.

ඔබට අවශ්‍ය වේලාවක සේවාවන් සක්‍රීය කර ගැනීම සඳහා ඔබේ පලාපල ගිණුමට ටොප් අප් කරන මුදලට දෙගුණයක වටිනාකමක්! මෙම දීමනාව සීමිත කාලයකට පමණයි.

...

2015 ඔක්තෝබර් ඔබේ ලග්නයට කොහොමද?

පවතින ග්‍රහචාරය අනුව 2015 ඔක්තෝබර් මාසය ලග්න රැසකට වාසි රැසක් උදාකර දෙයි. විශේෂයෙන්ම ජීවිතයේ අමතක නොවන සිහිවටන එක් කිරීමට සමත් වෙයි. ඒ අනුව මෙම වසරේ ඔක්තෝම්බරය එක් එක් ලග්නයට බලපාන්නේ කෙසේද යන්න බලමු.

ගුරු මාරුව ඔබේ ලග්නයට කෙසේද?

රවි හිමි සිංහ රාශිය ගුරුට මිත්‍ර රාශියකි. එබැවින් මෙම ග්‍රහ මාරුව බොහෝ දෙනෙකුට සුබඵල ගෙන දීමට සමත්ය.

නිවැරදි ජ්‍යොතිෂය වෙනුවෙන් ඔබේ දායකත්වය

මෙම ලිපිය කියවන ඔබ ‍‍ ජ්‍යොතිෂ පළිබඳ විශ්වාස කරන, නොකරන ‍හෝ මධ්‍යස්ථ මත දරන්නනෙක් විය හැක. තවත් සමහර විටක ඔබේ ජන්ම පත්‍රය ජ්‍යොතිෂඥයෙකු ලවා විග්‍රහ කර නොගත් අයෙක් විය හැක. ...

මේ වසරේ සිදු වෙන සුවිශේෂී ග්‍රහ මාරුව

ග්‍රහ මණ්ඩලයේ බලවත්ම සුභ ග්‍රහයා වන බ්‍රහස්පති හෙවත් ගුරු රවි හිමි සිංහ රාශිගත වීම මේ වසරේ සිදු වෙන සුවිශේෂී ග්‍රහ මාරුවයි.

Wednesday, December 16, 2015

වසර දොළහකට පසු අසිරිමත් ග්‍රහ යෝග රැසක්!

වසර දොළහකට පසු ගුරු, රවි හිමි සිංහ රාශියේ ගෝචරය වේ.....
වසර දොළහකට පසු රවි, ගුරු හිමි ධනුවේ පරිවර්ථන යෝගයක්.....
වසර දොළහකට සඳු බලවත්ව ධන කුවේර යෝගයක්.....
රවි - බුධ එක්ව බුධ ආදිත්‍ය යෝගයක්.....

ඊට අමතරව එක් එක් රාශිවලට තවත් යෝග ගණනාවක්. විශේෂයෙන්ම වසර දොළහකට පසු රවි ගුරු පරිවර්ථනයත් තිබියදී දෙසැම්බර් මස 22 වෙනි දින රාත්‍රී 10.06 ට චන්ද්‍රයා වෘෂභ රාශියට විත් උච්ච වෙයි. ඒ සමගම සඳු, ගුරු, රවි ත්‍රිත්වයෙන් විශ්වයේ මහා ග්‍රහ බලයක්  නිර්මාණය වී ධන කුවේර යෝගය උදා වෙයි. එය සඳුට සම්බන්ධ යියළුම පරිමාණයේ ව්‍යාපාර ආරම්භ කරන අයට සහ දැනටමත් පවත්වා ගෙන යන ව්‍යවසායකයන්ට ධනය ගලා එන ඉතා බලවත් ග්‍රහ යෝගයකි. එසේම රවි - බුධ එක්වීමෙන් ඇති වන බුධ ආධිත්‍ය යෝගය හෙවත් නිපුණ යෝගය මගින් අධ්‍යාපනයේ නිරත දරු දැරියන්ගේ ඥාණ ශක්තිය සහ ධාරණ ශක්තිය වර්ධනයට රුකුල් දෙයි.

Thursday, December 10, 2015

ගුරු මාරුවේ දෙවන භූමිකාව......

දෙසැම්බර් 16 වෙනි දින සවස 2.42 ට රාජ්‍යකාරක රවි තම මිත්‍ර රාශියක් වූ ධනු රාශියට පිවිසෙයි. ඒ අනුව වසර දොළහකට පසු රවි - ගුරු පරිවර්ථන යෝගයක් උදා වේ. 

බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහයා සාමාන්‍යයෙන් දළ වශයෙන් එක් රාශියක සිට තවත් රාශියක් කරා ගෝචරය වී වසරක පමණ කාලයක් ගත කරයි. මේ අනුව නැවත ගුරු එම රාශියටම එන්නේ වසර දොළහකට පසුවයි. පසුගිය ජූලි 14 දින ගුරු රවි හිමි සිංහ රාශියට සපැමිණ ගමන් ඇරඹීය.

මෙවර සිදුවන්නේ බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහයා ගමන් කරන සිංහ රාශියේ අධිපතියා වන රවි ගුරුට හිමි ධනු රාශියේ ගෝචරය වෙමින් රවි ගුරු පරිවර්ථන යෝගය උදා වීමයි. මෙයද සිදුවන්නේද වසර දොළහකට පසුවයි. මෙම පරිවර්ථනය ලග්න හතකට විශේෂ සුභඵලද, සෙසු ලග්නවලට පරිවර්ථන ඵල ප්‍රධානය කිරීමට සමත් වේ. මෙම රවි - ගුරු පරිවර්ථනය එක් එක් ලග්නයට බලපාන්නේ කෙසේද යන්න දැන ගැනීම වැදගත්ය.

Friday, November 6, 2015

2015 දෙසැම්බර් ලග්න පලාපල

2015 දෙසැම්බර් මාසයේ පවතින ග්‍රහචාරයට අනුව ඔබගේ ලග්නයට කෙසේද?

පලාපල.lk මගින් ඔබට නිරතුරුවම වෙනස් වෙමින් යන සජීවී ග්‍රහ ගමන ඉදිරිපත් කරන නිසා එය පහසුවෙන් බලාගත හැකිය. නිවාස පිටුවේ දකුණු පස ඉහළ තිබෙන ග්‍රහ රාශි චක්‍රයට අනුව මේ වන විට එනම් දෙසැම්බර් 5 දින ග්‍රහයන් ගමන් කරන්නේ මෙසේය.

මේ අනුව රවි බුධ සහ ශනි වෘශ්චික රාශියේ ගමන් කරයි. සඳු කුජ සහ රාහු කන්‍යා රාශියේද, සිකුරු තුලාවේද, ගුරු සිංහයේ වන අතර කේතු මීනයේ ද, ගෝචරය වෙයි.

2015 දෙසැම්බර් මාසයේ පවතින ග්‍රහචාරයට අනුව ලග්න රැසකට සුභ ඵල උදා කෙරේ. ඒක් එක් ලග්නයට මෙම ශුභාශුභ බලපාන්නේ කෙසේදැයි බලමු.

(මේය පොදු පලාපල විස්තරයකි. පලාපල.lk හි ලියාපදිංචි ඔබට සැළසෙන විශේෂ සේවා අතර සියලු ග්‍රහ මාරු, නැකැත්, පාද සහ සතුරු මිතුරු සබඳතා ද බලා ගත හැකියි.)

Tuesday, October 6, 2015

2015 ඔක්තෝබර් ඔබේ ලග්නයට කොහොමද?

ඔක්තෝබර් මාසයේ ග්‍රහයන් ගමන් කරන්නේ කිනම් රාශිවලද? පලාපල.lk මගින් ඔබට නිරතුරුවම වෙනස් වෙමින් යන සජීවී ග්‍රහ ගමන නිවාස පිටුවේ දකුණු පස ඉහළ තිබෙන ග්‍රහ රාශි චක්‍රය මගින් ඉදිරිපත් කරන නිසා එය පහසුවෙන් බලාගත හැකිය.

එය අනුව රවි , බුධ සහ රාහු කන්‍යා රාශියේද, කුජ, සිකුරු සහ ගුරු සිංහ රාශියේද, ශනි වෘශ්චික රාශියේද, කේතු මීන රාශියේද ගෝචරය වෙයි. සඳු මේෂයෙන් පටන්ගෙන දින දෙකහමාරකට වරක් සෙසු රාශි පුරා ගමනේ යෙදෙයි. 2015 ඔක්තෝබර් 18 දින රවි තුලා රාශි ගත වෙන අතර, වක්‍ර වන බුධ මේ සම 11 වෙනිදා නිවෘත ගමනේ යෙදෙමින් මේ මස අවසානයේ එනම් 30 වෙනිදා තුලා රෘශි ගත වීම හැරුණුකොට වෙනත් ග්‍රහ මාරුවක් නොමැත.

ඒ අනුව මෙම මාසයේ ග්‍රහ ගමන් සමගින් අප ඉදිරිපත් කරන අනාගත ලග්න පලාපල සේවාවේ ලියාපදිංචි අයට මෙම සියලු ග්‍රහ මාරු, නැකැත්, පාද සහ සතුරු මිතුරු සබඳතා ද බලා ගත හැකියි.

පවතින ග්‍රහ තත්වයන් අනුව 2015 වසරේ ඔක්තෝබර් මාසය එක් එක් ලග්නයට බලපාන්නේ කෙසේද යන්න දැන් අපි බලමු.

මේෂ

ගෙදරදොර කටයුතු ක්‍රමවත්ව පවත්වාගෙන යෑමට කැප වෙයි. රැකියාවේ වැඩකටයුතු බහුල තත්වයක්. සුදුසුකම් මත උසස් හෝ වරප්‍රසාද සහිත රැකියාවනට සහ සාර්ථක අධ්‍යාපනයක්. උදරාබාධ සහ අම්ල පිත්ත ‍රෝග අවදානමක් ........  වැඩිදුර කියවන්න

වෘෂභ

බුද්ධිමත් වබ සහ උත්සාහය සමගින් තම කටයුතු සාර්ථකවට යා හැකි ග්‍රහ තත්වයක්. මංගල යෝජනා ඉදිරිපත් වේ. අභියෝග ජය ගැනීමට සමත් වෙයි. විදේශ රැකියා හෝ නව රැකියා. හිසේ සහ ඇස් රෝග අවදානමක් .......  වැඩිදුර කියවන්න

මිථුන

ආරම්භ කරන ලද කටයුත්තක් අතරමග නවතා දැමේ. විදේශගත මිතුරෙකුගේ හෝ ඥාතියෙකුගේ උපකාර ලැබේ. රැකියාවේ උදාසීන බව සහ මානසික නොසන්සුන්තාවය. රක්තවාත රෝග උත්සන්න වේ. ........  වැඩිදුර කියවන්න

කටක

ආර්ථික වාසි සුවිශේෂී ජයග්‍රහණ. උත්සාහය කැපකිරීම නොඅඩුව ඇති වී ආර්ථිකය ශක්තිමත්ව තැන්පත් ධනය වර්ධනයට හිතකර තත්වයක්. රැකියාව සැහැල්ලුවෙන් සහ ප්‍රබෝධයෙන්. බාධක මැද අධ්‍යාපනය සාර්ථකත්වයට.........  වැඩිදුර කියවන්න

සිංහ

බලාපොරොත්තු රැසක් ඉටුකර ගැනීමට භාග්‍ය ලැබේ. ආර්ථික වාසි රැසක් අත්පත් කර ගනී. අධයාපන කටයුතු වෙනුවෙන් වෙහෙසේ. ව්‍යාපාර සාර්ථක ලෙස පදිරියට ඔසවා තැබීමට දක්ෂ වේ. පෙණහලු ආශ්‍රිත රෝග මතු වේ........  වැඩිදුර කියවන්න

කන්‍යා

ආදායම් තත්වය සහ විදේශ සම්බන්ධ කටයුතු සාර්ථක වේ. විවිධ අභියෝග බාධක හමුවේ වුවත් බොහෝ කටයුතු ඉටුකර ගනී. රැකියාවේ පැවති බාධාකාරී තත්වයන් පහව යයි. නව රැකියා සඳහාද සිත යොමු වේ. .........  වැඩිදුර කියවන්න

තුලා

කල්පනාකාරීව අවධානම් කටයුතුවලින් මගහැරීම නුවණට හුරුය. බාධක අභියෝග මැඩ බොහෝ කටයුතු සපල වේ. හදිසි ධන ලාභ, භූමි ලාභ සහ වස්තු ලාභ හිමිය. හදිසි අනතුරු සහ අපත්‍යකාරක දෑ වලිවන් මගහරින්න. ........  වැඩිදුර කියවන්න

වෘශ්චික

ශුභපල අධිකව අත්පත් කර තැනීමට භාග්‍ය ඇත. ගෙදරදොර සාමය පවත්වා ගනී. විදේශ සම්බන්ධ කටයුතුවලට යොමුවීමට හෝ ඒවා දියුණුවට මග පෑදේ. රැකියාවේ හෝ ව්‍යාපාරයේ කැපී පෙනෙන දියුණුවක් අත්කර ගනී..........  වැඩිදුර කියවන්න

ධනු

බලාපොරොත්තු රැසක් ඉටුකර ගැනීමට භාග්‍ය. බුද්ධිමත් සමාජ ඇසුර, ඇසුරු කරන්නන්ගෙන් පැසසුම්. රැකියාවේ වර්ධනයක් සහ සොඳුරු මානසිකත්වයක්. නව විෂය ධාරාවන් ගැඹුරින් ඉගෙන ගැනීමට සුදුසු කාලයකි........  වැඩිදුර කියවන්න

මකර

තම කටයුතු සාර්ථක කර ගැනීමට කැපවීම උනන්දුව සහ උත්සාහය නොමදව අවැසිය. පවුලේ ඥාතීන් අතර සුහදතාවය පළුදුවීමට. රැකියාවේ ස්ථාන මාරුවීම්. අධ්‍යාපන සඵලත්වය. ලේ දූෂ්‍ය රෝග ඇති වේ..........  වැඩිදුර කියවන්න

කුම්භ

මානසික අසහනය සහ නොසන්සුන්තාවය කටයුතු අවුල් වීම. ගෙදරදොර කටයුතු යහපත්ය. විදේශ රැකියා බලාපොරොත්තු ඉටු වේ. විදේශ අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපනය ඉහළට. ඇස් හිස් මුඛ රෝග ........  වැඩිදුර කියවන්න

මීන

නිවැරදි තීන්දු තීරණ සහ උනන්දුව උත්සාහය ඇති බැවින් බලාපොරොත්තු රැසක් සාර්ථක කර ගනියි. ව්‍යාපාර සහ රැකියා දියුණුවට පාරිභෝගික ප්‍රජාවගේ සහ රැකියා ප්‍රධානීන්ගේ ප්‍රසංශාව. අධ්‍යාපන කටයුතු සාර්ථකය.........  වැඩිදුර කියවන්න


මීන ලග්න පලාපල - ඔක්තෝබර් 2015

මීන

නිවැරදි තීන්දු තීරණ සහ උනන්දුව උත්සාහය ඇති බැවින් බලාපොරොත්තු රැසක් සාර්ථක කර ගනියි. ව්‍යාපාර සහ රැකියා දියුණුවට පාරිභෝගික ප්‍රජාවගේ සහ රැකියා ප්‍රධානීන්ගේ ප්‍රසංශාව. අධ්‍යාපන කටයුතු සාර්ථකය.


මීන ලග්න හිමියන්ගේ ඔක්තෝබර් මස ග්‍රහචාරය අනුව බලාපොරොත්තු රැසක් ඉටුකර ගැනීමට ලැබෙන බව කිව හැකිය. යෝගකාරක කුජ සහ ලග්නාධිපති ගුරු භාධක ස්ථානය වන හයවැන්නේත් වුවත් සිංහ රැසෙහි වීම මගින් බාධක මෙන්ම සතුරන් ජය ගැනීමට හේතු වේ. මේ අනුව මීන  ලග්න හිමියන්ට මෙම මාසයේදීත් තම ගෙදර දොර කටයුතු සාමකාමීව සුහදව උදව් උපකාරැතිව සහ පරිත්‍යාගශීලීව යුතුකම් ලෙස  ඉටු කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.  උසස් බුද්ධිමත් සමාජ ඇසුර සහ ඇසුරු කරන්නන් අතර කැපී පෙනෙන තත්වයක් ඇත. විවාහ අපේක්ෂකයන්ට යහපත් මංගල යෝජනා, විවාහකයන් අතර ප්‍රීතිමත් යුගදිවි සැපත සහ දරුවන් අපේක්ෂා කරන අයට යහපත් දරුවන් ලැබීමේ භාග්‍ය ද ඇත. 

රැකියා ස්ථානය වූ දසවැන්න සහ නව වැන්නේ උපරිම ග්‍රහ ශක්තිය ඇති බැවින් රැකියා සහ ව්‍යාපාර සම්බන්ධ සියළු කටයුතු ඉතා සාර්ථක ලෙස සිදුවන බව පැවසිය යුතුය. රැකියා ප්‍රධානීන්ගේ ප්‍රශංසාව මෙන්ම ව්‍යාපාරවල ජනප්‍රියත්වයද ඇති වේ. නව රැකියා සහ විදේශ රැකියා අපේක්ෂකයන්ට එම අවස්ථාවන් ලැබෙන බවත් තම දක්ෂතා සහ සුදුසුකම්වලට හිමි විහේෂ වැටුප් සහ වරප්‍රසාද ද හිමිය.

පාසල් අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනය යන සියලුම අංශවලදී දක්ෂතා පෙන්වීමට ධනු ලග්න හිමියන්ට අවස්ථාව ලැබෙනු ඇත. තරඟ විභාගාදීය හොඳින් සමත්වීමට මෙන්ම,  ගැඹුරු විෂයයන් බුද්ධිමත්ව ඉගෙනීමටත්, තම දැනුම සහ කුසළතා එළීදැක්වීමටත් වාර්ථාගත ජයග්‍රහණ අත්පත් කර ගැනීමටත්, විදෙස් අධ්‍යාපනයත්  මෙය සුදුසු කාලයකි.  

ඌෂ්ණ සහිත ලේ දූෂ්‍ය වීම් සහිත ‍රෝගවලට මුහුණ දීමට ඉඩ තිබෙන බැවින් ඉන් මිදීමට කටයුතු කිරීම සුදුසුය.

ජය අංක - 2, 7
ශුභ දින -  සඳුදා, බදාදා
ශුභ වර්ණ - රෝස, ලා නිල්

කුම්භ ලග්න පලාපල - ඔක්තෝබර් 2015

කුම්භ

මානසික අසහනය සහ නොසන්සුන්තාවය කටයුතු අවුල් වීම. ගෙදරදොර කටයුතු යහපත්ය. විදේශ රැකියා බලාපොරොත්තු ඉටු වේ. විදේශ අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපනය ඉහළට. ඇස් හිස් මුඛ රෝග. 


කුම්භ ලග්න හිමියන්ගේ ඔක්තෝබර් මස ග්‍රහචාරය අනුව මිශ්‍ර ඵල ලැබෙන බව කිව හැකිය.  යෝගකාරක සිකුරු සහ ශුභ ග්‍රහයෙකු වන කුජ හත්වැන්නේ ගෝචරය වීම ගෙදර දොර සහ පවුලේ සතුට සමාදානය රැක ගැනීමට හේතු වේ. නමුත් කිසියම් මානසික අසහනය සහ නොසන්සුන්තාවය විටින් විට මතු වෙන අතර එමගින් කටයුතු අවුල් වීමට පුලුවන. එබැවින් එවන් විටෙක මනස සන්සුන් කර ගැනීම සහ ආගම දහමට යොමු වීම බෙහෙවින් සහනදායක වෙයි. කුම්භ ලග්න හිමි තර්ණ තරුණියන්ට යහපත් මංගල යෝග උදා වෙන පරිසරයක් ඇත.  යහපත් යුග දිවියකට අවැසි සුදුසු අනාගත සහකරුවන් හඳුනාගැනීමට අවස්ථාව සැළසේ. ගමන් බිමන් හේතුවෙන් වියදම් අධික වෙනු ඇත.

රැකියා සහ ව්‍යාපාරවල වෙනදාට වඩා වෙහෙස මහන්සියෙන් කටයුතු කිරීමට සුදු වේ. රැකියා සහ ව්‍යාපාර කටයුතු කරන කුම්භ ලග්න හිමියන්ට වගකීම් රැසක් පැවරෙන කාලයකි. වෙනදාට වඩා ගත සිත දෙකම වෙහෙසට පත්වීම තුල කිසියම් අසහනකාරී තත්වයක්ද මතු විය හැකිය. යහපත් අයුරින් කරගෙන ගියදෑ යම් යම් විදියේ අවුල් සහගත තත්වයත් ඇති වේ. ඔබ විසින් ගන්නා තීන්දු තීරණ ගැටලු සහගත තත්වයක් නිර්මාණය විය හැකි නිසා හැමවිටම කල්පනාකාරී විය යුතුය. දැනට විදේශ සම්බන්ධ රැකියාවල නියුතු අයගේ ලාභාංශ ඉහළ යන අතර ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රචාරණය යහපත් ලෙස ඉබේම මෙන් සිදු වේ.

අධ්‍යාපනය සම්බන්ධයෙන් දක්වන උනන්දුව උත්සාහය මත තම බලාපොරොත්තු වූ ඉලක්ක කරා යෑමට අවස්ථාව ඇත. විවිධ පොත්පත් ඇසුරු කිරීමෙන් බොහෝ දැනුම ලබා ගන්නා කාලයකි. තරඟ විභාගාදීයට යෑමට ප්‍රථම බුද්ධිමතුන්ගේ සහයෝගයෙන් සහ කාරුණික ගුරු උපදේශයන් මගින් ඔබේ ජයග්‍රහණ තහවුරු කර ගත හැකිය. 

දන්ත, විදුරුමස් සහ චර්ම  රෝග උත්සන්න විය හැකි බැවින් කල්පනාකාරීව ඉන් මිදීමට කටයුතු කිරීම සුදුසුය.  උපතේදී සඳු සිටින තැන අනුව මෙම ප්‍රථිපල අඩුවැඩි වන බව සැළකිය යුතුය.

ජය අංක - 3, 7
ශුභ දින -  බ්‍රහස්පතින්දා, සිකුරාදා
ශුභ වර්ණ - නිල් , සුදු