉදිරිපත් කරන නිසා එය පහසුවෙන් බලාගත හැකිය. නිවාස පිටුවේ දකුණු පස ඉහළ තිබෙන ග්‍රහ රාශි චක්‍රයට අනුව මේ වන විට ග්‍රහයන් ගමන් කරන්නේ මෙසේය.

එය අනුව රවි සහ කුජ මිථුන රාශියේ ගමන් කරයි. බුධ වෘෂභ රාශියේද, සිකුරු සහ ගුරු කටක රාශියේද, ශනි වෘශ්චික රාශියේද, රාහු කන්‍යා රාශියේද, කේතු මීන රාශියේද ගමන් කරයි. ( ගෝචරය වෙයි. )

මාසය ආරම්භයේ මෙසේ වුවත් ජූලි 05 වෙනිදා බුධ මිථුන රාශි ගත වෙන අතර සිකුරු සිංහ රාශි ගත වෙයි. ජූලි 14 වෙනිදා ගුරු ද සිංහ රාශි ගත වීම මේ වසරේ සිදුවන වැදගත්ම ග්‍රහ මාරුවයි. ජූලි 17 වෙනිදා රවි මිථුනයට යන අතර 25 වෙනිදා සිකුරු වක්‍ර වෙයි. කුජ කටක රාශි ගත වෙනුයේ මේ මස අවසන් දින වන ජූලි 31 වැනිදාය.

ඒ අනුව මෙම මාසයේ ග්‍රහ ගමන් රාශියකි. අප ඉදිරිපත් කරන අනාගත ලග්න පලාපල සේවාවේ ලියාපදිංචි අයට මෙම සියලු ග්‍රහ මාරු, නැකැත්, පාද සහ සතුරු මිතුරු සබඳතා ද බලා ගත හැකියි.

පවතින ග්‍රහ තත්වයන් අනුව 2015 වසරේ ජූලි මාසය එක් එක් ලග්නයට බලපාන්නේ කෙසේද යන්න දැන් අපි බලමු.

මේෂ

තම එදිනෙදා කටයුතු සාර්ථකව පවත්වා ගෙන යාමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය සහ වාසනාව හිමිය. පවුලේ සෙසු අයගේ සහයෝගය නොමදව ලැබේ. දේපල සම්බන්ධ ආරවුල් පැන නැගීමට ඉඩ ඇත........  වැඩිදුර කියවන්න

වෘෂභ

තම කටයුතු සාර්ථකව පවත්වා ගෙන යා හැකි ග්‍රහ තත්වයක් නිර්මාණය වී ඇති නමුත් අනවශ්‍ය වාද විවාදවලට ද ඉඩ ඇත. හැඟීම් මෙන්ම වචන පාලනය ද අත්‍යාවශ්‍ය වේ. අදහස් ප්‍රකාශ කිරිමේදී දක්වන දුරුවලතා මගින් .......  වැඩිදුර කියවන්න


මිථුන

හොඳ පෞර්ෂයකින් යුතුව කටයතු කිරීමට මිථුන ලග්න හිමියන්ට අවස්ථාව ලැබෙන හොඳ මාසයකි. එහෙත් තමන් ගැන අධි මානසිකත්වයෙන් කල් නොගෙවිය යුතුය. අන්‍යයන් හා කරන කටයුතුවලදී තම මතය........  වැඩිදුර කියවන්න


කටක

මාසයේ පළමු සති දෙකට වඩා අග සති දෙක සුවිශේෂී ජයග්‍රහණ උරුමය. උත්සාහය කැපකිරීම නොඅඩුව ඇති වේ. ඒවා සෙසු අය අතර ඇගයීමට ලක් වෙන අතර වරප්‍රසාද තනතුරු ලාභ සඳහාද භාග්‍යය ඇත.........  වැඩිදුර කියවන්න

සිංහ

අභියෝග භාධක සියල්ල මැඩ ඉදිරියට යෑමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබෙන මාසයකි. නිවැරදි යහපත් තීරණ ගැනීම ද, බුද්ධිමත්ව අන් අයගේ දුක්ගැනවිලිවලට ඇහුම්කම් දීම සහ පිහිට වීම දැකිය හැකිය.........  වැඩිදුර කියවන්න

කන්‍යා

විවිධ අභියෝග බාධක හමුවේ වුවත් බොහෝ කටයුතු ඉටුකර ගැනීමට හැකිවේ. අනවශ්‍ය කලබලකාරී බව නිසා වැඩකටයුතු අවුල් වන සහ වෙනත් ගැටලු නිර්මාණය වන තත්වයක් පෙනේ.........  වැඩිදුර කියවන්න

තුලා

ඔබගේ උත්සාහය සහ ක්‍රියාශ්‍රීලිත්වය මගින් බොහෝ කටයුතු සපල කර ගැනීමට ඉඩ ලැබෙන මාසයකි. වෙනදාට වඩා ප්‍රබෝධයෙන් උනන්දුවෙන් එදිනෙදා වැඩ කටයුතුවල නිරත වන බවක් පෙනේ. ........  වැඩිදුර කියවන්න

වෘශ්චික

මෙම මාසය ඔබට සුභ අශුබ මිශ්‍රව ලැබෙන කාලයකි. එනමුත් බාධකවලට වඩා කටයුතු සඵල වීම් වැඩි නිසා සතුටු විය හැකි මාසයකි. මෙතෙක් මනසේ පැවති නොසන්සුන්කම ක්‍රමයෙන් පහව යන අතර .........  වැඩිදුර කියවන්න

ධනු

මෙම මාසයේ පළමු සති දෙකට වඩා වෙනස් ප්‍රථිපල අවසාන සති දෙකේදී ධනු ලග්න හිමියන්ට ලැබේ. ඒ අනුව මාසය මුල සිට ඔබ වඩාත් කාර්ය බහුලය. වැඩ කටයුතු අවුල්වීම නිසා මානසික නොසන්සුන්තවයට හේතු වේ. ........  වැඩිදුර කියවන්න

මකර

මෙම මාසයේ බලාපොරොත්තු වූ වැඩ රාජකාරී රැසක්ම නිම කර ගනියි. නිතර ධෛර්යය සම්පන්නව කටයුතු කරයි. උනන්දුව සහ උත්සාහය නොමදව ඇති වේ. පවුලේ සහ පිටස්තර තැන්වල ප්‍රමුකත්වය ගෙන ක්‍රියා කිරීමට පෙළඹේ.........  වැඩිදුර කියවන්න

කුම්භ

අශුභ ඵලවලට වඩා සුභ ඵල ලබා ගත හැකි වන බැවින් කුම්භ ලග්න හිමියන්ට මෙය සුභ මාසයක් ලෙස නම් කිරීම වැරදි නොවේ. උනන්දුව උත්සාහය සහ කැපකීරීම අමතක කලා සේ සිටී. ඉන් මිදී ග්‍රහ ගමන අභිබවා යන ලෙස උනන්දුව........  වැඩිදුර කියවන්න

මීන

ඔබ ගන්නා තීන්දු තීරණ නිවැරදි වීමෙන් ඇති විය හැකි බොහෝ බාහිර කරදරවලින් මිදීමට ඔබට හැකියාව ඇත. කටයුතුවල නිරත වීමේදී උනන්දුව උත්සාහය ඇති බැවින් සාර්ථක අනාගතයට මග පෑදෙයි........  වැඩිදුර කියවන්න

0 comments :

Post a Comment