පවතින ග්‍රහචාරය අනුව 2015 ඔක්තෝබර් මාසය ලග්න රැසකට වාසි රැසක් උදාකර දෙයි. විශේෂයෙන්ම ජීවිතයේ අමතක නොවන සිහිවටන එක් කිරීමට සමත් වෙයි. ඒ අනුව මෙම වසරේ ඔක්තෝම්බරය එක් එක් ලග්නයට බලපාන්නේ කෙසේද යන්න බලමු.
රවි හිමි සිංහ රාශිය ගුරුට මිත්‍ර රාශියකි. එබැවින් මෙම ග්‍රහ මාරුව බොහෝ දෙනෙකුට සුබඵල ගෙන දීමට සමත්ය.
මෙම ලිපිය කියවන ඔබ ජ්‍යොතිෂ පළිබඳ විශ්වාස කරන, නොකරන හෝ මධ්‍යස්ථ මත දරන්නනෙක් විය හැක. තවත් සමහර විටක ඔබේ ජන්ම පත්‍රය ජ්‍යොතිෂඥයෙකු ලවා විග්රහ කර නොගත් අයෙක් විය හැක. ...
ග්‍රහ මණ්ඩලයේ බලවත්ම සුභ ග්‍රහයා වන බ්‍රහස්පති හෙවත් ගුරු රවි හිමි සිංහ රාශිගත වීම මේ වසරේ සිදු වෙන සුවිශේෂී ග්‍රහ මාරුවයි.
(තර්ක: ලග්නාධිපති කුජ සිකුරු 4 වැන්නේ කේන්ද්‍රගතයි. කුජ නීචයි, සිකුරු සතුරුයි / දික්බලයි. සුභයි. ශනි 10 කේන්ද්‍රගතයි ස්වක්ෂේත්‍රයි. රැකියාව සුභයි. චර රාශි 11 බාධකයි, බුධ රාහු 2 වැන්නේ - තැන්පත් ධනය වියදම් / නිවාස අලංකරණය / යුග දිවි මත ගැටුම් සමථය. ගුරු 11 බාධා මධ්‍යයේ ආර්ථික දියුණුව. රවි 3 කැපී පෙනෙයි.)
පොදු
මාසය ආරම්භයේ සිටම සිතට කළබල ගතියක් දැනේවි. වැඩ රාජකාරි බහුල වීම නිසා ගතට අමතර විඩාවක් දැනේවි. මන්දෝත්සාහී වීම නිසා කලට වේලාවට වැඩ නිමා කිරීමේ නොහැකියාවෙන් සිතට අසහනයක් ගෙන දේවි. ඒම තත්වය පළමු සති දෙකෙන් පසුව යහපත් අතට හැරී ශක්තිමත් බවක් හා උනන්දුව උත්සාහය වැඩි වී ඇසුරු කරන්නන් අතරත් කැපී පෙනෙයි. මේ තත්වය තේරුම් ගෙන මාසයේ මුල සිටම ආයාසයෙන් කටයුතුවල නිරත වූවොත් ඔබට මුලු මාසය පුරාවටම ප්‍රයෝජනවත් ලෙස හා සතුටින් කල් ගෙවීමට හැකියාව ලැබේ.
ධනය
අදායම් තත්වය හොඳයි. තැන්පත් ධනය වියදම් වුවත් නාස්ති නොවේ. අවශ්‍ය දේවල් සඳහා වියදම් කරයි. දුර බැහැර ගමන්වලින් ලාභ ප්‍රයෝජන ලැබේ. විදේශ ගතවීම්වලටද වාසනාව ඇත. කතාවෙහි දක්ෂ ගුරුවරුන්ට, නීතිඥයට, බෝකර්වරුවරුන්ට සහ ව්‍යාපාරිකයන්ටත් මෙය ආදායම් ගලා එන කාලයකි. හවුල් ව්‍යාපාරවලින් ආදායම් සහ ලාභ ලැබේ.
රැකියාව
රැකියාවල නියුතු අයට මහන්සිය නිසා කරදර ගැටලු ඇතිවේ. අමතර වැඩ හා නිදි මැරීම ආදිය නිසා වෙහෙස දැනේ. ඒහෙත් ඒ්වායින් ප්‍රථිපල තිබේ. ව්‍යාපාර හා ස්වයං රැකියාවන්හි නියුතු අයටද තම මහන්සියේ තරමට ප්‍රථිපල සහ ආදායම් ලැබේ. උනන්දුවෙන් කරන වගා කටයුතු, ගොඩනැගිලි දුව්‍ය හෝ භූමිය ආශ්රිත කරන කටයුතු සහ ව්‍යාපාරවලට මෙය ලාභ ප්‍රයෝජන ලැබිය හැකි හොඳ ග්‍රහචාරයකි. හවුල් ව්‍යාපාර කරන අයට කටයුතු සාර්ථකව දියුණුව කරා ලෙන යා හැකිය.
අධ්‍යාපනය
අධ්‍යපනය කටයුතුවලට ගැටලු බාධා ඇති නොවේ. වෙනත් බාහිර දේවලිිින් මිදී ඉගෙනුම ලබන අයට මෙය හොඳ කාලයකි. අධ්‍යාපනයේ නියුතු දරුවන් සිටින දෙමාපියන්ගේගේද අරමුණු ඉටුවේ. දරුවන් බාහිර ක්‍රියාකාරකම්වලද නිරත වේ.
ගෘහ ජීවිතය
තරුණ තරුණියන්ට යහපත් ප්‍රේම සම්බන්ධතා ගොඩ නැගෙන, ප්‍රේම සම්බන්ධතා සහ විවාහ අපේක්ෂකයන්ට ඒ්වා ස්ථිර වීමට සුභ කාලයකි. විවාහක අයගේ අතර ආදරය සමගිය වර්ධනය වෙන හා ගෘහ ජීවිතය යහපත් වන පිංවත් දරුවන් ලබන ඉතා හොඳ කාලයකි. මොවුනොවුන් අතර කිසියම් මතභේද ඇති වුවත් ඒ්වා දුර දිග නොයවා සමගියෙන් විසීමට පවතින ග්‍රහචාරයේ අනුබලය ලැබේ. ගේ දොර නවීකරනයට, හා වතු පිටි අලංකරණයට වැඩි කාලයක් ගත කරමින් සතුටු වීමටද හැකියාව ඇත.
සෞඛ්‍යය
ඇස් ආබාධ, ස්නායු ආබාධ ඇති විය හැකිය. එම ආබාධ හා නිධන්ගත රෝග දැනටමත් තිබෙන අයට ලබා දී ඇති වෛද්‍ය උපදෙස් අනුගමනය කිරීමෙන් ඒ්වා උත්සන්න නොවේ.
Address - C, Ja-Ela Road, Horagolla, Ganemulla. Postal Code10200 |